ස්වර්ණ භූමි ඔප්පු බෙදන්න --- lawyerla උදව් කරත්වා

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    මචන්ලා ස්වර්ණ භූමි ඔප්පුවක් තියෙන ඉඩමක ගෙවල් 2ක් හදලා තියේ... දෙන්න brothersලා... ඔප්පුව තිබුනේ මේ දෙන්නගේ father ගේ නමට එයා පසු උරුමයක් ලියන් නැතුව මැරුණා.
    ඊට පස්සේ ඉඩම 2කට බෙදාගන්න හදද්දී ස්වර්ණ භූමි ඔප්පුව අතුරු බෙදීම් වලට අවසර ඇත කියල හරවන්න ඕන කීව ඉඩම් නිලධාරි ...ඊට පස්සේ එහෙම හරවන්න යවල අපහු ඔප්පුව ආවේ වැඩිමල් සහෝදරයාගේ නමට බෙදිය හැකි ඔප්පුවක් විදියට.....දැන් මේක අනික් සහෝදරයත් එක්ක බෙදා ගන්න තියෙන බෙස්ට්ම විදිය මොකක්ද ?....වැඩේ චෝර වෙලා වගේ මට හිතෙන්නේ..නිකන් දැන් බාල සහෝදරයා ලොකු සහෝදරයාගේ ඉඩමක ඉන්නවා වගේනේ ....දන්නා අය කියහල්ලකෝ..
     
    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    Kisima chora wimak naha
    Idam niladari karapu wade hari. Nithyanukulayi.
    Dan wadal ayya aga office ekata gihin anith kenata pawarum oppuwakin denna one. Documents clearnam masayak yanne naha wadeta

    Rajaye idam walata kalawarodaya balapawathwenne naha
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    Q1. පදිංචිය සඳහා ඉඩමක් ලබාගන්නේ කෙසේද?
    තමා පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ප්‍රාදේශීය ලේකම් මුන ගැසී තම අවශ්‍යතාවය ලිඛිතව ඉදිරිපත් කරන්න. ඉඩම් නොමැති අය ලියාපදිංචි කරනු ලබන අවස්ථාවන්හිදී ආදර්ශ ඉල්ලුම්පතක් ලබාදීම මඟින් ඉඩම් කච්චේරි පවත්වන අවස්ථාවන්ට ඉදිරිපත්වී සුදුසුකම් ලැබීමට අවකාශ ඇත.
    Q2. අනවසරයෙන් අල්ලාගෙන දීර්ඝ කාලයක් භුක්ති විඳින ඉඩම සඳහා ස්ථිර බලපත්‍රයක් ලබාගත හැකිද?
    දැනට අනවසර නියමානුකූල කිරීමේ වැඩසටහන නතර කරලයි තියෙන්නෙ. එහෙත් ඔබ ඉඩම් නොමැත්තෙක්නම් නව ඉඩම් කච්චේරි ක්‍රමය තුල ලියාපදිංචි වී ඉඩම හෝ ඉඩමෙන් කොටසක් නීත්‍යානුකූලව ලබාගැනීමට අවකාශ ඇත.
    Q3. රජයේ ඉඩමක අයිතිය හිමිවන්නේ සින්නක්කර ඉඩම්වල අයිතියයන ආකාරයටද? නොඑසේනම් එම ආකාරය විස්තර කරන්න.
    නැහැ. රජයේ ඉඩම්වල අයිතිය පැවරෙන්නේ වෙනත් ක්‍රමයකටය. ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ ලබාදී ඇති අවසර පත්‍රයක් හෝ ප්‍රදාන පත්‍රයක් නම් අයිතිකරු මියගියවිටක කලත්‍රයාට ජීවිත භුක්තිය පමණක් හිමි වෙනවා. නමුත් කලත්‍රයා අනුප්‍රාප්තිය සඳහා නම්කර ඇතිවිටක සම්පූර්ණ අයිතිය හිමිවෙනවා. කලත්‍රයාද මියගියවිටක අනුප්‍රාප්තිය නම්කල අයට අයිතිය හිමිවෙනවා. එසේ අනුප්‍රාප්තිය නම්කර නොමැතිනම් එම පනතේ III උපලේඛනය අනුව වැඩිමල් පිරිමි දරුවාට හිමිවෙනවා.
    Q4. ස්වර්ණභූමි ඔප්පුවක, ජයභූමි ඔප්පුවක, රංබිම ඔප්පුවක අනුප්‍රාප්තිය නම්කරන්නේ කෙසේද? විස්තරකරන්න.
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයට ගොස් තම අවශ්‍යතාවය කියන්න. එවිට ඉ.කො. 155 ආකෘතිපත්‍ර 3 ක් ඔබට ලබාදේවි. එය සම්පූර්ණකර අවලංගු නොකරණ ලද රුපියල් 25 ක් වටිනා මුද්දර 3 ක් සමඟ භාරදුන් පසු එය අදාල දිස්ත්‍රික්කයේ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි කරනු ලැබේ.
    Q5. ඔප්පුවක් (ප්‍රදානපත්‍රයක්) බැංකුවට තබා ණයක් ගන්න පුළුවන්ද? එසේනම් අවශ්‍ය ලියවිලි මොනවාද?
    ඔව් පුළුවන්. එසේ ණයක් ලබාගැනීමට හැකිවන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති විසින් 1988 අංක 78 දරණ මුදල් පනත යටතේහා 1988 අංක 30 දරණ බැංකු පනත යටතේ ලියාපදිංචි කරන ලද ආයතනවලින් පමණයි. මෙහිදී ඔබ විසින් පහත ලියවිලි ප්‍රදේශීය ලේකම් වෙත ඉදිරිපත් කර අවසරය ලබාගන්න.

