ස්පෑම් සයුරේ නොගිලෙන්නට නම්…
මෙම ලිපිය 100% මා විසින් රචිත එකකි. මාගේ 2000 වැනි පෝස්ට් එක වෙනුවෙන් එළකිරියේ මෙසේ පළ කරමි.
ස්පෑම් සයුරේ නොගිලෙන්නට නම්…
හැඳින්වීම
ස්පෑම් හෙවත් අනවශ්‍ය විද්‍යුත් ලිපි අද බොහෝ දෙනා මුහුන දෙන ප්‍රශ්නයකි. අනවශ්‍ය දැන්වීම් එකවර බොහෝදෙනෙකුට යැවිම මෙහි බොහොවිට දැකිය හැකි ලක්ෂනයක් වුවත් මෙමගින් වයිරස, ට්‍රොජන් යෙදුම් ආදි විනාශකාරි යෙදුම් බෙදා හැරීමටද ස්පෑම් භාවිතාවේ. අන්තර්ජාල බැංකුකරයේ මහත් ගැටළුවක් වී ඇති ව්‍යාජ (phishing) පණිවිඩ යැවීමටද ස්පෑම් භාවිතා වෙයි. එබැවින් ස්පෑම් යනු ප්‍රධාන පරිගනක ආරක්ෂණ ගැටළුවක් ලෙස සැලකිය හැකිය.
ඉතිහාසය
ජෝන් පෝස්ටල් විසින් ස්පෑම් අනාගත උවදුරක් වියහැකි බව 1975 තරම් අතීතයේදි පෙන්වා දෙන ලදි. [1]
එකල පරිගනක ජාල ප්‍රධාන වශයෙන් භාවිතාවුයේ පරික්ෂන කටයුතු සදහාය. එබැවින් දැඩි ආරක්ෂක ක්‍රම එම පරිගනක ජාල වල ක්‍රියාත්මක නොවීය. අන්තර්ජාලය සදහා පදනම වුයේ මෙම ජාල බැවින් අන්තර්ජාලයට මෙම ලක්ෂන උරුම විය.
වර්ගීකරනය
ස්පෑම් ප්‍රධාන වශයෙන් වර්ග කල හැකිය.
ප්‍රචාරන විද්‍යුත් ලිපි (Advertising Spam)
ප්‍රචාරන විද්‍යුත් ලිපි යනු බහුලවම දැකිය හැකි ආකරය වන අතර භාණ්ඩයක් හෝ සේවාවක් අතිශය අඩු මිලකට ප්‍රචාරනය මෙහිදි දැකිය හැක. ව්‍යාජ ඖෂධ, ඉලෙක්ට්‍රොනික උපකරණ වල ව්‍යාජ නිපයුම් ආදිය මෙම ස්පෑම් මගින් ප්‍රචාරනය කරයි. ප්‍රතිශතයක් ගත් කල මෙම වර්ගයේ ස්පෑම් වල මාතෘකාව මෙසේ වර්ග කල හැක. [2]
ලිංගික ප්‍රවර්ධන 70%
ව්‍යාජ අනුකාරක 10%
මෘදුකාංග 6%
ලොතරැයි හා සූදු 4%
කොටස් වෙළදපොල 3%
මුල්‍යමය 2%
අසභ්‍ය අඩවි 1%
වෙනත් 4%
අසත්‍ය විද්‍යුත් ලිපි (Hoaxes)
මෙම වර්ගය සරලව ගත් කල අසත්‍ය හා උපක්‍රමික අන්තර්ගතයක් සහිත වෙයි. දම්වැල් ලිපි එනම් ලිපිය ලැබෙන්නාට තවත් අයට යවන ලෙස ඉල්ලමින් කරන යම් ප්‍රෝඩාවක් මෙහි අඩංගු වෙයි. සමාජ අසාධාරණය හා සාර්ථකත්වයට මග ආදිය කියමින් තවත් අයට යවන ලෙස මෙම ලිපි මගින් ඉල්ලා සිටියි. නොයවා සිටිය හොත් දඩුවම් විදීමට සිදුවන බවද මේවායේ ලක්ෂණයකි. නමුත් මෙම ලිපි වල සත්‍ය අරමුණ වන්නේ තව තවත් ලිපින එකතු කොට ස්පෑම් සදහාම යොදා ගැනිමයි.
