ස්වීඩන් වල ඉන්න නිසා කියන්න පුලුවන් කරුනු ටිකක් මේ.
1. දේශපාලනික ගන්න තීන්දු තීරන තද මදි අපේ ඇහැට අනුව. ඒක එහෙම වෙන්න හේතු කීපයක් තියෙනවා. Inflation 0% තිබ්බ රටක් මේක. Covid වලින් පස්සේ රටේ ආර්ථික තත්වය තාම යතා තත්වෙට ඇවිත් නෑ. මේ රටෙත් මිනිස්සු නිදිමරාගෙන රට ගොඩ දාන්න මහන්සි වෙන්නේ නෑ. උන් හවස 5ට වැඩ ඉවර කරල යනවා අර එංගලන්තෙයි රෝමන් කාරයෝන්ගෙයි යුද්දේ වගේ

ඉතින් ගන්න තීරන සාමන්‍ය ජන ජීවිතයට බලපෑම අඩු ඒවා ගන්න වෙන්නේ. ඕක බැලැන්ස් කරන එක හරි අමාරු දෙයක්. දශක ගානක් තිස්සේ නාකි මයිනගේ අදිරාජ්‍යවාදී දේශපාලනයට යට වෙලා ඉදපු අපිට ඕක තේරෙන්නේ අඩුවෙන්
2. නිකන් උඩ බලන් ඉන්නේත් නෑ. දැනටම ප්‍රදාන නගර වලත් පොලිස් මාමිලා නැන්දිල වැඩී. අනික මෙහේ උන් අපේ අය වගේ කැද බීල ඉන්න උන් නෙවෙයි. මගේ ඇස් ඉස්සරහ systembolaget (wine store) එකට බීල ඇතුලු වෙලා රගන කල්ලොන්ව උස්සල පොලේ ගහල මාංචු දානව දැක්ල තියෙනවා

තංබින්ව (නින්ජා ) metro එකෙන් කුදලන් යනවා. බෝම්බ තිබ්බ තැන් කීපයක් වටලල තිබ්බා. හුගක් ඒවා public දෙනවා අඩුයි මිනිස්සු බය වෙන නිසා.
3. Min wage/month එක double කරලා. කෙටියෙන් කිව්වොත් 13000kr/month තිබ්බ එක 26700kr/month කරනවා work permits වලට. ඒ නිසා අවුරුදු 10 තිස්සේ මෙහේ work permit තියන් ඉන්න උන්ටත් රටෙන් යන්න වෙනවා මේ අවුරුද්ද අවසානයේ. (දැනට මේක suggestion එකක් විතරයි parliament එකේ) ලොකුම දේ තමා employer නෙවෙයි පඩි වැඩි කරන එක හොයල බලල කරන්න ඕනා. Employee තමා කතා කරලා තමන්ගේ පඩිය වැඩි කරගන්න ඕනා permit extend කරන්නනම්. ඉතින් ආර්ථිකය කෙල වෙලා ඉන්න වෙලේ හුගක් මිනිස්සුන්ට පඩිය 2x කරලා දෙන්නේ නැති වෙයි කියල කියනවා. ඒ නිසා refugees/work permits තියන් සැපට කාලා බීලා ඉන්න බහුතරයකට ඕකෙන් පාර වදිනවා.
3. ස්වීඩන් කියන්නේ මද්‍යස්ත රටක්. ඒකෙන් වාසි ගන්න රටක්. මේ දවස් වල ආර්ථිකය අවුල් නිසා මිසක් නැත්නම් පලස්තීන/ඊශ්‍ර්‍යායල යුද්දේ දෙපැත්තටම ආයුද දේන ජාතියේ රටක්

දෙපැත්තටම උදව් කරල ගාන හම්බ කරන රටක්.
4. රටට ඊලගට කෙල වෙන්නේ අපේ හෙල යක්ක පුතුන් මෙහේ ඉගෙනීම පලමු කොට කියල සිරිලක් මෑනියන් අතහැර දමා ඒම. කියන්න සතුටුයි ලංකාවේ ඉන්න බහුතරයක් මෙලෝ වැඩක් නැතු ගොබ්බ හැතිකරයක් student දාල මෙහේ රිංගනවා. අන්තිමට මෙහේ හම්බ කරගන බැරි උනාම හිගාකනවා. අප්පිරියයි. මේක බලන එන්න හිතන් ඉන්න එකෙක් ඉන්නවන්ම් කියන්නේ අනේ වදින්නම් හරි හමන් ස්කිල් එකක් දැනටම නැත්නම් එන්න එපා. ස්කිල් එකක් හදලා මාස්ටර් කරලා ඊට පස්සෙ වරෙන්. මේක තවත් නාපොලියක් හරි රුමෙනියාවක් හරි කරන්න එපා. Skill එකක් නැතුව මගේ මල්ලි කෙනෙක් ආවත් මටනම් ඌව නොගෙන ඉන්න එක හොදයි.

දැන් කියයි මං ඇවිත් අපේ උන්ට වල කපනවා කියලා. නෑ උබල skill එකක් හදාගෙන වරෙන්. මං ගෙදරක් දීල ඉන්න දෙන්මම්. නැතුව රටෙන් පැනලා එන්න එපා අප්පිරියයි