    • අදාල බැංකුවෙන් ලබාගත් ලිපිය
    • ඔබේ ඉල්ලීමේ ලිපිය
    • ප්‍රදාන පත්‍රයේ (ඔප්පුවේ) පිටපත්
    • ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලබාගත් පත්ඉරුව
    Q6. ඔප්පුවක් (ප්‍රදානපත්‍රයක්) පිට කෙනෙකුට පවරන්න පුළුවන්ද? එය පැහැදිලි කරන්න.
    ප්‍රදාන පත්‍රයක් පැවරීම කලහැක්කේ ලේ ඥාතියෙකුට පමණයි. (III උපලේඛනයඅනුව) ඒත් ප්‍රදාන පත්‍රකරු හෝ පවුලේ අය අනාථභාවයට පත්නොවන්නේනම් ගොවි පංතියේ කෙනෙකුට පැවරීමට අවකාශ තිබෙනවා.
    Q7. රජයේ ඉඩමක් සඳහා දීර්ඝකාලීන බද්දක් ලබාගත හැක්කේ කාටද?

    • ටෙන්ඩර්, ඉඩම් කච්චේරි වෙන්දේසි මගින් තෝරාගත් අයෙකුට
    • පුණ්‍යමය, ආගමික හෝ විද්‍යාත්මක කටයුත්තකට රජයේ ඉඩමක් ඉල්ලා සිටින අයෙකුට
    • ප්‍රජා කටයුතු සඳහා ප්‍රජා සමිතිවලට
    • සමූපකාර සමිතිවලට
    • රජයේ අනුබද්ධ සංස්ථාපිත ආයතනවලට (බැංකු, සංස්ථා, මණ්ඩල)
    • වාණිජ හෝ කාර්මික හෝ කෘෂිකාර්මික ව්‍යාපෘතිවලට
    Q8. දීර්ඝකාලීන බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍යවන ලියකියවිලි මොනවාද?
    පුද්ගලයෙකුනම්,

    • ඉල්ලීම
    • යම්කිසි බලපත්‍රයක් හෝ ලිඛිත අවසරයක් වේ නම් එම බලපත්‍රය හෝ අවසරපත්‍රය
    • දිවුරුම් ප්‍රකාශය (තමා වෙත පවතින ඉඩකඩම් අක්කර 50 ක සීමාවක පවතින බවට, ප්‍රාදේශීය ලේකම් විසින් නිකුත් කරන ආකෘතියට අනුව)
    • මැණුම් පිඹුර හෝ දළ අනුරේඛනය
    • බදු ගෙවන බවට දිවුරුම් ප්‍රකාශය
    පොදු සමිතියක් නම්,
    • සමිතියේ ඉල්ලීම
    • ලියාපදිංචි කිරීමේ සහතිකය
    • සමිති ව්‍යවස්ථාව
    • දිවුරුම් ප්‍රකාශය
    • මැණුම් පිඹුර හෝ දළ අනුරේඛනයක්
    සීමිත සමාගමක් නම්,
    • ලියාපදිංචි කිරීමේ සහතිකය
    • අධ්‍යක්ෂවරුන්ගේ විස්තර
    • ව්‍යාපෘති වාර්තාව
    • දිවුරුම් ප්‍රකාශය
    • මැණුම් පිඹුර හෝ දළ අනුරේඛනය
    Q9. බදු ඔප්පුවක තිබෙන කොන්දේසි මොනවාද?
    • බදු කාලය වසර 30 කි.
    • වාර්ෂිකව බදුකුලිය ගෙවිය යුතුය.
    • සෑම වසර 5 කට වරක්ම 5% කින් බදු ප්‍රමාණ සංශෝධනය වේ. (මෙය නේවාසික ඉඩම් සඳහා අදාළ නොවේ.)
    • ඉඩම ලබාගත් කාරණයෙන් පරිබාහිර කාරණයකට යෙදවිය නොහැක.
    • ඉඩම මනා සංවර්ධන තත්ත්වයක් යටතේ පවත්වාගෙන යා යුතුය.
    • ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ පූර්ව විධිමත් අවසරයකින් තොරව අතුරු බදු, උකස් හා පැවරුම් කිරීම සිදුකළ නොහැක.
    • බදු දෙනු ලබන අරමුණට අදාළව විශේෂ කොන්දේසි ඇතුලත් කළ හැකිය.
    • කොන්දේසි කඩකිරීමකදී බදුකරය අවලංගු කිරීමට කටයුතු කළ යුතුය.
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    Q10. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ මෙතෙක් නිකුත් කර ඇති ඔප්පු මොනවාද?
    • ස්වර්ණභූමි
    • ජයභූමි
    • රත්නභූමි
    • රන්බිම
    Q11. ඔප්පුවක ඇති වැදගත් කම කුමක්ද?
    ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ ඔබ මෙතෙක්කල් බලපත්‍රයක් මත සංවර්ධනය කළ ඉඩමක පූර්ණ අයිතිය ලබාදෙන නීත්‍යානුකූල ලියවිල්ලකි.
    Q12. ඔප්පුවක් ලබාගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද?

