සහෘදයාගේනික්මයාම

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සහෘදයාගේනික්මයාම


    හිතවත් සහෘදයාණෙනි


    joe%2B2.jpg



    CENTER]2_465440942_n.jpg


    ඔබ මිනිසෙකි සැබෑම මිනිසෙකි
    වැටුනවිට නැගිටින්නට
    නැගිටිනවිට එසවෙන්නට ශක්තියක් වුනු
    ...
    ජීවිතය චරිතයෙන් චිත්රනය කල ඔබ
    ජීවන රග මඩ‍ලේත් අ‍පේ සිනම‍ාවේත්
    රංගනය කල චරිතය
    යළි කවුරැනම් රග දක්වන්නද
    එය රග දැක්විය හැක්කේ ඔබටම පමණි




    රත්නපුර ප්‍රදේශයට ආසන්න ලෙල්ලොපිටිය ප්‍රදේශයේ 1927 ජුනි 22 වනදා උපන් ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම හෙවත් “ජෝ” අබේවික්‍රම සිව් දෙනෙක්ගෙන් යුත් පවුලේ වැඩිමලා විය. ඔහුගේ කුඩා කළ හැදුණු වැඩුණු පරිසරය හා වටපිටාව හේතුවෙන් ඔහු තුළ වෙහෙස වී ...වැඩ කිරීමට මෙන්ම පරිසරය පිළිබඳ ප්‍රසංශාත්මක චින්තනයක් වර්ධනය කර ගැනීමට හැකිවිය. 1957 වසරෙහි ඔහු රංගනය ආරම්භ කළ අතර මුල් අවධියේ දී විකට නළුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්විය. නමුත් 1965 වසරේ පටන් ඔහු වඩාත් නාටකීය චරිතවලටද පණ පෙවීම ආරම්භ කළේය. ජෝ සරසවි සම්මාන කිහිපයක්ම දිනා ගැනීමට සමත්විය. 1999 වසරේ පැවති සිංගප්පූරු අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී හෙතෙම හොඳම ආසියානු නළුවා වෙනුවෙන් පිරිනැමුණු රිදී තිර සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහු මෙම සම්මානය හිමිකර ගත්තේ "පුරහඳ කළුවර" චිත්‍රපටයේ ඔහු රඟ පෑ ශෝකයට පත් පියාගේ චරිතය වෙනුවෙනි. ජෝ අබේවික්‍රම නම් විශිෂ්ට රංගධරයාට නිවන් සුව ලැබේවා !!!



    ආදරණීය කලා කරුවානෙනි....ඔබට නිවන් සුව ලැබේවා!​
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    joe_abewickrama.jpg


    හෙළ සිනමාවේ ඔබෙන් හිස් වූ අඩුව පුරවන්නේ කවුද ? නැත කිසිවෙකුත් නැත. හෙළ සිනමාව, හෙළ ගීය සියල්ල මුදල් මත විකෘති වන කළ ජෝති ඇතුලු සියළු ප්‍රවීනයන්ගේ නිර්මාණ වටිනාකම්, සුළු මුදල් ප්‍රමාණයක් මත පේමන්ට් එකේ විකිනෙන කළ, ඔබ වැනි අසහාය කළාකරුවන් නැවත කෙසේ බිහි වන්නද ? හෙල සිනමාවේ යුග පුරුෂයාණෙනි ඔබට නිවන් සුව ! අප හදවත් තුළ ඔබ ජීවමානය.......
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    joe_abewickrama.jpg


    හෙළ සිනමාවේ ඔබෙන් හිස් වූ අඩුව පුරවන්නේ කවුද ? නැත කිසිවෙකුත් නැත. හෙළ සිනමාව, හෙළ ගීය සියල්ල මුදල් මත විකෘති වන කළ ජෝති ඇතුලු සියළු ප්‍රවීනයන්ගේ නිර්මාණ වටිනාකම්, සුළු මුදල් ප්‍රමාණයක් මත පේමන්ට් එකේ විකිනෙන කළ, ඔබ වැනි අසහාය කළාකරුවන් නැවත කෙසේ බිහි වන්නද ? හෙල සිනමාවේ යුග පුරුෂයාණෙනි ඔබට නිවන් සුව ! අප හදවත් තුළ ඔබ ජීවමානය.......

    :yes::yes::sorry: :(