ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති


    ඊයේ ඉන්ද්‍රරතන හිමියන් සිරුරට ගිනි තබාගත් අයුරු මම ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති වලින් දුටුවෙමි. උන්වහන්සේ පිළිබද දැඩි ශෝකය පරයමින් මට දැනුනේ අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පිළිබද වූ දැඩි පිළිකුලකි.

    විද්‍යුත් මාධ්‍යයක් යනු රටටම ලෝකයටම මුහුණ දෙන්නකි. එබැවින් මාධ්‍ය හසුරුවන්නට තෝරා ගත යුත්තේ ඒ පිළිබද මනා අවබෝධයක් හා මාධ්‍යය භාවිතයේ පරිචයත්, සංයමයත් ඇති මාධ්‍ය වේදීන්ය. කෙටියෙන් කිව හොත් ජනමාධ්‍ය භාවිතය පිළිබද දැනුමක් ඇති මාධ්‍ය වේදීන්ය. එබන්දෙකුට පළමුවෙන්ම තිබිය යුත්තේ මාධ්‍ය ආචාර ධර්ම පිළිබද අවබෝධයයි. මාධ්‍ය ආචාර ධර්ම යනු කුමක්දැයි මෙහිදී විස්තර කරන්නට නොයමි. එහෙත් මාධ්‍යයක් තුළින් ජනතාවට දිය යුත්තේ මොනවාද, දිය නොහැක්කේ මොනවාද යන්න ගැන මාධ්‍යෙව්දියෙකුට අවබෝධයක් තිබිය යුතුය. ඒ අවබෝධය වර්තමාන මාධ්‍ය වේදීන් හට තිබෙන බවක් නම් පෙනෙන්නට නැත. මනුෂ්‍ය ඝාතන, අනතුරු, වැනි සිත් කම්පා කරවන දර්ශන, මනුෂ්‍ය සිත් කලබල කරවන, ප්‍රකෝප කරවන පුවත් ඉදිරිපත් කිරීම මාධ්‍ය ආචාර ධර්ම වලට පටහැනිය. එහෙත් අප මේ වන විට උදේ හවා අපේ විද්‍යුත් මාධ්‍ය තුලින් දකින්නේ එවන් දර්ශනයන්ය. අපේ රටේ මාධ්‍ය වේදීන්ට මාධ්‍ය සදාචාරය මතක් වෙන්නේ සරුවට විකුණා ගත හැකි පුවතක් ඉදිරියට ගෙන එන්නට නොහැකි වූ විටකදී හෝ තමන්ට අවාසි වන පුවතක් ඉදිරියට ගෙන එන්නට දායකත්වය සපයන්නට වූ විටකදී පමණකි.

    ඉතින්... ඊයේ... ඉන්ද්‍රරතන හිමියන්ගේ ගිනි තබා ගැනීම ගැන වීඩියෝවක් ස්වර්ණවාහිනියෙන් පෙන්වනු ලැබිණ. උන්වහන්සේ ඒ පිළිබද ප්‍රකාශයක් නිකුත් කරන තැන් පටන්, සිරුරට පෙට්‍රල් වත් කර ගැනීම, ගිනි අවුලුවා ගැනීම ආදී සියළු දේ වීඩියෝ ගත කර තිබිණ. ඒ වීඩියෝව ජනතාවට ප්‍රදර්ශනය කෙරිණ. ඒද මාධ්‍ය ආචාර ධර්මයන්ට පටහැනි දෙයකි. මාධ්‍ය සදාචාරයට පටහැනි පුවතක් ඉදිරිපත් කරන්නට, ඒ පුවත වීඩියෝ කරගෙන ආ මාධ්‍ය වේදියා ලොකු කැපවීමක් කර ඇති බවක් අපට පෙනෙයි. වෙනකක් තබා ඔහු තම මනුෂ්‍යත්වයද ඒ වෙනුවෙන් පසෙකට ලා ඇති බව අපට වැටහෙයි.

    කම්කරුවෙකු, වෛද්‍යවරයෙකු හෝ නීත්‍යඥයෙකු වුවද, මාධ්‍යවේදියෙකු වුවද ඒ කවරෙකු හෝ තුළ සිටින්නේ මිනිසෙකි. මනුෂ්‍ය හැගීම් දැනෙන, දුක වේදනාව දැනෙන මිනිසෙකි. මා නම් මෙතෙක් කල් සිතාගෙන සිටියේ එහෙමය. මට වැරදී ඇති බව මා වටහා ගත්තේ ඊයේය.
    ඉන්ද්‍රරතන හිමියන්ගේ ගිනිතබා ගැනීම පටිගත කළ ඒ මාධ්‍ය වේදියා තුළ නම් අර කියන අන්දමේ මනුෂ්‍යෙයකු නොසිටි බව අපට හොදටම පැහැදිළිය. කිසිවෙකු තම සිරුරට ගිනි තබා ගන්නා බව ප්‍රකාශ කරද්දී, ගිනි තබා ගන්නට පැට්‍රල් හලා ගනිද්දී, ගිනි ගනිද්දී කැමරාවක් මානාගෙන බලා ඉන්නට මනුෂ්‍ය හැගීමක් ඇති කිසිවෙකුට හැකියාවක් ලැබෙන්නේ නැත.

    ඔහුට වැදගත් වී ඇත්තේ තමා ඉදිරිපිට සිටින මනුෂ්‍යයාගේ ජීවිතය නොවේ. තමාගේ දෑස් ඉදිරිපිට ගිනි ඇවිලෙන මනුෂ්‍යයා දැවෙන මරණීය වේදනාවෙන් ඔහුව ගලවා ගැනීම නොවේ. ඔහුට වැදගත් වී තිබුණේ මිනිසෙකු ගිනි තබා ගන්නා ආකාරය පිළිබදව සජීවි දසුන්ය. උණු උණුවේ විකිණිය හැකි දුර්ළභ පුවතක්ය. “නිවුස් වලින් ෆස්ට්“ වන්නට තිබුණු කෑදර කමය. ආන්දෝලනාත්මක පුවතක් නාලිකාවට සැපයීමෙන් ලැබෙන ආර්ථික වාසියය.
    මේ තිරිසන් නොමිනිස් කම අඩු වැඩි වශයෙන් තවත් කී දෙනෙකු ලග ඇතිද?

    මට දැනෙන්නේ මහත් පිළිකුලකි. අප්පිරියාවකි. මට දැනෙන මේ පිළිකුලම, අප්පිරියාවම මේ රටේ තවත් කී දෙනෙකුට දැනෙන්නට ඇතිද? මනුෂ්‍යත්වය මුදලට විකිණූ මේ මාධ්‍ය සංස්කෘතිය ගැන අප ලජ්ජා විය යුතුය. මෙවන් නිහීන ක්‍රියාවන් අප එකා මෙන්ම පිළිකෙව් කළ යුතුය.

    from FB
     
    • Like
    Reactions: djjaya

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    munta penala hamuduruwan wa nawattanna thibba,ay yako oluwata hala ganna hadaddi,epa hamuduruwane kiyala buliya ganna thibbe nadda balen hari ,kattiya ekathu wela,:angry::angry::angry::angry: mun ta oni kohoma hari news witharai
    Shik witharak mehemath madyawediyo :frown:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යකෝ මේක කාට කියවන්නද දැම්මෙ. පාට වෙනස් කරපන්*

    *** අයිටීඑන් කොච්චරවුනත් මීට වැඩිය හොඳයි