3. Limestone සිමෙන්ති වල තියෙන හුණුගල් කොන්ක්‍රීට් එකට හොඳ නැද්ද?
Limestone සිමෙන්තියක් වන INSEE සංස්ථා සිමෙන්ති වලට භාවිත කරන්නේ තෝරා ගන්නා ලද High grade pure limestone ය. සිමෙන්ති සංයුතියෙන් 12% ක් පමණ ප්‍රමාණයක් පමණක් මෙම high grade limestone එකතු කරන්නේ සම්මත තත්ව යටතේ පරීක්ෂණාගාර වල කරන ලද පරීක්ෂණ මගින්, සිමෙන්ති මිශ්‍රණයක pH අගය අඩු නොවන පරිදිය. මෙහෙම limestone එකතු කරන එකෙන් වෙන්නේ සිමෙන්තියක් workability එක වැඩි කරන එක වගේම කොන්ක්‍රීට් එකක packing density එක වැඩි කරන එකයි. එමගින් බාහිර පරිසරයේ ඇති impurity material කොන්ක්‍රීට් එක තුළට ඇතුළු වීම අවම වෙනවා.
ප්‍රශස්ත pH අගයක් පවත්වා ගන්නා පරිදි Limestone එකතු කරන ලද SLS 1253 සිමෙන්ති, කොන්ක්‍රීට් එකට යෝග්‍ය බව SLS standards වල පවා සඳහන් වෙනවා.
4. Concrete වල Shrinkage කියන්නේ මොකක්ද?
කොන්ක්‍රීට් එකක, සිමෙන්ති ජලය සමග රසායනිකව ප්‍රතික්‍රියා කිරීමේදී භෞතික විපර්‍යාසය සිදු වන අතර, කොන්ක්‍රීට් එකෙහි පෙර පරිමාවට වඩා පසු පරිමාව අඩුවීමක් සිදු වෙනවා. කොන්ක්‍රීට් එක දැමීමට පෙර තිබුණු පරිමාවට වඩා කොන්ක්‍රීට් එක සවිවීමෙන් පසු එහි පරිමාව අතර වෙනස, concrete shrinkage එක ලෙස සරලව හඳුන්වනවා. ඕනෑම සිමෙන්තියක මම shrinkage effect එක සිදුවෙන අතර සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති (SLS 107) වලට වඩා පෝට්ලන්ඩ් ලයිම්ස්ටෝන් සිමෙන්ති (SLS 1253), බ්ලෙන්ඩඩ් හයිඩ්‍රෝලික් සිමෙන්ති (SLS 1247) වල මෙම shrinkage effect එක අඩුයි.
Grade 20-30 කොන්ක්‍රීට් එකක වගේම grade 70-100 කොන්ක්‍රීට් එකක පවා මෙම shrinkage effect එක ඇති වන අතර මෙය සිමෙන්ති වලට අයත් (inheritance) ගුණයක්ද වනවා.
Grade 20,30 කොන්ක්‍රීට් වලදී, slab වල shrinkage එක ගැන විශේෂයෙන් සැළකිය යුතු වන අතරම, ඒ නිසා විශාල slab කොන්ක්‍රීට් කිරීමේදී slab separators යොදනු ලබනවා. එහෙත් grade 70-100 කොන්ක්‍රීට් එකක සියළුම element වලදී shrinkage effect එක් ගැන සැළකිලිමත් විය යුතුය.
Shrinkage effect එක එතරම්ම වැදගත් සාධකයක් වන නිසාම, SLS 107 සිමෙන්ති වලට වඩා SLS 1247 හෝ SLS 1253 සිමෙන්ති කොන්ක්‍රීට් එකකට වඩා යෝග්‍ය වෙනවා.
5. පිටරටවල් වල හදන SLS 107 සිමෙන්ති දවස් කීයක් නැව් වල තියෙනවා ද? පරණ සිමෙන්ති කොන්ක්‍රීට් වලට පාවිච්චි කරන එක හොඳයිද?
ජලයට හෝ ජලවාෂ්ප වලට නිරාවරණය නොවන පරිසරයක ගබඩා කර ඇති ඕනෑම සිමෙන්තියක කල් ඉකුත් වීමේ දිනය, නිෂ්පාදිත දිනයේ සිට, මාස 3ක් වෙනවා.
නමුත් මෙම සිමෙන්ති ගබඩා කර තිබෙන්නේ, මුහුදක් වැනි ඉතාම ඉහල වායුගෝලීය ජලවාෂ්ප සහිත පරිසරයක නම්, සිමෙන්ති වල කැට සෑදීම වලක්වන්න බැහැ. (ඔබ මිලදී ගන්නා සිමෙන්ති වල කැට සෑදී ඇත්නම් එයින් කියවෙන්නේ, එම සිමෙන්ති දැනටමත් ජලය සමග ප්‍රතික්‍රියා කර ඇති බවයි.)
එම නිසා, පිටරට සිට මෙරටට සිමෙන්ති ආනයනය කිරීමේදී සමහර නිෂ්පාදකයන් සිමෙන්ති වල අඩංගු ජිප්සම් ප්‍රමාණය වැඩි කිරීම මගින් සිමෙන්ති කැට ඇතිවීම අවම කරනු ලබන අතර, එය සිමෙන්ති මගින් කරන ඉදිකිරීම් වල ශක්තිය අඩු වීමට හේතු වෙනවා.
