ස්‌ත්‍රීන්ගේ-අපාය-ඇෆ්ගනිස්‌ථානය
මීට දස වසරකට පෙර ඇෆ්ගනිස්‌ථානය කෙරෙහි ලෝකයාගේ අවධානය යොමුවීමට කරුණු දෙකක් හේතුවිණි. ත්‍රස්‌තවාදීන්ගේ ක්‍ෂේම භූමියක් වීම ඉන් පළමුවැන්නයි. ඇෆ්ගන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් තලේබාන් පාලනය ගෙන ගිය අසාමාන්‍ය පාලක ක්‍රමය එහි දෙවැන්නයි.
නමුත් දස වසරකට පසු ඇෆ්ගනිස්‌ථානයේ බිහිසුණු යුද ගිනිදැල් දැන් නිවී ගොසිනි. ලෝකයම බලාපොරොත්තු දල්වා බලාසිටියේ ඇෆ්ගනිස්‌ථානය ඒ බියකරු සිහිනයෙන් මිදී අවදි වනවිට ඇෆ්ගන් කතුන්ටද නැවුම් දවසක් උදාවෙතැයි කියායි. එහෙත් තලේබාන් පාලනය අවසන් වී දස වසරක් ගෙවුණද ලෝකයේ කාන්තාවන් සඳහා ඇති භයානකම රට ඇෆ්ගනිස්‌ථානය යෑයි දැක්‌වෙන කණගාටුදායක පුවතක් ඉකුත්දා බී. බී. සි. පුවත් සේවය වාර්තා කර තිබිණි.
තෝමස් රොයිටර් පදනම නමැති සංවිධානය විසින් කරන ලද සමීක්‍ෂණයක් මගින් මෙකී කරුණ අනාවරණය කරන අතර ඇෆ්ගනිස්‌ථානයේ දීර්ඝකාලයක සිට පවතින යුධ ගැටුම්, අවම සෞඛ්‍ය පහසුකම් සහ දුප්පත්කම කාන්තාවන් සඳහා ලෝකයේ අනාරක්‌ෂිතම තැන ලෙස ඇෆ්ගනිස්‌ථානය පත් කිරීමට හේතු විනැයි සඳහන් කරයි.
සැබෑවට මෙය නම් සමස්‌ථ ලෝකයාගේම බලාපොරොත්තු සුන්කිරිමකි. 2001 වසරේ ඇමරිකානු හමුදා තලේබානු පාලනය පන්නා දැමීමත් සමඟ පාලනයට පිවිසි මොහොමඩ් කර්සායිගේ අන්තර්වාර පාලනයෙන් ඇෆ්ගන් කතුන්ට අලුත් හෙටක් උදාවෙතැයි බොහෝ දෙනා තුළ බලාපොරොත්තු දැල්විණි. ඇත්තෙන්ම එයින් වඩාත් උද්දාමයට පත්වූයේ පස් වසරක් තිස්‌සේ තලේබානුවන්ගේ ගෝත්‍රවාදී නීතිවලට බියෙන් තමන්ගෙ සුන්දර රූ සපුව බුර්කාවකින් හෝ පර්දාවකින් වසා සිටි ඇෆ්ගන් කාන්තාවෝය. එහෙත් අදටත් ඇෆ්ගන් කාන්තාවන්ට කාන්තා අයිතීන් යනු සිහිනයක්‌ම පමණක්‌ම වන හැඩය.
බ්‍රිතාන්‍ය රාජ්‍ය නොවන ආධාර සංවිධානයන් වන ඔක්‌ස්µdම් සහ ඇක්‌ෂන් එයිඩ් සංවිධානද ඇෆ්ගනිස්‌ථානයේ ඇති මේ ෙ€දනීය වාතාවරණය පිළිබඳ වාර්තාවක් පළ කළේය. එම වාර්තාවට පසුබිම වූයේ ඇෆ්ගනිස්‌ථානයේ විවිධ ප්‍රදේශවලදී තෝරාගත් ඇෆ්ගනිස්‌ථානු කතුන් දහසකි. එම කතුන්ගෙන් 86% ක්‌ම කියා ඇත්තේ දැන් පවතින පාලන ක්‍රමය තලේබානු පාලන ක්‍රමය සේම ක්‍රියාකිරීම නිසා තමන් මහත් පීඩාවට පත්ව ඇති බවකි. නමුත් 2001 වසරේ විදේශීය හමුදා සහ තලේබාන් පාලනය අතර යුද ගැටුම් හට ගන්නා වකවානුවේ පැවැති තත්ත්වයට වඩා යහපත් තත්ත්වයක් දැන් පවතින බවද ඒ අතරම 72% පිරිසක් මත ඉදිරිපත් කර තිබේ. ඒ කෙසේ වුවත් ඇෆ්ගනිස්‌ථානයෙන් විදේශීය හමුදා පිsටවීම නිසා නැවතත් රට පෙර පැවති භයංකාර අඳුරු අතීතයට වර්තමාන පාලනය ඇදගෙන යන බව එම සමීක්‌ෂණයට සහභාගි වූ සියයට 37ක් වන කාන්තාවෝ බිය පළකරති.
