ස්ත්‍රී රූපය

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    සමථ භාවනාව වඩනවා නම් ස්ත්‍රී රූපය කරදයක්,



    එකම ස්ත්‍රී රූපය
    කාමුක ආශාව ඇති අයෙකුට කාමුක වස්තුවක්,
    භාවනා කරලා හිත දියුණු කරන්න හදන කෙනෙකුට කරදයක්,
    බල්ලෙකුට මස් වැදැල්ලක්.
    - ආර්යදේව හාමුදුරුවෝ -
    .

    සමථ භාවනාව වඩනවා නම්
    ස්ත්‍රී රූපය කරදයක්,
    විදර්ශනා වඩන කෙනෙකුට
    ඒ ස්ත්‍රී රූපය කරදයක් නොවෙයි..
    අරමුණක් නොවෙයි..

    විදර්ශනා වඩන කෙනෙකුට අරමුණ වෙන්නෙ
    ස්ත්‍රී රූපය දැකීම නිසා
    සිතත් කයත් වෙනස් වෙන ආකාරයයි..

    සුඛ වේදනාව, රාගය, කාමච්ඡන්දය ගැන සිහියෙන්
    ඒ සියල්ලට උපේක්ෂාවෙන් ඉන්න
    විදසුන් වඩන්නාට ස්ත්‍රී රූපය
    කරදරයක් නොවෙයි.

    සමථ වඩන්නා පසුවෙන්නෙ
    සියල්ල ගැන සිහියෙන් ඒ සියල්ලට උපේක්ෂාවෙන්
    සමථ වඩන්නා පසුවෙන්නෙ මෝහයෙන්...

    සිතේ සුවය රැකගන්නට
    කායික සංවේදනාවලින් පළායන නිසා
    තම කය කය ගැන සිහිය නැති සමථ වඩන්නා
    සමථ භාවනා ක්‍රම මගින්
    කය පිළිබඳව මෝහය පුහුණු වෙනවා.
    ඔහු විඳින සුවය ඒ මෝහයයි.
    නිර්වින්දක ඔසුවක් මෙන් ක්‍රියා කරන
    කසිණ භාවනාදියෙන් හෝ
    හුස්ම පමණක් අරමුණු කරගත්
    ආනාපාන සතියෙන් පවා
    ඔහු සිය කයට,කයෙහි වෙදනා වලට
    නිර්වින්දනය වෙනවා.

    සමථ වඩන්නාට
    ස්ත්‍රී රූපය කරදරයක් වෙන්නෙ
    කාමච්ඡන්ද නීවරණය නිසායි
    ඒ නීවරණය යටපත් කරගන්න බැරි වුණොත්
    ඉන් පසුව ඇතිවෙන ව්‍යාපාදය නිසා
    ස්ත්‍රී රූපය කරදරයක්....

    විදසුන් වඩන්නාට කයත් වේදනාත් දැනෙනවා.
    සිතත් ධර්මතාත් දැනෙනවා.
    විදසුන් වඩන්නා ඒ සියල්ලට උපේක්ෂාවෙන්වෙසෙනවා.
    බාහිර අරමුණු ඔහුට බරක් නොවෙයි.
    ඒ අරමුණු ලෙස ඔහු දකින්නෙ
    ඒ අරමුණු නිසා ඔහු තුළම වර නැගෙන
    ඒ අරමුණු විසින් ඇති කරන ලද කම්පන බව
    ඔහු අත්දැකීමන් දන්නවා.
    ඒ කම්පන ගැන සිහියෙන්
    ඒ කම්පන වලට උපේක්ෂාවෙන් වෙසෙන ඔහු
    ඒ අරමුණු වලින් කම්පා වෙන්නෙ නැහැ.
    ඒ කම්පන වලට උපේක්ෂාවෙන් වෙසෙන
    වේදනා පච්චයා තණ්හාව හටගන්නෙ නැහැ.
    උපාදාන වෙන්නෙ නැහැ.

    සිතේ සුවය සොයන සමථ වඩන්නා
    කය පිළිබඳව මෝහයෙන් පසුවෙනවා.
    සිත සැලෙන විට ඔහු කැළඹෙනවා.
    රාගය හෝ ද්වේශය ඇතිවූ විට
    ඔහු විඳින මෝහ සුවයෙන් සිත මිදෙනවා.
    ඔහුගෙ සිත කැළඹෙනවා.