    • ඔබට ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍රයක් මත ඉඩමක් ලැබී තිබිය යුතුය.
    • ඉඩම හොඳින් සංවර්ධනය කර තිබිය යුතුය.
    • පදිංචියට දුන් ඉඩමක් නම් නිවසක් සාදා පදිංචිව සිටිය යුතුයි.
    • රජයට ගෙවිය යුතු මුදල් ගෙවා අවසන් කළ යුතුයි.
    Q13. ඔප්පුවක් ලබාගත හැක්කේ කෙසේද?
    • ඔබ ඉහත සුදුසුකම් සපුරා ඇත්නම් ඔබගේ ඉල්ලුම්පත ග්‍රාම නිලධාරී හෝ ක්ෂේත්‍ර උපදේශකට භාරදෙන්න.
    • ග්‍රාම නිලධාරී හෝ ක්ෂේත්‍ර උපදේශක ඉඩම පරීක්ෂා කර බලා වාර්තාවක් ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කරයි.
    • ඉඩම් නිලධාරී / ජනපද නිලධාරීද ඉඩම පරීක්ෂාකර ඔබ විසින් ඉඩම සංවර්ධනය කර ඇති බවට සහතික කළ වාර්තාවක් ප්‍රාදේශීය ලේකම් වෙත ලබාදේ.
    • ප්‍රාදේශීය ලේකම් මැනුම් දෙපාර්තමේන්තුව ලවා ඉඩම මැන මායිම් ගල් යොදා පිඹුර ලබාගනී.
    • පිඹුර ලැබුන පසු ප්‍රාදේශීය ලේකම් ඔප්පුව පිළියෙල කර පළාත් ඉඩම් කොමසාරිස් මගින් ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත එවයි.
    • ඉඩම් කොමසාරිස් ජනරාල් ඔප්පුව පරීක්ෂාකර නිවැරදි නම් ජනාධිපතිතුමාගේ අත්සන ලබාගැනීම සඳහා ජනාධිපති ලේකම් වෙත යවයි.
    • ජනාධිපති ලේකම්ගෙන් අත්සන සහිත ඔප්පුව ලැබුණ පසු එය ප්‍රාදේශීය ලේකම් වෙත යවනු ලබයි.
    • ප්‍රාදේශීය ලේකම් විසින් ඔප්පුව සඳහා සේවා ගාස්තු ලෙස රුපියල් 100/- ක ගාස්තුවක් ගෙවන ලෙස ඔබට දන්වයි.
    • එම මුදල නොපමාව ගෙවීම සඳහා ඔබ ක්‍රියා කළ යුතුය.
    • ඉන්පසු ප්‍රාදේශීය ලේකම් විසින් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ඔප්පුව ලියාපදිංචි කර එය ඔබ වෙත ලබාදේ.
    Q14. ඔප්පුව හා බලපත්‍රය අතර වෙනස්කම් මොනවාද?
    • බලපත්‍රය යනු තාවකාලික ලියවිල්ලකි.
    • එය කොන්දේසි සහිතයි.
    • කොන්දේසි උල්ලංඝනය කළහොත් බලපත්‍රය අවලංගු කළ හැක.
    • එහි මැනුම් පිඹුරක් අමුණා ඇත.
    • බලපත්‍රය අත්සන් කරනුයේ ප්‍රාදේශීය ලේකම් විසින්ය.
    • ඔප්පුවට ජනාධිපතිතුමා අත්සන තබා ඇත.
    • ඒ නිසා ඉඩමේ අයිතිය සම්පූර්ණයෙන්ම හිමි වේවි.
    Q15. ඔප්පුවකින් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද?
    • ඔබගේ ඉඩම සංවර්ධන කිරීමට හෝ ගේ දොර අළුත්වැඩියා කිරීම සඳහා ණය මුදලක් ලබාගැනීමට අවශ්‍යවු විට ඔබගේ නිරවුල් ඔප්පුව බැංකුවකට උකස් කළ හැක.
    • ඔබගේ දරුවෙකුගේ ණය මුදලක් සඳහා ඇපයට තැබිය හැක.
    Q16. ඔප්පුවක අයිතිය (පසුඋරුමය) ලබාදීම
    • ඔප්පුවක් ලැබුණු ඉඩමක අයිතිය දිය හැක්කේ තමන්ගේ භාර්යාවට / ස්වාමිපුරුෂයාට, දරුවන්ට හෝ ලේ නෑයෙකුට පමණි.
    • ඔබ කැමති නම්, ඔප්පුවේ ඇති සීමාවන් අනුව, තම දරුවන්ට කොටස්කර ලබාදිය හැක.
    • තමන්ගේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයාටද අවශ්‍ය නම් අයිතිය ලබාදිය හැක.
    • එසේ නොමැතිනම් තමන්ගේ ලේ නෑයෙකුටද අයිතිය ලබාදිය හැක.
    • ඔබගේ ඉඩමේ පසු අයිතිය ලැබිය යුත්තේ කාටද යන්න තීරණය කිරීමේ අයිතිය ඔබ සතුය. ඔබට ඔබේ භාර්යාවට / ස්වාමිපුරුෂයාට දරුවෙකුට හෝ ලේ ඥාතියෙකු වන ඕනෑම අයෙක් පසු අයිතියට නම් කිරීමට පුළුවන්.
    Q17. පසු අයිතිය නම්කර නොමැතිව දීමනාපත්‍රකරු මියගියහොත්
    • දීමනා පත්‍රකරුට සිටි පිරිමි දරුවන්ට පළමුව අයිතිය හිමිවේ.
    • පිරිමි දරුවෝ කිහිප දෙනෙක් සිටියහොත්, වැඩිමහල් පිරිමි දරුවාට අයිතිය හිමිවේ.
    • ගැහැණු දරුවෝ පමණක් සිටී නම් වැඩිමහල් ගැහැණු දරුවාට අයිතිය හිමිවේ.
    • එවැනි අවස්ථාවක ඉඩම භුක්ති විදින්නා වෙනත් අයෙකු වූවද අයිතිය ලබාදීමට නීතියෙන් ඉඩ නැත.
    • එසේනම්, ඔබ අයිතිය නම් කළොත්, දුරුවන්ට සාධාරණය ඉටුකර දියහැකියි නේද?
    • එසේනම් අදම ඔබේ ඔප්පුවේ පසු අයිතිය ලබා දෙන්න අමතක නොකරන්න.
    Q18. අයිතිය නම් කරන්නේ කෙසේද?
    • මේ සඳහා කිසිම ගාස්තුවක් අයකරන්නේ නැත.
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් 155 ආකෘති 3 ක් ලබාගෙන, එය සම්පූර්ණ කර නැවත භාරදෙන්න.
    • එම ආකෘතිපත්‍රය නොතාරිස්වරයෙක්, සාමදාන විනිශ්චයකාරවරයෙක්, ඉඩම් රෙජිස්ට්‍රාර්වරයෙක් මගින් සහතික කර ගත හැකිය.
    • එම සහතික කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පහසුවෙන් හා නොමිලේ කරගත හැකිය.
    • එම ලියවිලි ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ ලියාපදිංචි කර ඔබට එක් පිටපතක් භාරදේ.
    • එම පිටපත සුරැකිව තබාගන්න.
    Q19. නම් කිරීමක් අවලංගු කළ හැකිද?
    පුළුවනි.
    ඔබට අවශ්‍ය අය නම්කර, අලුත් ආකෘති 3 ක් ලියාපදිංචි කළවිට කළින් නම් කිරීම අවලංගුවේ.
    වැඩි විස්තර දැනගැනීමට පහත සඳහන් අය හමුවන්න.

