ස්වාසිලන්තයේ රන් වගාව – ස්වාසි ගෝල්ඩ්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ස්වාසිලන්තයේ රන් වගාව – ස්වාසි ගෝල්ඩ්

    දිළිඳු බවින් මිරිකුණු ස්වාසිලන්තය

    013.jpg

    ස්වාසිලන්තයේ සාරවත් භූමි (www.thekingdomofswaziland.com)

    ස්වාසිලන්තය යනු අප්‍රිකානු මහද්වීපයට අයත් රටක්. උතුරේ සිට දකුණට කි.මී. 200ක්ද නැගෙනහිර සිට බටහිරට කි.මී. 81 ක්ද ඇති මෙම කුඩා රටින් HIV වසංගතය පැතිරුණු ලෝකයේ වැඩිම ඒඩ්ස් රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන අතර එය කෙතරම්ද කිවහොත් වැඩිහිටියන්ගෙන් 25.8%ක්ම ඒඩ්ස් රෝගයට ගොදුරු වී සිටිනවා.
    අඩුම ආයු අපේක්ෂණය සහිත රටවල් අතරින් සිව්වැනි තැනට පත් වී ඇත්තෙත් ස්වාසිලන්තයයි. එය අවුරුදු හතළිස්නවයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ‍ලේඛනවලට අනුව රටේ මරණවලින් 64%ක්ම සිදුවන්නේ ඒඩ්ස් රෝගය හේතුවෙන්. ගර්භනී කාන්තාවන්ගෙන් ද 38.8%ක්ම එච්.අයි.වී. ආසාදනයට ලක්වී ඇති බැව් හෙළිවී තිබෙනවා. සෑම රෝගීන් 6000කටම සිටින්නේ එක් වෛද්‍යවරයෙක් පමණයි.
    රටේ ජනතාවගෙන් තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් දිළිඳු කමින් පීඩා විඳින අතර 60% කගේ දිනක වැටුප ඇ.ඩො 2.25ට වඩා අඩුයි. පාලන තන්ත්‍රයේ මෙන්ම රජුගේ අදූරදර්ශී ක්‍රියා මාර්ග මෙම ප්‍රතිඵල වලට හේතු වී තිබෙනවා. තම බිරියන්ට මාලිගා ගොඩනඟන්නට රජු පසුගිය වසරේදී ස්ටර්ලින් පවුම් මිලියන 8.5 ක් වැය කොට තිබෙන අතර සිය බිසෝවරුන් වෙනුවෙන් අලුතින් BMW කාර් මිලදී ගන්නට තවත් ස්ටර්ලිං පවුම් මිලියන 450ක් වැය කර ඇත්තේද ජනතා මුදලින්.
    නීති විරෝධී ගංජා වගාවේ උපත

    023.jpg

    ගංජා හේනක් (Pot Seeds)

    රටේ ජනගහනයෙන් 75%ක පමණ පිරිසක් නිරත වෙන්නේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත රැකියාවන් වලයි. උණුසුම් කාලගුණයත්, රටපුරා ගලායන ජල දහරා හා සරු පස තිබෙන නමුත් වගාවන් වලින් වැඩි අදායමක් උපයා ගැනීමට ස්වාසිලන්ත වගාකරුවන්ට හැකියාව ලැබී නෑ.
    දිළිඳුකමින් මිරිකුණු ස්වාසිලන්ත ජාතිකයන් ඉන් මිදීම සඳහා යොමු වී තිබෙන්නේ නීති විරෝධී ගංජා වගාවට යි. තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අනෙකුත් භෝග වලට වඩා ගංජා වගාව මනා පිටුවහලක් වන බව නීතිවිරෝධී ගංජා වගාකරුවන් පවසනවා. ගංජා වගා කරන ප්‍රදේශ අතරින් Pigs Peak ප්‍රදේශය Swazi Gold (ස්වාසිලන්තයේ ගංජා හදුන්වන්නේ මේ නමින්) වලට වැඩි ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා. Swazi Gold ශාකයක් සම්පුර්ණ ලෙස වර්ධනය වීමට මාස හයක පමණ කාලයක් ගත වෙනවා. සම්පුර්ණ ලෙස වර්ධනය වූ ශාකයක් අඩි 10ක් පමණ උසයි. ඒවාටම අවේණික පෙනුමක් හා සුවඳක් ඇති අතර මෙම වගාවට වැඩිපුර යොමු වී සිටින්නේ කාන්තාවන්.
    ඔවුන් නීති විරෝධී ගංජා වගාවට පිවිසෙන්නේ ඇයි?