6. British standards සමග SLS standards ගැලපෙන්නේ කොහොමද?
British standards, නැත්නම් BS EN 197 කියන්නේ ලංකාවේ සිමෙන්ති standards හදන්න මූලාශ්‍ර කරගත්තු standard එකක් කියන්න පුළුවන්. BS EN වල දක්වා තියෙන සම්මත වලට අනුව අමුද්‍රව්‍ය, සම්මත ප්‍රමාණ වලින් මිශ්‍ර කිරීම මගින්, ඒ එක් එක් ප්‍රමිතියට අදාළ සිමෙන්ති නිෂ්පාදනය කරනු ලබන අතර, එසේ සාදනු ලබන සිමෙන්ති වර්ග 27ක් පමණ ප්‍රමාණයක් දැනට ලෝකයේ භාවිත වෙනවා.
මෙම සිමෙන්ති ප්‍රමිතීන් වලින් 5 ක් පමණයි දැනට ලංකාවේ භාවිත කරන්නේ.
7. රජයේ ඉදිකිරීමක් නම් SLS 107 ඕනිමද?
ඉදිකිරීම් සම්බන්ධයෙන් අලුත් තොරතුරු හරිහැටි නොදන්නා කම නිසා සමාජගත වී ඇති තොරතුරකි.
මෙයට බොහෝ විට හේතු වන්නේ 2003 පමණ වන තුරු ලංකාවේ බහුලවම භාවිත වූ සිමෙන්තිය SLS 107 වීමයි. වසර 30 ක පමණ කාලයක් ලංකාවේ භාවිතයේ පැවතීම නිසා සහ නිවැරදි තොරතුරු ගැන යාවත්කාලීන වීමක් නොමැතිකම නිසා තවමත් බොහෝ අය සිතන්නේ රජයේ ඉදිකිරීමකට නම් SLS 107 අනිවාර්‍ය බවයි.
නමුත්, රජයේ ඉදිකිරීම් වලට ඕනෑම සිමෙන්තියක් යෝග්‍ය බව සහතික කිරීම සඳහා පරීක්ෂණාගාර වාර්තාවක් අවශ්‍ය වන අතර, එම පරීක්ෂණාගාර වාර්තාව සහිත නම්, එම සිමෙන්තිය රජයේ ඕනෑම ඉදිකිරීමක් සඳහා අනුමත කිරීම සිදුවෙනවා.
දැනට වෙළඳපොළෙහි ඇති SLS 107 සිමෙන්ති වලට වඩා SLS 1247 සිමෙන්ති මෙම පරීක්ෂණාගාර වාර්තා මගින් ඉදිකිරීම් වලට යෝග්‍ය බව සහතික කර තිබෙනවා. එසේම අලුතෙන් එන SLS 1697, සංස්ථා කොම්පොසයිට් සිමෙන්ති ද ඉදිකිරීම් සඳහා ඉතා යෝග්‍ය බව සහතික කර තිබෙනවා.
8. හැම සිමෙන්තියටම SLS තියෙන නිසා ඕනිම සිමෙන්තියක් කොන්ක්‍රීට් එකකට හොඳයිද?
SLS සහතිකය තිබූ පමණින් ඕනෑම සිමෙන්තියක් කොන්ක්‍රීට් එකක් සඳහා යොදා ගැනීමට නොහැකියි. මක් නිසාද යත්,
SLS 515 යටතේ එන Masonary cement, කපරාරුවට සහ බිත්ති බැඳීමට ද,
SLS 1247 යටතේ එන Blended සිමෙන්ති පෙර සවි නිමැවුම් හා ඕනෑම පරිසර තත්වයකට ඔරොත්තු දිය හැකි ඉදිකිරීම් වලටද,
SLS 1253 යටතේ එන Limestone සිමෙන්ති කොන්ක්‍රීට් වලට, සහ නිවසක ඕනෑම වැඩකටද,
SLS 1697 යටතේ එන Composite සිමෙන්ති කොන්ක්‍රීට් වලටද, ඕනෑම පරිසර තත්වයකට ඔරොත්තු දෙන ඉදිකිරීමකට ද
සුදුසු වන පරිදි එහි අඩංගු මූලද්‍රව්‍ය සංයුතිය සකස් කර තිබෙනවා.
සිමෙන්ති වලින් කරන ඉදිකිරීම් වල කල්පැවැත්ම සහ කාලයෙන් කාලයට සිදු කිරීමට සිදුවන නඩත්තු කටයුතු වලදී, එය කොන්ක්‍රීට් එකක් නම් එහි නඩත්තු කටයුතු අර්ධ වශයෙන් සිදු කිරීම කළ නොහැකියි. බොහෝ විට සම්පූර්ණයෙන්ම නැවත කොන්ක්‍රීට් කිරීමට පවා සිදු විය හැකියි. මෙවැනි නඩත්තු සඳහා ඉදිකිරීම් වලට වඩා වැඩි පිරිවැයක් අවශ්‍ය විය හැකි නිසා, ආරම්භයේදීම කොන්ක්‍රීට් සඳහා වඩා යෝග්‍ය වන සිමෙන්තියක් භාවිත කිරීම, ඔබට කාලයෙන් කාලයට නඩත්තු සඳහා යන වියදම් අවම කරගැනීමට ඉතා හොඳ විසඳුමකි.
එසේම කල්පැවැත්ම අතින් SLS 107 වලට වඩා බ්ලෙන්ඩඩ් සිමෙන්ති ඉදිරියෙන් සිටිනා බව පරීක්ෂණ මගින්ද තහවුරු කර තිබෙනවා.
එමනිසා කොන්ක්‍රීට් එකක ශක්තිය සහ කල්පැවැත්ම තීරණය කිරීමට, කොන්ක්‍රීට් එකට යොදා ගන්නා සිමෙන්තිය වැදගත් සාධකයකි.
Home Expert Sri Lanka