    • ග්‍රාම නිලධාරී
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනපදනිලධාරී / ඉඩම් නිලධාරී
    • සහකාර ප්‍රාදේශීය ලේකම් / ප්‍රාදේශීය ලේකම්
    Q20. ඔප්පුවකින් ණයක් හෝ උගසක් ගන්නේ කොහොමද?
    • ඔබගේ ඉල්ලීම ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය. ඔහු ග්‍රාම නිලධාරී / ජනපද නිලධාරීන්ගේ වාර්තා ලබාගනු ඇත.
    • එම ඉල්ලීම සමග මුල් ඔප්පුව, එය ලියාපදිංචි කළ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලබාගත් පත්ඉරුවල පිටපත් ඉදිරිපත් කළ යුතුය.
    • ණය හෝ උකසගැනීමට හෝ උකස් කිරීමට බලාපොරොත්තු වන ආයතනයේ ලිපියක් සමග එම ආයතනය සකස් කළ ගිවිසුම් ඔප්පු කෙටුම්පතේ පිටපතක් ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.
    • ප්‍රාදේශීය ලේකම් ඔබට අවසර ලිපියක් අනුමත කළ ණය ගිවිසුම් ඔප්පු කෙටුම්පත සමග ලබාදේ.
    • එම ලිපියත්, අනුමත කළ ණය ගිවිසුම් ඔප්පුවත් ණයදෙන ආයතනය වෙත ඉදිරිපත් කළ යුතුය.
    Q21. ඔප්පුවට ඇපයට තබා ණය ගතහැකි ආයතන මොනවාද?
    • මහජන බැංකුව
    • රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
    • ලංකා බැංකුව
    • ලංකා සංවර්ධන මූල්‍ය බැංකුව‍
    • ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
    • සීමාසහිත ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව
    • සමූපකාර සමිති ආඥා පනත යටතේ ලියාපදිංචි සමිති සමාගම්
    • ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් අනුමත කරන ලද වෙනත් ආයතන
    • 1988 අංක 30 දරණ වාණිජ බැංකු පනත යටතේ ලියාපදිංචි ආයතන
    • 1963 අංක 11 දරණ මුදල් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතන
    • 1979 අංක 27 දරණ මුදල් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතන
    • 1988 අංක 78 දරණ සංශෝධිත මුදල් පනත යටතේ ලියාපදිංචි ආයතන
    Q22. ගත් ණය නොගෙව්වොත්
    • ණය හෝ උකස බේරුවේ නැත්නම් ඉඩම එම ආයතනය සඳහා සින්න වේවි
    • ඒ අයට ඉඩම විකුණා ණය මුදල අයකරගැනීමට පුළුවන්
    • ඒ අවස්ථාවේදී ඉඩම ඕනෑම අයෙකුට මිලදී ගන්න පුළුවන්. එහිදී පංතිය, රැකියාව, ආදායම සලකන්නේ නැහැ.
    • මිලදී ගන්නේ කොන්දේසිවලින් බැඳුනු ඉඩමක් නිසා ඉඩම මිලදී ගත් අය ඔප්පුවේ තිබෙන කොන්දේසි අනුව කටයුතු කිරීම අවශ්‍යයයි.
    • මිලදීගත් අය එම ඉඩම නැවත පැවරීමේදී ප්‍රාදේශීය ලේකම්ගේ පූර්ව අවසර ලිපියක් ලබාගත යුතුය.
    Q23. දරුවකුගේ ණය මුදලකට ඇපයක් ලෙස ඔප්පුව තියන්න පුළුවන්ද?
    පුලුවනි. එහිදී ඔබ ණය මුදලේ ඇපකරු වේවි.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    oyage gedara padinchiya 12 years walata wada wadinam kalawarodhaya yatathe oyata oppuwa hada ganna puluwan

