ස්වර්ණමාලි මහා ථුපය පිළිබද තොරතුරු හා දු&#351

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ස්වර්ණමාලි මහා ථුපය පිළිබද තොරතුරු හා දු&#351


    Ruwanwelisaya.jpg
    රුවන්වැලි සෑය, රත්නමාලි ස්තූපය, ස්වර්ණමාලි මහා ථුපය , මහා ථුපය ආදී නම් වලින් හදුන්වනු ලබන මෙම දාගැබ ලක්දිව බෞද්ධයාගේ වඩාත්ම ගෞරවයට පත් වූ ස්තූපය වේ.
    එයට ප්‍රධාන හේතුව වන්නේ මෙම ස්තූපය තුල සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු වලින් දෝණයක් තැන්පත් කර දුටුගැමුණු මහා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකිරීමයි.
    මෙම ස්තූපය ඉදිකර ඇත්තේ මිහිදු මහා රහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජුට බුදුරදුන් පරිභෝග කරන ලද ස්ථානයක් වශයෙන් දක්වන ලද පුරාණයේ කුකුධ නම් වැවේ ඉහල කෙළවරක සිටුවා තුබූ ටැම් ලිපියක් අනුවය. සතුරන්ගෙන් රට මුදාගත් දුටුගැමුණු රජතුමා එම ලිපිය අනුව ක්‍රිස්තු පුර්ව 137 දී මෙම ස්තූපය තනවන ලදී. මෙම ස්තුපයේ දෝණයක් සර්වඥ ධාතු නිදන් කිරීම නිසා ස්තූපය මහා ථුපය නමින් ප්‍රකට විය.
    ස්තුපයේ කටයුතු අවසන් කිරීමට පෙර දුටුගැමුණු මහා රජතුමා ජන්මාන්තර ගත වුයෙන් එතුමාගේ සොහොයුරු සද්ධාතිස්ස රජතුමා ඉතිරි වැඩ කටයුතු නිමකරන ලදී. එදා පටන් සිංහල රජදරුවන් මහා ථුපය වැඩි දියුණු කරන ලදී. අනුරාධපුර රාජධානියේ අවසාන සමයේ එල්ලවූ චෝල ආක්‍රමණයෙන් ස්තූපය සහිත විහාරාරාම වලට හානි සිදුවිය. පොළොන්නරු යුගයේ නැවත රට එක්සේසත් කල මහා විජයබාහු , මහා පරාක්‍රමබාහු ආදී සිංහල රජ දරුවන් ස්තූපය තිබු පරිදි ප්‍රතිසංස්කරණය කරන ලදී. නිශ්ශංක මල්ල රජු ද ස්තූපය වැඩිදුර පිළිසකර කර ස්තුපයේ දකුණු මළුව මත ඇති ස්තුප ආකෘතිය ගොඩනගන ලදී.
    පසු කාලීනව ලක්දිවට බලපෑ දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේ සිංහල රාජධානිය ලක්දිව නිරිත දෙසට සංක්‍රමනයත් සමග රජරට වනගත විය. බ්‍රිතාන්‍ය අදිරාජ්‍ය යුගයේ නාරන්විට සුමනසාර හිමියන්ගේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලද රත්නමාලි චෛතය වර්ධන සමිතිය විසින් මහත් උත්සාහයෙන් නැවත ප්‍රතිසංස්කරණය කොට 1940 ජුනි මස 17 වන දින රුවන්වැලි සෑයේ චුඩා මාණික්‍යය පළදවන ලදී. නව ප්‍රතිසංස්කරණයට පසු ස්තුපයේ උස අඩි 338 කි. පරිමාණය අඩි 942 කි. රන් ආලේප කළ කොත සහ චුඩා මාණික්‍යයයේ උස අඩි 25 කි. රත්නමාලි ස්තුපය අක්කර පහක හතරැස් මළුවක් මත පිහිටා ඇත. මළුවේ එක් පැත්තක දිග අඩි 456 කි. ඒ වටා තිබු පුරණ අත් පවුර වෙනුවට අළුත් ඇත් පවුරක් තනා ඇත. පැරණි ඇත් පවුරේ කොටසක් අලුත්වැඩියා නොකොට බස්නාහිර පැත්තේ ඉතිරි කර තිබේ. දෝණයක් සර්වඥ ධාතු නිදන් කර ඇති ස්වර්ණමාලි මහා ථුපය දිවමන් බුදුරජාණන් වහන්සේ සම වූ මහා පුජනිය වස්තුවකි.


    ස්වර්ණමාලි මහා ථුපය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ විදේශිකයකුගේ කැමරා ඇසින් (1873)
    Ruwanwelisaya+-+Anuradhapura.jpg


    r144-full.jpg


    Ruwanweli+Dagoba.jpg


    Ruwanweliseya.jpg


    වෙනත් වෙබ් අඩවියකින් උපුටා ගන්නාලදි
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    01-ruwanweli-dagoba.jpg



    අති පුජ්‍යය නාරන්විට සුමනසාර හිමියන්ගේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලද රත්නමාලි චෛතය වර්ධන සමිතිය මගින් ස්වර්ණමාලි මහා ථුපය නැවත ප්‍රතිසංස්කරණය කෙරෙමින්

    ruanweliseya-dagoba-anuradhapura.jpg


    33-ruwanwali-saya.jpg


    18-ranweli-dagoba.jpg

     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,092
    113
    Dubai
    අපේ අතීත ප්‍රෞඩ ඉතිහාසය සමහර අපේම මීහරක් විනාශ කරනවා නිදන් හොයන්න ගිහින්. ඒ කාලේ අපෙ මුතුන් මිත්තො මේවා පනටත් වඩා ආරක්ශා කරපු නිසයි අපිට මේව මේ විදියට හරි බලා ගන්න පුලුවන් වෙලා තියෙන්නෙ. ඒ කාලේ චොලි වගෙ අපේ රටට වින කරපු එවුන් තමයි මේ ආයෙම ඉපදිලා නිදන් හාර හාර අපේ ප්‍රෞඩ උරුමය විනාශ කරන්නෙ. මෙ ඉතිහාසය අපිත් පන වගේ ආරක්ශා කරොත් තමයි අනාගත පරපුරට බලාගන්න පුලුවන් වෙන්නෙ.
     
    • Like
    Reactions: blacktulip