    033-e1492681776470.jpg

    වගාවේ නිරතවෙන කාන්තාවක් (The New York Times)

    තමන්ගේ හා තම පවුලේ ජීවිත ගැට ගසා ගැනීමට තමයි ඔවුන් මෙම වගාව සඳහා පිවිසෙන්නේ. සාරවත් හා ඛනිජ සපිරුණු පසේ ගංජා ඇට ඉක්මනින් පැළ වී සරු අස්වැන්නක් ලබා දීමත් ඉතා හොඳ අදායමක් උපයා ගැනිමටත් හැකි වීමත් වගාවට යොමු වීමට තවත් ප්‍රධාන හේතූන් වෙනවා.
    තමන් ගංජා වගාවට යොමු වීමට හේතූන් එක් කාන්තාවක් විසින් මෙසේ දක්වනවා.
    “අපට කෑම වලට සල්ලි නෑ. ළමයින්ව පාසල් යවන්න සල්ලි නෑ. රස්සාවක් නැතිව කිසිම මුදලක් නැතිව ඉන්නකොට අසල්වාසීන් මේ වගාවෙන් සල්ලි හොයන හැටි මම දැක්කා. ඉතින් මම තීරණය කරා මේක ආරම්භ කරන්න. අපි හොරකම් කරන්නේ නෑ. දැන් පවුලම ජිවත් වෙන්නේ මේකෙන්. හැමදෙයක්ම මේකෙන්.
    පොලීසිය ආවොත් මට බයයි. එත් මේ දේ හැරුනුකොට මට ජීවත් වෙන්නට වෙන මාර්ගයක් නෑ. මිනිස්සු මේවා මිලදී ගන්නකම් මට ජිවත් වෙන්නට ක්‍රමයක් තියනවා. අනික මේවා ගොඩක් හොඳයි. සාරවත් පසක හැදිලා තියෙන්නේ.”
    ආචාර්ය බෙන් ඩොලමිනිගේ මතය

    042.jpg

    දකුණු පස සිටින්නේ ආචාර්ය බෙන් ඩොලමිනියි. (The New York Times)

    ස්වාසිලන්තයේ රසායන විද්‍යාව පිළිබඳව ආචාර්යවරයෙක් වන බෙන් ඩොලමිනි පවසන්නේ එරට ජනතාව දිළිඳු කමින් මිරිකී ජිවත් වන බැවින් ගංජා වගාව නීතිගත කල යුතු බවයි. රටේ ආර්ථිකය ගොඩ නගන්නට එය පිළිතුරක් වන බව ඔහු විසින් සඳහන් කරනවා.
    රජු අසීමිතව ජනතා මුදල් භුක්ති විදින බවත් Pigs Peak ප්‍රදේශයේ ජනතාවට තමන්ගේ ජීවන තත්වය මෙන්ම ආර්ථිකය වර්ධනය කරගැනීම සඳහා ගංජා වගාව නීතිගත කර ගැනීමට පවා කිසිදු උනන්දුවක් නොමැති බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ.
    “ නමුත් මේ ගංජා වගාකරුවන්ගේ ධෛර්යමත් බව අගය කල යුතු වෙනවා. නීතිය කඩලා මෙහෙම වගා කරන එකට. මම කියන්නේ රටේ නීති වෙනස් විය යුතුයි. හැමෝටම ගංජා වවන්නට ඉඩ සළසා දිය යුතුයි. නමුත් පොලිසියෙන් කියන්නේ මගේ මතය මිනිස්සු ගංජා වැවීම සඳහා පිස්සු වට්ටන බවයි” ඔහු පවසනවා.
    ගංජා වෙළඳපොල

    05-e1492681851681.jpeg

    පැදුරු මත ගොඩගසා තිබෙන Swazi Gold (Vice)

    ඔවුන් ගංජා විකිණීම සිදු කරන්නේ බර අනුවනම් නොවේ. පරිමාව අනුවයි. නිවෙස් වල පැදුරු මත ගොඩ ගසාගෙන තමයි විකිණීම සිදු කරන්නේ. නිවෙස් වලට පැමිණෙන පාරිභෝගිකයන් මිලදී ගන්නා අතර ගංජා ඇට විකිණීම සිදු කරන්නේ නෑ. ඒවා වගා කරුවන් නැවතත් වගා සඳහා යොදාගනු ලබනවා.
    දේශීය මෙන්ම විදේශීය ගැනුම්කරුවන්ද මිලදී ගැනීම සඳහා නිවෙස් වලට පැමිණෙනවා.ඔවුන් ඒවා දකුණු අප්‍රිකාව හා මුහුදු මාර්ග හරහා රැගෙන යනවා. ඉක්මනින් ඵලදාව ලැබෙන දෙමුහුන් ගංජා විශේෂද මේ අතර තිබෙනවා. නමුත් බොහොමයක් අවස්ථා වලදී වෙළඳාමෙන් උපරිම ලාභ ලබන්නේ අතරමැදියන්.
    කෙසේ වෙතත් නීති විරෝධී ගංජා වගාවෙන් තම ජීවිතය ගැට ගසා ගන්නා බහුතරයක් ජනතාවගේ අනාගතය පිළිබඳව වගේ වගක් නොමැතිව රජු ප්‍රමුඛ රාජ ආණ්ඩුව වර්තමානයේදීත් තම සුඛ විහරණය මඳක්වත් අඩු නොකර භුක්ති විදිමින් සිටිනවා.
     
    • Like
    Reactions: Darkline

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Swaziland වල හොර රජා මහින්ද මහත්තයගෙ පට්ට ෆිට් එක...
    6a00d8341c648253ef01774421a813970d-400wi
     
    Last edited:

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    Swaziland වල හොර රජා මහින්ද මහත්තයගෙ පට්ට ෆිට් එක..