    රජයේ ඉඩම් වලට කොහෙන්ද කාලාවරෝධයක් ගහන්නේ. කොච්චර කල් හිටියත් රජයේ ඉඩම් වලට කාලාවරෝධ ගන්න ගන්නැ

    @Sx3

    ස්වර්ණ භුමියක අනුප්‍රාප්තිකයා නම් කරලා නැත්තම් ඉඩම යන්නේ පවුලේ වැඩිමල් පුතාට. බලේ තියෙන්නේ ලොකු ලමයාට. ඒක තමා පනතේ හැටි. ඔය පනත හදපු කාලට එක්ක ඕක සාදාරණ උනාට අදට ගලපද්දි ගැටලු තමා. අම්මා මැරිලාද? වැඩිමලා බෙදන්න කැමතිනම් ⁣බෙදාගන්න පුලුවන් විදියක් තියේ. අදාල ප්‍රා.ලේ එකට යන්න..
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    රජයේ ඉඩම් වලට කොහෙන්ද කාලාවරෝධයක් ගහන්නේ. කොච්චර කල් හිටියත් රජයේ ඉඩම් වලට කාලාවරෝධ ගන්න ගන්නැ

    @Sx3

    ස්වර්ණ භුමියක අනුප්‍රාප්තිකයා නම් කරලා නැත්තම් ඉඩම යන්නේ පවුලේ වැඩිමල් පුතාට. බලේ තියෙන්නේ ලොකු ලමයාට. ඒක තමා පනතේ හැටි. ඔය පනත හදපු කාලට එක්ක ඕක සාදාරණ උනාට අදට ගලපද්දි ගැටලු තමා. අම්මා මැරිලාද? වැඩිමලා බෙදන්න කැමතිනම් ⁣බෙදාගන්න පුලුවන් විදියක් තියේ. අදාල ප්‍රා.ලේ එකට යන්න..
    අම්මා ජිවතුන් අතර නැතිව ඇති නේද ?
    නැත්නම් ලොකු පුතාට පවරන්න බෑ නේද ?

    //ඔය පනත හදපු කාලට එක්ක ඕක සාදාරණ උනාට අදට ගලපද්දි ගැටලු තමා//
    මේකට අලුත් නීතියක් ගෙනාවොත් එක පරණ පවරපු ඉඩම් වලට බලපෑමක් වෙයිද ?

    ජයභූමි/ස්වර්ණභූමි අඩුවට යන්න හේතුවේ මේක තමයි
    අයියා කැමති නම් විතරයි මල්ලිට ඉන්න පුළුවන්
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    අම්මා ජිවතුන් අතර නැතිව ඇති නේද ?
    නැත්නම් ලොකු පුතාට පවරන්න බෑ නේද ?

    //ඔය පනත හදපු කාලට එක්ක ඕක සාදාරණ උනාට අදට ගලපද්දි ගැටලු තමා//
    මේකට අලුත් නීතියක් ගෙනාවොත් එක පරණ පවරපු ඉඩම් වලට බලපෑමක් වෙයිද ?

    ජයභූමි/ස්වර්ණභූමි අඩුවට යන්න හේතුවේ මේක තමයි
    අයියා කැමති නම් විතරයි මල්ලිට ඉන්න පුළුවන්

    ටනල් එකේ තියනවා පෙන්ඩින් එකේ පනතේ සංශෝධනයක්. සිරා කතාවක් කියන්නම්. අලුත්ම අදට ගැලපෙන එකක් ඕනා බං. මේකේ ගැටලු තියනවා. නමුත් මේ කපේදි එකක් ගෙන්න වෙයිද කියලා ලොකු බයක් තියනවා.
    මොකද ඉඩම් ප්‍රතිසංස්කරණය කියන වචනේ ඇහිච්ච ගමන් දේශපාලන සටන් වාක්‍යයක්⁣ වෙනවා බං.

    එතැන් එහාට
    එහෙනම් කොල්ලා අපි ගියා
    සින් එක ඉතිරි⁣ වෙන්⁣නේ!