වංචා විද්‍යුත් ලිපි (Fraudulent Spam)
Phishing හා වංචා (Scams) සදහා යොදා ගන්නා ලිපි මෙනමින් හැදින්වේ. උදාහරනයක් ලෙස බැංකුවක අන්තර්ජාල බැංකු අංශය ලෙස ව්‍යාජ ලිපි යවමින් ගනුදෙනුකරුවන්ගේ මුරපද ඩැහැගැනිම දැක්විය හැක. පරිශීලකයාට මුරපදය ඇතුළුකරන ලෙස ඉල්ලා සිටින මෙම ලිපි මගින් සැබවින් සපයන්නේ ව්‍යාජ වෙබ් අඩවියකි. ඒහරහා පරිශිලකයන්ගේ මුරපද එකතු කරගනියි. පහත දැක්වෙන්නේ එබදු ලිපියක කොටසකි. [3]
හොදින් හදුනන අන්තර්ජාල බැංකු අඩවි වලදි හැර අනෙකුත් කිසිම අඩවියකි තම මුරපදය ඇතුලත් නොකිරීමට පරිශීලකයන් වගබලා ගත යුතුය.
තවත් මෙම ප්‍රසිද්ධ ස්පෑම් වර්ගයක් වන්නේ නයිජීරියානු 419 වංචාය. 419 යනු නයිජීරියානු නීතියෙහි ඇති බොහො හිඩැස් ඇති වංචා හා දූෂණ සම්බන්ධ කොටසයි. සරලවම මෙමගින් කියවෙනනේ අප්‍රිකානු රටක වෙසෙන්නෙකු තමාගේ බැංකු ගිනුම් වල මුදල් ඇතයි කියමින්, තමා කඳවුරක වෙසෙන බව කියමින් තම ගිනුම් වල මුදලින් යම් කිසි ප්‍රමානයක් දෙන බවට පොරොන්දු යම්කිසි මුදලක් ඉල්ලා සිටිමයි. [3] අත්තිකාරම් වංචා ලෙසද හැදින්වෙනනේ මෙයයි. තවද අතිවිශාල මුදලක් ලොතරැයි දිනුමක් ලෙස ලැබි ඇතැයි කියමින් ලියාපදිංචිය සදහා මුදල් ඉල්ලිමද අත්තිකාරම් වංචාවල ප්‍රභේදයකි.
සම්භවය
ලෝක ස්පෑම් දායකත්වය සදහා ප්‍රධාන වශයෙන් දායක වන්නේ එක්සත් ජනපදයයි (10.3%). රුසියාව (8.9%) හා බ්‍රසීලය (6.38%) පිලිවෙලින් දෙවන හා තෙවන ස්ථාන හිමිකර ගෙන තිබේ. [4]
ආසියානු කලාපය තුල ලෝක ස්පෑම් දායකත්වය සදහා ඉදිරියෙන් සිටින්නේ දකුණු කොරියාවයි (4.69%) . චීනය (3.8%) හා ඉන්දියාව (2.17%) කලාපය තුල පිලිවෙලින් දෙවන හා තෙවන ස්ථාන හිමිකර ගෙන තිබේ. ශ්‍රී ලංකාව ලෝක ස්පෑම් සදහා දායකත්වය 0.05% කි.
