අධ්යපනේයෙදී විභාගේ පාස් වෙන්න බැරි අය , එහෙමත් නැත්නම් අවශ්‍ය ලකුණු මට්ටම ගන්න බැහැ කියන්නේ ඔවුන්ට ගොඩක් මොලේ වෙහෙසවන වැඩ කරන්න බැහැ කියන එක. ඒ අය අර්ධ මානසික ශ්‍රම රැකියා වලට යන්න ඕනේ. එත් ලංකවේ තියෙන පිළිනොගැනීම , නොසලකා හැරීම, පන්තියෙන් පහත් කොට සැලකීම, වැටුප් අඩු වීම ආදී හේතු නිසා ටිකක් සල්ලි තියෙන පවුල් වල අය මේවට යන්න කැමති නැහැ. ඒ නිසා ඒ අයත් ප්රිවට් කරලා නොගැලපෙන රැකියා වලට එනවා. එහෙම ආවහම ඒ අය වැඩ කරන විදිහෙන් තේරෙනවා තත්වය.
ඒ වගේම තමා ලොකුවට විභාග පාස් වෙන අයත් කරන්නේ අවසානයේ ගොන් වැඩ.. කුහකයෝ, කිසිම සක්රීයත්වයක් නැහැ.
මේ දෙගොල්ලොම අද්යාපන ක්‍රමේ තියෙන අවුල් නිසා බිහිවන අය මිසක් ප්‍රයෝජනවත් වැඩදායි මිනිස්සු නෙමෙයි.
මේ දෙකෙන්ම කියන්න පුළුවන් එක දෙයයි. ලංකාවේ අද්යාපන ක්‍රමය නැවත ගොඩ නැගිය යුතුයි.