    එදාට සිරාවට ප්‍රශ්න තියන උනුත් අන්දයි
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අවුරුදු විසිහතක් ජයභූමි ඔප්පු පදිංචි නම් ඒ ඔප්පු සින්නක්කර ඔප්පුවක් හැටියට පවරා ගන්න පුළුවන්ද?
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    Q10. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ මෙතෙක් නිකුත් කර ඇති ඔප්පු මොනවාද?
    • ස්වර්ණභූමි
    • ජයභූමි
    • රත්නභූමි
    • රන්බිම
    Q11. ඔප්පුවක ඇති වැදගත් කම කුමක්ද?
    ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ ඔබ මෙතෙක්කල් බලපත්‍රයක් මත සංවර්ධනය කළ ඉඩමක පූර්ණ අයිතිය ලබාදෙන නීත්‍යානුකූල ලියවිල්ලකි.
    Q12. ඔප්පුවක් ලබාගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද?

    • ඔබට ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍රයක් මත ඉඩමක් ලැබී තිබිය යුතුය.
    • ඉඩම හොඳින් සංවර්ධනය කර තිබිය යුතුය.
    • පදිංචියට දුන් ඉඩමක් නම් නිවසක් සාදා පදිංචිව සිටිය යුතුයි.
    • රජයට ගෙවිය යුතු මුදල් ගෙවා අවසන් කළ යුතුයි.
    Q13. ඔප්පුවක් ලබාගත හැක්කේ කෙසේද?
    • ඔබ ඉහත සුදුසුකම් සපුරා ඇත්නම් ඔබගේ ඉල්ලුම්පත ග්‍රාම නිලධාරී හෝ ක්ෂේත්‍ර උපදේශකට භාරදෙන්න.
    • ග්‍රාම නිලධාරී හෝ ක්ෂේත්‍ර උපදේශක ඉඩම පරීක්ෂා කර බලා වාර්තාවක් ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කරයි.
    • ඉඩම් නිලධාරී / ජනපද නිලධාරීද ඉඩම පරීක්ෂාකර ඔබ විසින් ඉඩම සංවර්ධනය කර ඇති බවට සහතික කළ වාර්තාවක් ප්‍රාදේශීය ලේකම් වෙත ලබාදේ.
    • ප්‍රාදේශීය ලේකම් මැනුම් දෙපාර්තමේන්තුව ලවා ඉඩම මැන මායිම් ගල් යොදා පිඹුර ලබාගනී.
    • පිඹුර ලැබුන පසු ප්‍රාදේශීය ලේකම් ඔප්පුව පිළියෙල කර පළාත් ඉඩම් කොමසාරිස් මගින් ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත එවයි.
    • ඉඩම් කොමසාරිස් ජනරාල් ඔප්පුව පරීක්ෂාකර නිවැරදි නම් ජනාධිපතිතුමාගේ අත්සන ලබාගැනීම සඳහා ජනාධිපති ලේකම් වෙත යවයි.
    • ජනාධිපති ලේකම්ගෙන් අත්සන සහිත ඔප්පුව ලැබුණ පසු එය ප්‍රාදේශීය ලේකම් වෙත යවනු ලබයි.
    • ප්‍රාදේශීය ලේකම් විසින් ඔප්පුව සඳහා සේවා ගාස්තු ලෙස රුපියල් 100/- ක ගාස්තුවක් ගෙවන ලෙස ඔබට දන්වයි.
    • එම මුදල නොපමාව ගෙවීම සඳහා ඔබ ක්‍රියා කළ යුතුය.
    • ඉන්පසු ප්‍රාදේශීය ලේකම් විසින් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ඔප්පුව ලියාපදිංචි කර එය ඔබ වෙත ලබාදේ.
    Q14. ඔප්පුව හා බලපත්‍රය අතර වෙනස්කම් මොනවාද?
    • බලපත්‍රය යනු තාවකාලික ලියවිල්ලකි.
    • එය කොන්දේසි සහිතයි.
    • කොන්දේසි උල්ලංඝනය කළහොත් බලපත්‍රය අවලංගු කළ හැක.
    • එහි මැනුම් පිඹුරක් අමුණා ඇත.
    • බලපත්‍රය අත්සන් කරනුයේ ප්‍රාදේශීය ලේකම් විසින්ය.
    • ඔප්පුවට ජනාධිපතිතුමා අත්සන තබා ඇත.
    • ඒ නිසා ඉඩමේ අයිතිය සම්පූර්ණයෙන්ම හිමි වේවි.
    Q15. ඔප්පුවකින් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද?
    • ඔබගේ ඉඩම සංවර්ධන කිරීමට හෝ ගේ දොර අළුත්වැඩියා කිරීම සඳහා ණය මුදලක් ලබාගැනීමට අවශ්‍යවු විට ඔබගේ නිරවුල් ඔප්පුව බැංකුවකට උකස් කළ හැක.
    • ඔබගේ දරුවෙකුගේ ණය මුදලක් සඳහා ඇපයට තැබිය හැක.
    Q16. ඔප්පුවක අයිතිය (පසුඋරුමය) ලබාදීම
    • ඔප්පුවක් ලැබුණු ඉඩමක අයිතිය දිය හැක්කේ තමන්ගේ භාර්යාවට / ස්වාමිපුරුෂයාට, දරුවන්ට හෝ ලේ නෑයෙකුට පමණි.
    • ඔබ කැමති නම්, ඔප්පුවේ ඇති සීමාවන් අනුව, තම දරුවන්ට කොටස්කර ලබාදිය හැක.
    • තමන්ගේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයාටද අවශ්‍ය නම් අයිතිය ලබාදිය හැක.
    • එසේ නොමැතිනම් තමන්ගේ ලේ නෑයෙකුටද අයිතිය ලබාදිය හැක.
    • ඔබගේ ඉඩමේ පසු අයිතිය ලැබිය යුත්තේ කාටද යන්න තීරණය කිරීමේ අයිතිය ඔබ සතුය. ඔබට ඔබේ භාර්යාවට / ස්වාමිපුරුෂයාට දරුවෙකුට හෝ ලේ ඥාතියෙකු වන ඕනෑම අයෙක් පසු අයිතියට නම් කිරීමට පුළුවන්.
    Q17. පසු අයිතිය නම්කර නොමැතිව දීමනාපත්‍රකරු මියගියහොත්
    • දීමනා පත්‍රකරුට සිටි පිරිමි දරුවන්ට පළමුව අයිතිය හිමිවේ.
    • පිරිමි දරුවෝ කිහිප දෙනෙක් සිටියහොත්, වැඩිමහල් පිරිමි දරුවාට අයිතිය හිමිවේ.
    • ගැහැණු දරුවෝ පමණක් සිටී නම් වැඩිමහල් ගැහැණු දරුවාට අයිතිය හිමිවේ.
    • එවැනි අවස්ථාවක ඉඩම භුක්ති විදින්නා වෙනත් අයෙකු වූවද අයිතිය ලබාදීමට නීතියෙන් ඉඩ නැත.
    • එසේනම්, ඔබ අයිතිය නම් කළොත්, දුරුවන්ට සාධාරණය ඉටුකර දියහැකියි නේද?
    • එසේනම් අදම ඔබේ ඔප්පුවේ පසු අයිතිය ලබා දෙන්න අමතක නොකරන්න.
    Q18. අයිතිය නම් කරන්නේ කෙසේද?
    • මේ සඳහා කිසිම ගාස්තුවක් අයකරන්නේ නැත.
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් 155 ආකෘති 3 ක් ලබාගෙන, එය සම්පූර්ණ කර නැවත භාරදෙන්න.
    • එම ආකෘතිපත්‍රය නොතාරිස්වරයෙක්, සාමදාන විනිශ්චයකාරවරයෙක්, ඉඩම් රෙජිස්ට්‍රාර්වරයෙක් මගින් සහතික කර ගත හැකිය.
    • එම සහතික කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පහසුවෙන් හා නොමිලේ කරගත හැකිය.
    • එම ලියවිලි ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ ලියාපදිංචි කර ඔබට එක් පිටපතක් භාරදේ.
    • එම පිටපත සුරැකිව තබාගන්න.
    Q19. නම් කිරීමක් අවලංගු කළ හැකිද?
    පුළුවනි.
    ඔබට අවශ්‍ය අය නම්කර, අලුත් ආකෘති 3 ක් ලියාපදිංචි කළවිට කළින් නම් කිරීම අවලංගුවේ.
    වැඩි විස්තර දැනගැනීමට පහත සඳහන් අය හමුවන්න.