ආරක්ෂාවීම
උදා:
ප්‍රසිද්ධ ලිපිනය [email protected] හා පුද්ගලික විද්‍යුත් ලිපිනය [email protected] පුද්ගලික විද්‍යුත් ලිපිනය අනුමාන කල හැක
ප්‍රසිද්ධ ලිපිනය [email protected] හා පුද්ගලික විද්‍යුත් ලිපිනය [email protected] පුද්ගලික විද්‍යුත් ලිපිනය අනුමාන කල නොහැක
මූලාශ්‍ර

- ප්‍රචාරන විද්‍යුත් ලිපි (Advertising spam)
- අසත්‍ය විද්‍යුත් ලිපි (Hoaxes)
- වංචා විද්‍යුත් ලිපි (Fraudulent spam)

- අවම වශයෙන් විද්‍යුත් ලිපින දෙකක් වත් පවත්වා ගන්න. ඉන් එකක් පුද්ගලික කටයුතු සදහා පමනක් භාවිතා කරන්න. අනෙක ෆෝර්ම හා චැට් සදහා භාවිතා කරන්න. [5]
- පුද්ගලික විද්‍යුත් ලිපිනය, ප්‍රසිද්ධ ලිපිනය තුලින් අනුමාන කීරීමට නොහැකි වන ලෙස සාදා ගත යුතුය.
උදා:
ප්‍රසිද්ධ ලිපිනය [email protected] හා පුද්ගලික විද්‍යුත් ලිපිනය [email protected] පුද්ගලික විද්‍යුත් ලිපිනය අනුමාන කල හැක
ප්‍රසිද්ධ ලිපිනය [email protected] හා පුද්ගලික විද්‍යුත් ලිපිනය [email protected] පුද්ගලික විද්‍යුත් ලිපිනය අනුමාන කල නොහැක
- කිසිවිට ස්පෑම් ලිපි සදහා ප්‍රතිචාර නොදක්වන්න. එවිට අදාල ලිපිනය භාවිතා වන ක්‍රියාශිලි (active) එකක් බව ස්පෑම්කරුවන් දැන ගෙන තව තවත් ස්පෑම් එවනු ඇත.
- කිසිවිට ස්පෑම් ලිපි වල ඇති ‘unsubscribe’ links මත ක්ලික් කිරීමෙන් වලකින්න. මේවා ව්‍යාජ ඒවාවේ.
- මිතුරන් සදහා හරවා යවන ලිපි (forwarding emails) වල මිතුරන්ගේ ලිපින to වෙත යෙදීමෙන් වැලකි bcc වෙත යොදන්න. තව දුරටත් එවා හරවා යැවීමේදි අන් අයගේ ලිපින අනවශ්‍ය පරිදි අනාවරනය වීම මෙමගින් වලකී.
- සුදුසු ප්‍රති-ස්පෑම් මෘදුකාංගයක් භාවිතා කරන්න.
මූලාශ්‍ර
- Postel, J. (n.d.). RFC 706 – On the junk mail problem. IETF Tools. Retrieved December 26, 2010, from tools.ietf.org/rfc/rfc706
- email. (n.d.). Spam | Information | Evolution | Protection-Information about Security-Panda Security. ANTIVIRUS – Download – CLOUD – SOFTWARE 2011 – Buy – Protection – News – PANDA SECURITY. Retrieved December 26, 2010, from http://www.pandasecurity.com/homeusers/security-info/cybercrime/spam/
- Harley, D., & Lee, A. (n.d.). Spamish Inquisition. ESET – Antivirus Software with Spyware and Malware Protection. Retrieved December 26, 2010, from http://www.eset.com/resources/white-papers/Spamish_Inquisition.pdf
- Spam Map – Trend Micro USA. (n.d.). Antivirus, Anti-Spam and Internet Security Software – Trend Micro USA. Retrieved December 26, 2010, from http://us.trendmicro.com/us/trendwa...ty/spam-and-phishing-info/spam-map/index.html
- Spam. (n.d.). Kaspersky Lab United States | Antivirus Computer Security. Retrieved December 26, 2010, from http://www.kaspersky.com/spam