ස්ත්‍රීන්ගේ නාසය කපනු ලැබේ
පුරුෂ ශක්තිය, රාගය හා කැළෑ නීතිය ඉදිරිපිට පර්දාව සහිත දුප්පත් ගැහැනියක් අසරණව බලා සිටී. උද්දාමයට පත්
හිතුවක්කාර, ප්‍රාදේශීය ත්‍රස්ත නායකයෙක් විනිශ්චයකාරයා ලෙස වැජඹෙයි. ඔහු ළඟ තෙතමනයක් නැත. සමාවක් නැත. සාක්ෂ්‍ය විමැසීමක් හෝ ඇහුම්කන්දීමක් හෝ නැත. උසැ’ති ගොරෝසු මිනිස්සු රැසක් වෘකයන් සේ ලේ විපාසිතව දඬුවම ක්‍රියාත්මක
කිරීමට බලා සිටිති. මේ වනවිටත් ඇගේ රෝස පැහැති දිගු නාසය මුහුණෙන් ගැලවී බිම පතිත වී තිබේ.
ඉතිරිය සිතා ගැනීමට බැරි තරම් භයානක ය. ජුගුප්සාජනක ය
මේ සිදුවීම් පෙළ දිග හැරෙන්නේ දකුණු ඇෆ්ඝනිස්ථානයේ ඌර්ෂගාන් පළාතට අයත් පිටිසරබද ගමක ය. කර්කශ බොල් පොළොවෙන් නැඟෙන දූවිල්ලත් ස්ත්‍රීන්ගේ අෙඳීනාවත් හැරෙන්නට ඒගෙමහි වෙනත් විශේෂත්වයක් නැත. එක්තරා දිනෙක මධ්‍යම රාත්‍රිය එළඹෙන්නට තවත් විනාඩි කිහිපයක් ඉතිරිව තිබිය දී තලේබාන් භට පිරිසක විසින් එගම කුඩා නිවසක් වටලන ලදී. එකෙක් ඉතා වැරෙන් එහි බිහි දොරට තඩි බාන්නට විය. ඔවුන්ගේ උකුසු ඇස් එල්ල වී තිබුණේ දහඅට වියැති අයීෂා නම් අසාමාන්‍ය ගැහැනිය වෙත ය.
දහඅට වියැති තැනැත්තියක් ගැහැනියක වන්නේ කෙසේද? ඇයට පාසල් යෑම තහනම් ය. ඉතා අඩු වයසින් බලහත්කාරයෙන් විවාහ බන්ධනයට යටත් කරන ලද ඈ ලිංගික සූරාකෑම, ගෘහස්ථ හිංසනය, බලහත්කාරය හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම යන සියලු ව්‍යසනවලට මුහුණ දී සිටියා ය. අයීෂා සිය සැමියාගේ නිවසින් පලා යන්නේ වද - බන්ධනවලට මුහුණ දී ගත නො හැකිව ය. එහෙත්, නිදහස සොයා පලායෑම තලේබාන් නීතියට අනුව වරදකි. අයීෂාට දඬුවම් නියම වී තිබිණි.
ඔව්හු අයීෂා බිම දමා පාගා ඈත පෙනෙන කඳුවැටියක් වෙත ඇදගෙන ගියහ. ඇගේ විරෝධතා, දුක්ගැනවිලි , සමාව අයැදීම ශත පහකට ගණන් නො ගැණිනි. හිරිගඩු පිපෙන සීතල සුළඟ ද, අධි දීප්තියෙන් යුතු පහන් වැට ද ඇයට කරදකාරී විය. එහෙත්, ඒ අතරින් ඇවිද යන්නට ඇයට සිදුවිණි. මෙසේ ගමන් කළ ඈ තවත් මිනිසුන් දෙදෙනකු අතරට තල්ලු කැරිණි. එක් අයෙක් ස්වාමි පුරුෂයා ය. හෙවත් කාලත්‍රයාය. අනෙකා පැමිණිලිකරු ය. හෙවත් ඇයගේ මස්සිනා ය.
අයීෂා බයෙන් වෙව්ලමින් ළතෝනි දුන්නා ය. ඔව්හු ඇයට නොසෑහෙන්නට පහර දුන් හ. යළිත් ඈ ආයචනය කළා ය. දෙවැනි පහරදීමත් සිදු විය. ඉනික්බිති ඈ දුවන්නට වූවා ය. අයීෂාට තිබූ එක ම විසඳුම දිවීම පමණි. නීතිය අතට ගෙන තිබුණේ තලේබාන් සංවිධානයේ ප්‍රාදේශීය නායකයෙකි. “ මේ ගමේ සියලු කෙල්ලනි, අයීෂාට වෙන දේ බලාගනිල්ලා ! එය ආදර්ශයකට ගනිල්ලා ! අපේ නීතිය කාටත් පොදුයි ! තලේබාන් නායකයා කියා සිටියේ ය.
ප්‍රාදේශීය ත්‍රස්ත නායකයා සිය අවසන් තීන්දුව නිකුත් කළේ ය. කාඩර්වරු ඒ අනුව දඬුවම ක්‍රියාත්මක කිරීමට පටන් ගත් හ. අයීෂාගේ මස්සිනා වෙට්ටුවක් දමා ඇය බිම පෙරළා ගත්තේ ය. ඒ අතර ඇගේ ස්වාමි පුරුෂයා තියුණු පිහියක් ගෙන අයීෂාගේ සියුමැලි කන්පෙති දෙක කපා දැම්මේ ය. ඔහුගේ මුවහත් පිහිය ඊළඟට ගමන් කළේ අයීෂාගේ දිගු නැහැය වෙත ය.