කෙසේ වෙතත් මේ සියලු කාරණා කිරා බැලූ කළ පසුගිය දස මසක කාලය තුළ ඇෆ්ගනිස්‌ථානයේ කාන්තාවන් සඳහා හිමි විය යුතු අයිතීන් වල වර්ධනයක් පෙන්නුම් කළත් තවමත් ඇෆ්ගනිස්‌ථානය යනු කාන්තාවන් සඳහා අනාරක්‌ෂිත තැනක් බව ඇක්‌ෂන් එයිඩ් වාර්තාව පෙන්වා දෙයි. විශේෂයෙන් පෙර පැවැති තත්ත්වයට අනුව කාන්තාවන්ට අධ්‍යාපනය සහ පිළිගත් වෘත්තියන්වල නිරතවීමට අවස්‌ථාව සැලසීමට වැදගත් ලක්‌ෂණයක් බව ඔවුන් පෙන්වා දෙයි. වර්තමාන රජය හිමිකළ එම වරප්‍රසාදයේ වටිනාකම මැනිය හැක්‌කේ තලේබාන් පාලනය සමග සස¹ බැලීමෙනි.
තලේබාන් පාලනය ආරම්භ වන්නේ එතෙක් ඇෆ්ගනිස්‌ථාන්ය පාලනය කරමින් සිටි සෝවියට් හමුදා පිටව යැමෙන් පසුවයි. ඇත්තෙන්ම 1996 තෙක් පැවැති සෝවියට් හමුදා පාලන සමයේ කාන්තා අයිතීන් සුරැකිණි. කාන්තාවන්ට රාජ්‍ය සේවයට එක්‌වීමේ අවස්‌ථාව බටහිර පන්නයට ඇඳුම් ඇඳීමේ නිදහසත් හිමිවූයේ සෝවියට් පාලනයෙනි. නමුත් සෝවියට් හමුදා නික්‌මයැමෙන් පසු ඇෆ්ගනිස්‌ථානයේ කාන්තාවන්ට උදාවන්නේ නරක කාලයකි. එය කාන්තා අයිතීන් උල්ලංඝනයේ සහ අනාරක්‌ෂිත බවේ ආරම්භයයි. ඇෆ්ගනිස්‌ථානය අරක්‌ගෙන සිටි විවිධ සටන් නායකයෝ තම පරමාර්ථ ඉටුකර ගැනීමට සටන් කරුවෝ මෙහෙයවූහ. මේ සටන් කරුවන් බොහොමයකට එකම කෙළි බඩුව වූයේ ඇෆ්ගන් කාන්තාවයි. ස්‌ත්‍රී දූෂණය ඉහ වහා ගියේද එම කාලයේයි.
ඇෆ්ගන් කතුන් දූෂණය හඳුන්වන්නේ "බිම වැතිරීම" යනුවෙනි. තරුණ සටන්කරුවන්ගේa තාඩන පීඩන හෝ මරණයෙන් බේරීමට ඇෆ්ගන් කතුන්ට වූ එකම විකල්පය වූයේ බිම වැතිරීමයි. 1996 වසර තෙක් එම තත්ත්වය ඇෆ්ගනිස්‌ථානයේ ඉතා දරුණුවට පැතිරිණි. නමුත් නවසිය අනූහයේ ඇරඹි තලේබාන් පාලනය නිසා ස්‌ත්‍රී දූෂණය නම් නැවතිණි. එහෙත් එම පාලනයෙන් ඇෆ්ගන් කාන්තාවන්ගේ මූලික අයිතීන් පවා කප්පාදු කෙරිණි. ඔවුන් වචනයේ පරිසමාප්ථාර්යෙන්ම කාන්තාව පුරුෂාධිපත්‍යයට ලක් කළේය. ස්‌ත්‍රියකගේ මුහුණ පිටස්‌තරයකු දැකීම තහනම් විය. රැකියාව තහනම් විය. පිරිමි ඥාතියෙකු නොමැතිව පිටතට යැම තහනම් විය. අවසානයේ ගැහැණුන් සිටින නිවෙස්‌වල ජනේල අඳුරු කළ යුතු විය. මෙයාකාරයේ සකලවිධ නීති රීතිවලින් ඇෆ්ගන් කාන්තාව පිටස්‌තර ලෝකයාගෙන් හුදකලා තත්ත්වයකට පත් කළේය.
සැබෑවටම එදාට සාපේක්‌ෂව යම් තරමක සහනයක් අද ඇෆ්ගන් කාන්තාවන්ට ලැබී ඇත. එහෙත් එය ලෝකයා බලාපොරොත්තු වන තරම් නොවීය. යම් දිනක ඇෆ්ගනිස්‌ථානු වත්මන් අන්තර්වාර පාලනයට අභියෝගයක් වන්නේද එයමය.
තිස්‌ස ගුණතිලක
උපුටා ගැනීම " දිවයින "