    • ග්‍රාම නිලධාරී
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනපදනිලධාරී / ඉඩම් නිලධාරී
    • සහකාර ප්‍රාදේශීය ලේකම් / ප්‍රාදේශීය ලේකම්
    Q20. ඔප්පුවකින් ණයක් හෝ උගසක් ගන්නේ කොහොමද?
    • ඔබගේ ඉල්ලීම ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය. ඔහු ග්‍රාම නිලධාරී / ජනපද නිලධාරීන්ගේ වාර්තා ලබාගනු ඇත.
    • එම ඉල්ලීම සමග මුල් ඔප්පුව, එය ලියාපදිංචි කළ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලබාගත් පත්ඉරුවල පිටපත් ඉදිරිපත් කළ යුතුය.
    • ණය හෝ උකසගැනීමට හෝ උකස් කිරීමට බලාපොරොත්තු වන ආයතනයේ ලිපියක් සමග එම ආයතනය සකස් කළ ගිවිසුම් ඔප්පු කෙටුම්පතේ පිටපතක් ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.
    • ප්‍රාදේශීය ලේකම් ඔබට අවසර ලිපියක් අනුමත කළ ණය ගිවිසුම් ඔප්පු කෙටුම්පත සමග ලබාදේ.
    • එම ලිපියත්, අනුමත කළ ණය ගිවිසුම් ඔප්පුවත් ණයදෙන ආයතනය වෙත ඉදිරිපත් කළ යුතුය.
    Q21. ඔප්පුවට ඇපයට තබා ණය ගතහැකි ආයතන මොනවාද?
    • මහජන බැංකුව
    • රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
    • ලංකා බැංකුව
    • ලංකා සංවර්ධන මූල්‍ය බැංකුව‍
    • ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
    • සීමාසහිත ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව
    • සමූපකාර සමිති ආඥා පනත යටතේ ලියාපදිංචි සමිති සමාගම්
    • ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් අනුමත කරන ලද වෙනත් ආයතන
    • 1988 අංක 30 දරණ වාණිජ බැංකු පනත යටතේ ලියාපදිංචි ආයතන
    • 1963 අංක 11 දරණ මුදල් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතන
    • 1979 අංක 27 දරණ මුදල් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතන
    • 1988 අංක 78 දරණ සංශෝධිත මුදල් පනත යටතේ ලියාපදිංචි ආයතන
    Q22. ගත් ණය නොගෙව්වොත්
    • ණය හෝ උකස බේරුවේ නැත්නම් ඉඩම එම ආයතනය සඳහා සින්න වේවි
    • ඒ අයට ඉඩම විකුණා ණය මුදල අයකරගැනීමට පුළුවන්
    • ඒ අවස්ථාවේදී ඉඩම ඕනෑම අයෙකුට මිලදී ගන්න පුළුවන්. එහිදී පංතිය, රැකියාව, ආදායම සලකන්නේ නැහැ.
    • මිලදී ගන්නේ කොන්දේසිවලින් බැඳුනු ඉඩමක් නිසා ඉඩම මිලදී ගත් අය ඔප්පුවේ තිබෙන කොන්දේසි අනුව කටයුතු කිරීම අවශ්‍යයයි.
    • මිලදීගත් අය එම ඉඩම නැවත පැවරීමේදී ප්‍රාදේශීය ලේකම්ගේ පූර්ව අවසර ලිපියක් ලබාගත යුතුය.
    Q23. දරුවකුගේ ණය මුදලකට ඇපයක් ලෙස ඔප්පුව තියන්න පුළුවන්ද?
    පුලුවනි. එහිදී ඔබ ණය මුදලේ ඇපකරු වේවි.
    Thanks Bro
     
