ස්වයං වින්දනයේ ඇතුල් පැත්ත...
ලිංගිකත්වය ගැන කථා කරද්දි බොහෝ දෙනෙක්ට ප්‍රශ්න තිබෙන, නමුත් ප්‍රසිද්ධියේ කථා කරන්න අදිමදි කරන මාතෘකාවක් තමයි ස්වයං වින්දනය කියන්නේ. අද අපි කකථා කරන්නේ මේ ස්වයං වින්දනය හා සම්බන්ධ කාරණා ටිකක් ස්වයං වින්දනය, Masturbation කියලා තතමයි ඉංග්‍රීසියෙන් කියන්නේ.
ගැහැණු හෝ පිරිමි වේවා ශරීරයේ සෑම විපර්යාසයකටම, ක්‍රියාවකටම, ප්‍රතික්‍රියාවකටම බලපාන දෙයක් තමයි හෝමෝන කියන්නේ ඒ බව her.lk සමග එකතු වෙලා ඉන්න ඔබ දැනටමත් හොඳින් දන්න කරුණක්. වැඩිවියට පත්වීමත් සමග සියලුම ගැහැණු හා පිරිමි ළමුන්ගේ ශරීර වල තියෙන ලිංගික හෝමෝන විශේෂයෙන් සක්‍රීය වෙනවා. ගැහැණු ළමුන්ගේ ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝනත් පිරිමි ළමුන්ගේ ටෙස්ටෙස්ටරෝන් කියන ලිංගික හෝමෝනයටත් අමතරව දෙපිරිසම සතු වර්ධක හෝමෝන මේ කාලෙදි බොහෝවිට සක්‍රීයයි. ඒ අනුව මේ කාලය තුළ දෙපාර්ශවයේම ශරීරයේ, සිතුම් පැතුම්, අදහස් වගේම චර්යා රටාවත් විවිධ වෙනස්වීම් වලට ලක්වෙනවා.
මෙන්න මේ වගේ දේවල් වල එක ප්‍රතිඵලයක් විදිහට විරුද්ධ ලිංගික ආකර්ශනය, ස්වප්න මෝචනය වගේ දේවල් වෙනවා. මේ අුව තමයි මෙන්න මේ කියන “ස්වයං වින්දන“ චර්යාව මතුවෙන්න පටන්ගන්නේ. ලිංගේන්ද්‍රෙය් වෙනස්කම් සිදුවන විට ඒ ගැන දැඩි අවධානයක් තරුණ තරුණියන් දක්වනවා. ඒ විදියට සුවන අවධානය නිසා ඒ ප්‍රදේශය ස්පර්ශ කිරීම සිදුකරනවා, ඒ වගේම විශේෂ අවධානයක් ඒ පිළිබඳ යොමු කරනවා.
ඒ අනුව යම් උත්තේජනයක් ලැබීම සිද්ධ වෙනවා. පස්සේ හිතලම ඒ වින්දනය ලබාගැනීම සිදුකරනවා. මේ ක්‍රියාව බොහොම අහිංසක සතුටක් ලබන ක්‍රියාවක් විදිහට තමයි වෛද්‍ය විද්‍යාෙව්දී හා මනෝවිද්‍යාෙව්දී හඳුන්වන්නේ.
බොහෝ අය විමසන දෙයක් තමයි දවසට දෙතුන් වරක් ස්වයං වින්දනය කිරීම ගැටළුවක්ද, නැත්නම් ශරීරයට අහිතකරයිද කියලා. ලෝකේ කොහේවත් කියලා නෑ ස්වයං වින්දනය කළ යුත්තේ දවසට මෙන්න මේ තරම් වාරයක් පමණයි කියලා. ඕනම චර්යාවක් තමන්ගේ එදිනෙදා කටයුතු වලට බාධාවක් වෙන විදිහට තමන්ට සහ අනුන්ට ගැටළුවක් වෙන විදිහට කළොත් තමයි ප්‍රශ්නේ. ඒක තමයි සරලවම ඒ ගැටළුවට දෙන්න තියන පිළිතුර. මේ ගැන කලින් ලියවුණු ස්වයං වින්දනය මානසික රෝගයක්ද? කියන ලිපියෙන් තවත් විස්තර කරලා තියනවා.
ඊළඟට ගොඩක් අය අහනවා ස්වයං වින්දනය නිසා ඇඟ කෙට්ටු වෙනවද කියලා. ඒකටත් පිළිතුර වෙන්නේ “එහෙම වෙන්නේ නෑ“ කියන එකයි. මොකද ස්වයං වින්දනයෙන් පුද්ගල සෞඛ්‍යයට කිසිම බලපෑමක් වෙනවා කියලා වෛද්‍ය විද්‍යාවේ සොයාගැනීම්වලට හසුවී නැහැ. නමුත් ස්වයං වින්දනය සඳහා ඇතැම් අය විවිධ ක්‍රීම්වර්ග හෝ උපකරණ භාවිතා කළොත් අන්න එතනදිනම් දැඩි අවදානමක් ඇතිවෙන්න පුළුවන් කියන එක මතක තබාගැනීම වැදගත්.
ඒ වගේම ස්වයං වින්දනයේ යෙදීම තුළ ලිංගික ඇබ්බැහිවීමක් පසුකාලීනව වෙනවද කියන එකත් ලොකු ගැටළුවක්. ඒක මිථ්‍යාවක්. මේ හරහා පුද්ගල මානසික සෞඛ්‍ය වැඩිදියුණු කිරීමක් කරනවා වගේම ලිංගික ඇබ්බැහිවීමක්ක් වෙන්නේ නෑ. ඒ වගේම ස්වයං වින්දනය පිරිමි පාර්ශවයට විතරක් සීමාවුණ ක්‍රියාවක් විදිහට බොහෝ අය විශ්වාස කරනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි, කාන්තාවන්ට ලිංගික හැඟීම් පුරුෂයන්ට වගේම දැනෙන නිසා ස්වයං වින්දනය කියන කාර්යය කාන්තාවන්ටත් අලුත් දෙයක් නෙවෙයි. ඔබ නොදැනුවත් වුනාට ලෝකය පුරා බොහෝමයක් කාන්තාවන්ට ඒක සාමාන්‍ය දෙයක්.
ඒ නිසා ස්වයං වින්දනය කියන්නේ අසනීපයක්වත්, වරදක්වත්, අයහපත් චර්යාවක්වත් නෙවෙයි, ස්වයං වින්දනය කියන්නේ සාමාන්‍ය මානව චර්යාවන් අතරින් එකක් කියන එක විතරක් තේරුම් ගැනීම වැදගත්.
උපුටා ගැනීම - www.her.lk