ඇගේ රෝස පැහැති මනා හැඩයෙන් යුත් නාසය හරි මැදින් දෙකට කැපී එක් කොටසක් බිමට වැටිණි. ඒ සමඟම අයීෂා සිහි විසඥව බිම ඇද වැටිණි. ඔව්හු ඉනික්බිති සිය රාජකාරිය නිමා කොට අසරණ ගැහැනිය වනය තුළ ම මියෙන්නට හැර වහා පලා ගියහ. එහෙත්, අයීෂා මියගියේ නැත. තවත් පැයකින් පමණ ලේ පිස දමමින් නැඟී සිටි අයීෂා නිමක් නැති වාලුකා තලය අතරින් එල්ලයක් නැති ගමනක යෙදිණි.
මීට දස වසරකට පෙර තලෙයිබාන් පාලන සමයෙහි මෙවන් ඛේදවාචකයක් සිදුවූයේ නම්; එහි අරුමයක් නැත. එහෙත් මේ අපරාධය සිදුවූයේ ගිය වසරේ ය. එනම්; 2009 දී සාධාරණ යැයි කියන ආණ්ඩුවක් යටතේ ය. අයීෂා ජීවිතයේ කිසි කලෙක නො මැකෙන වේදනාත්මක කැළල් සහිත ව කාබුල් නුවර අමෙරිකන් රැකවරණ – නිවස්නයක දැන් ජීවත් වේ.
ඇගේ පැතලි දෑස් එකිනෙකට දුරස් ව පිහිටා තිබේ. මුහුණෙහි අස්ථි පසාරු කරගෙන ගිය බියකරු සිදුර නො වන්නට ඈ බෙහෙවින් සුන්දර කාන්තාවෙකි. සිත තුළ කැකෑරෙන ශෝකය හා කෝපය පිට කරන්නට මෙන් අසරණ ගැහැනිය සිය ආත්ම කතාව නිතර වමාරයි
“උන් තමා මට මේ අපරාධය කළේ! මං කොහොමද ආයෙත් උන් එක්ක හොඳ වෙන්නෙ?
කාබුල් ආණ්ඩුවේ අපේක්‍ෂාවන් ඊට වඩා බෙහෙවින් වෙනස් ය. ජනාධිපති හමීඩ් කර්සායි පසුගිය ජූනි මාසයේ “සාම කවුන්සිලයක්” ආරම්භ කළේ ය. එහි අරමුණ තලෙයිබාන් කණ්ඩායම හා සිවිල් ජනතාව අතර සංහිඳියාවක් හෙවත් සහජීවනයක් ගොඩනැඟීම ය. ඊට අදාළ කරුණු ගවේෂණය හා සාකච්ඡා පැවැත්වීම සාම කවුන්සිලයේ රාජකාරිය වී තිබේ. එහෙත් අයීෂා කියනුයේ ආණ්ඩුව තලෙයිබාන් කණ්ඩායමට පහසුකම් සපයමින් සහයෝගය දක්වන බව ය.
ඇෆ්ගන් ගැහැනිය මත පැට වී ඇති පීඩනයෙහි තරම සීමා - මායිම් නැතිව ගලා යයි. පළමුව ඈ සාම්ප්‍රදායික මිථ්‍යා - විශ්වාස සියල්ලට යටත් විය යුතු ය. දෙවනුව ඈ පුරුෂයාගේ සකල - විධ ලිංගික බලපෑම්වල වහලියක් විය යුතු ය. ඇෆ්ඝන් ආකල්පයට අනුව ස්ත්‍රිය පහත් තැනැත්තියෙකි. ගැහැනිය නිරතුරුව වරදෙහි බැඳීමට යුහුසුලුව සිටින බව කියති. නිවසින් බැහැරට යන ඕනෑ ම ස්ත්‍රියක් ආපසු ගෙදර පැමිණිය යුත්තේ දඬුවමක් බලාගෙන ය. ඇෆ්ඝන් පුරුෂයා තුළ කැකෑරෙන අවිශ්වාසය, සැකය, කාම ඊර්ෂ්‍යාව හා පළිගැනීමේ චේතනාව කිසිදු දියුණු සමාජයකට ගැළපෙන්නක් නොවේ. එහෙත් එය ඇෆ්ඝන් පුරුෂයාට නොතේරේ.
ස්වකීය පුරුෂයා නො මැති ව බැහැරට යන ගැහැනිය ගණිකාවෙකි. කිළිටි ගැහැනියෙකි. ඈ මරා දැමීමට ඉඩ තිබේ. නැතහොත් තලා - පෙලා ගෙයින් දොට්ට දැමීමට ඉඩ තිබේ. වරද කළ ස්ත්‍රිය පුරුෂයාට හා පවුලට නින්දාව හා අප කීර්තිය ළඟා කරන බව කියැ වේ. එවන් ගැහැනියට එක්කෝ දඬුවම් දෙයි. නැතහොත් වහල් සේවය සඳහා විකුණා දැමීම හෝ ගණිකා වෘත්තියට තල්ලුකර දැමීම හෝ කර යි.