    Inquisitor

    Active member
  • Nov 5, 2008
    228
    69
    28
    Off Kandy
    Q2. අනවසරයෙන් අල්ලාගෙන දීර්ඝ කාලයක් භුක්ති විඳින ඉඩම සඳහා ස්ථිර බලපත්‍රයක් ලබාගත හැකිද?
    දැනට අනවසර නියමානුකූල කිරීමේ වැඩසටහන නතර කරලයි තියෙන්නෙ. එහෙත් ඔබ ඉඩම් නොමැත්තෙක්නම් නව ඉඩම් කච්චේරි ක්‍රමය තුල ලියාපදිංචි වී ඉඩම හෝ ඉඩමෙන් කොටසක් නීත්‍යානුකූලව ලබාගැනීමට අවකාශ ඇත.
    2020/09/10 දින නිකුත් කල අති විශේෂ ගැසට් පත්‍ර අංක 2192/36 පරිදි කිසිදු ලියවිල්ලක් ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචි හෝ සංවර්ධනය කර ඇති පුද්ගලයින් වෙත නීත්‍යානුකූල ලේඛන කඩිනමින් ලබාදීම සඳහා අයදුම්පත් 2020/09/30 දින දක්වා කැදවනු ලැබේ. ඉඩම පිහිටි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් මගින් ප්‍රාදේශීය ලේකම් වෙත අයදුම්පත් යොමු කල යුතුය. වහාම අයදුම් කරන්න.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    දෙමාපියන් ගේ වැරදි බන්. ජිවත් වෙලා ඉන්න කාලේ බෙදන්නේ නැතුව. අන්තිමට වලි වලින් නතර වෙන්නේ.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    දෙමාපියන් ගේ වැරදි බන්. ජිවත් වෙලා ඉන්න කාලේ බෙදන්නේ නැතුව. අන්තිමට වලි වලින් නතර වෙන්නේ.
    eka aththa...habai government eketh procedure hadanna ona mewage ewata....
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    දෙමාපියන් ගේ වැරදි බන්. ජිවත් වෙලා ඉන්න කාලේ බෙදන්නේ නැතුව. අන්තිමට වලි වලින් නතර වෙන්නේ.

    demaipiyange warada tamanta kyla deyak karaganna beri ammalage idam walata randu wewi inna kaalakannni hadapu eka :lol:
     
    • Like
    Reactions: Sx3

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අවුරුදු විසිහතක් ජයභූමි ඔප්පු පදිංචි නම් ඒ ඔප්පු සින්නක්කර ඔප්පුවක් හැටියට පවරා ගන්න පුළුවන්ද?

    එසේ පුළුවන්නං ඒ ක්‍රමය මොකක්ද ?
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    අවුරුදු විසිහතක් ජයභූමි ඔප්පු පදිංචි නම් ඒ ඔප්පු සින්නක්කර ඔප්පුවක් හැටියට පවරා ගන්න පුළුවන්ද?

    එසේ පුළුවන්නං ඒ ක්‍රමය මොකක්ද ?
    Never, Government idam kawadawath Sinnakkara oppu denne naha saha 27yrs nemei 1000yrs hotiyath Kalawarodhayata rajaye idam aithi wenne naha. Matath danaganna one idamak kohomada ban rajaye da nadda kiyala hoyaganne. Apeth idamamk thiyanawa e magula Swarnabhoomith neveilu, Jayabhoomth neveilu.... eth Town eke godak ewunta thamath oya monama oppuwakwath deela nahalu :( Aithiya thiyenne Pradeshiya Lekam talu. Meka rajaye idamakda nadda ? Issara kaale rajaye idam balen allagatta scene ekak thiyeene.