    සිතේ සුවය සොයන සමථ වඩන්නාට
    ස්ත්‍රී රූපය කරදරයක්.
    ස්ත්‍රී රූපය දැකීමෙන් සිත කැළඹෙනවා.,
    ඔහු විඳින මෝහ සුවය අහිමි වෙනවා.
    ඔහු ඒ අරමුණ ඔස්සේ ගමන් කොට
    වරදකට පෙළඹෙන්නත් පුලුවන්.

    ඔහුට සිහි එළවාගැනීමට හැකිවුණොත්
    සිහි එළවාගත් පසුව
    ඒ අරමුණෙන් සිත මුදාගෙන
    වෙනත් නික්ලේශී අරමුණකට ඇවිත්
    සිත නිවා ගත්තත්
    නැවත අරමුණ දුටුවොත්,
    අරමුණ සිහිවුණොත් සිත කැළඹෙනවා.
    ඔහුගෙ නිවීම තාවකාලිකයි.
    ඔහු තුළ දැවෙන ගිනිකන්ද එසේමයි.
    ඇතුළත් පිරී තිබෙන අතර
    ඔහු බැහැරින් පිරිමදිනවා.
    දුකෙන් මිදීමක් නැහැ.
    ත්මා තුළ සිදුවෙන වෙනස්කම් වලට මෝහයෙන්
    තාවකාලික සිත රවටා ගැනීමක් පමණයි.

    සිදුහත් තවුසාණෝ
    අටවෙනි ධ්‍යානය දක්වාම ගියත්
    ධ්‍යානවලින් තෘප්තිමත් නොවුණේ
    මේ හේතුව නිසායි.

    දුක යටපත් කිරීම
    දුකෙන් මිදීමක් නොවෙයි..
    පළා යාමක් පමණයි.
    පුහුදුන් මිනිසා දුකෙන් මිදීමට
    ඉඳුරන් ඇසුරෙන් හා සිත මගින්
    ලෞකික සැප සොයද්දී
    කෙලෙස් යටපත් කරන සමථ වඩන්නා
    මෝහය තුළ ලෞකික සුවය සොයනවා.
    ඒ ධ්‍යාන ලෞකිකයි. බිඳෙන සුළුයි.

    සම්මා සමාධිය නිසාත් ධ්‍යාන වැඩෙනවා.
    අථ නිබ්බින්දති දුක්ඛෙ..
    පවතින දුක ගැන සිහිය වගේම
    උපේක්ෂාවෙන් වෙසෙමින්
    දුක නොවිඳින නිසා
    ඒ ධ්‍යාන දුක තියෙද්දිත් පවතිනවා..
    ඒ ධ්‍යාන ලෝකෝත්තරයි. නොබිඳෙන සුළුයි.

    සම්මා සමාධිය නම්
    සිතත් කයත් වෙනස් වෙන ආකාරය...
    සුඛ වේදනාව, රාගය, කාමච්ඡන්දය ගැන සිහියෙන්
    ඒ සියල්ලට උපේක්ෂාවෙන් ඉන්න විට
    සිතේ පවතින ස්ථාවර සමාධියයි.

    සම්මා සමාධිය නම්
    සියල්ලම පිළිබඳව සිහියෙන්...
    සම්පජානෝ සතියෙන් පසු වෙද්දි
    සිතේ පවතින නොසැලෙන සමාධියයි.

    අරමුණ දකිද්දි,
    සිත වෙනස් වෙද්දි කැළඹෙද්දිත්
    ඒ ගැන සිහියත්
    ඒ කැළඹිල්ලට ඇති උපේක්ෂාවත් නිසා පවතින
    සම්මා සමාධිය තුළ
    ඒ මොහොතෙ කැළඹිල්ල විදියට
    සිතේ මතුවෙන සංස්කාර නිරුද්ධ වෙනවා.
    උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති.

    විශුද්ධියට මාර්ගයත් එයමයි.
    ඒස මග්ගෝ විසුද්ධියා
    ------------------------------
    ------------------
    විඥාණය තැනී ඇති
    සංස්කාර නැසෙන විට
    විඥාණය ප්‍රඥාව වෙනවා.






    http://sansaranee.blogspot.com/2015/02/blog-post_31.html



    [FONT=&quot]Best regards,[/FONT]
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ටම පට්ට මචන්
    11.gif
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උබ දැන් දවස් දෙකක් වගේ ඉදලා ගෑනු ගැන පප්පා ටෝක් දෙනවා වැඩි....:yes:
     

    b.banda

    Member
    Feb 14, 2015
    17
    2
    0
    විඥාණය තැනී ඇති
    සංස්කාර නැසෙන විට
    විඥාණය ප්‍රඥාව වෙනවා.