සාංකාව ගැන පොඩි කතාවක්

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,742
    9,074
    113
    TFS

    ara pothe PDF eka ganna widiyak nadda bro

    http://library.lol/main/16437C542934B130E0F73B0503DB3EC2

    මෙහෙමයි, පොඩි ඩිස්ක්ලේමර් එකක් දාන්න මම නීතියෙන් බැඳිල ඉන්නව—දර්ශනය ගැන කියවන අය අතරෙ සාමාන්‍යෙන් තියෙන අදහසක් තමා නීෂගෙ පළවෙනි පොත විදිහට TSZ කියවන්නම එපා කියන එක. මොකද එයාගෙ දර්ශනේ ප්‍රධානම ලියවිලි ටික පළකරලත් කාලෙකට පස්සෙ තමා ඕක ලියන්නෙ. අර සියල්ලෙම තියෙන අදහස් එකට හින්දවල ප්‍රබන්ධ කතාවකට ඇරගෙන තියෙන නිසා මේක ක්‍රිප්ටික්. මොනවද මේ කියන්නෙ ඇයි එහෙම කියන්නෙ කියල විස්තර කරන්න ඌ වෙලාව ගන්නෙ නෑ. ඒ නිසා මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු උනේ පොත කියවන්න කියන එක නෙමේ.

    හැබැයි ස්පිරිට් එක තියාගෙන ඕකම පළවෙනියට කියවන්න පුලුවන්. ඕනෙම ෆිලොසොෆිකල් ටෙක්ස්ට් එකක් කියන්නෙ එහෙම එන්ජෝයි කරන්න ඕනෙ වික්‍රමයක් වගෙ දෙයක්, එක්කො තේරෙයි නැත්තම් නෑ. මන් නම් ඕක කියෙව්වෙ ඕව කිසිවක් නොදැන ඒ කාලෙ තිබ්බ මෝඩකම නිසා.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,742
    9,074
    113

    Motivational videos and self-help literature probably can't and won't help you (probably is the key term here, I'm not entirely sure). Not that their form is inherently ill equipped to convey any insight but most I’ve seen have been hindered by superficiality to an extent it is hardly of any importance. I think a lot of people share my sentiment.

    Trivial wisdom can only carry you so far. One needs to derive something profound and workable out of their own personal crisis. At the end of the day, some form of a struggle is unavoidable.

    But I won’t be presumptuous to say motivational videos are not useful to anyone. Who knows, despite being insufferably cringeworthy there may be people that find them extremely useful.
     
    Last edited:
    • Like
    Reactions: icewiz

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207

    Pewdiepie මේ වීඩියෝ එකේ ඔයා කිව්ව පොතේ කොටසක් quote කරනව
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    698
    2,033
    93
    33
    නාස්තිකවාදෙයි අශුභවාදයෙත් ෆන්ක්ෂනල් වෙනසක් තියෙනව ඕක බලද්දි මතක් උනෙ.

    නාස්තිකවාදය රිනවුන්ස් කිරීම ගැන ගැටලුවක් නෑ. ඒත් ශුභවාදය එක්ක අශුභවාදයත් ජීවිතෙ නොතිබීම ගැටලුවක් වෙනව. මෙතනදි තමා ධනාත්මක චින්තන ගුරාලගෙන් හැකිතාක් ඈතට දුවන්නෙ.

    මිනිස් ස්වභාවය හිතද්දි ඒ ගැන මඟාරින්න බැරි තරමෙ අශුභවාදයක් තියෙනව. හැබැයි මිනිස්සුත් එක්ක වැඩ කරද්දි ආගමික භක්තියකින් ශුභවාදියි, කොයිතරම් අපතයො හිටියත් ඒක ආයෙ වෙනස් වෙන්නෙ නෑ. Pessimism in theory, optimism in practice.
    ඔය කියන විධියට උබ අශුභවාදීයෙක්ටත් වඩා නරුමවාදියෙක් විදියට මට පේන්නේ. කලියුගය යුගාන්තය ඉන්න තිස්ස වගේ.

    නැහැ, දෙවනි පියවර— ජීවිතයට අර්ථයක් නැති නම් ජීවිතය අර්ථයකට අනුව හසුරුවන්න ඕන. යුක්තිය සාධාරණය සත්‍යය යහපත ගැන අදහස් අති මහත්වූ ආත්මීය විශ්වාසයකින් වැලඳ ගත යුතුයි. මෙතන දැඩි විශ්වාසයක් කියන්නෙ සීරියස් ආගමික භක්තියක් වගේ එකක්. විශ්වාසය කියන්නෙ සිද්ධාන්ත ගොන්නක් නෙමේ, විශ්වාසය තියෙන්නෙ ප්‍රැක්ටිස් එකේ. ඒක දැඩි විනයක් සහ කැපකිරීමක් අවශ්‍ය වෙන අමාරු අසීරු දෙයක්. සමහර වෙලාවට භයානක දෙයක්. අවස්ථාව අනුව අදහස් වෙනස් කරන ප්‍රායොගිකවාදියෙකුගෙ ජීවිතයට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ කතාවක් මේ (මේ නිසයි මම අනාගමිකයෙක් නොවන්නේ).

    මේ කියන්නේ moral relativism ගැනද? සාපේක්ෂ සදාචාරයක් ගැනද?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,742
    9,074
    113
    ඔය කියන විධියට උබ අශුභවාදීයෙක්ටත් වඩා

    සම්පූර්ණ අශුභවාදියෙක් කියල කොහොමටත් කියන්නෙ නෑ, ප්‍රැක්ටිස් එකේ අශුභවාදය අයින්ම කරල දාන්නෙ ඒ නිසා. අශුභවාදී අදහසක් තියෙනව ඉතාම ඩෝමන්ට් තැනක. මනුෂ්‍යයා ස්වභාවයෙන්ම යහපත් හෝ ධර්මිශ්ට වගෙ අදහසක් නෑ, මන් හිතන්නෙ නෑ කාටවත් එහෙම තියෙනව කියල. අපි හැමෝටම අන්තිම පහත් මට්ටමේ ව්‍යසනකාරී බවකට වැටෙන්න තරම් ප්‍රොක්ලිවිටි එකක් තියෙනව, ඒ නිසා තරමක අඳුරු දැක්මක් තමා තියෙන්නෙ හියුමන් නේචර් එක ගැන. මේ අර පරණ බයිබල් අදහස මයි වියුක්ත කරල කියන්නෙ, man is born of sin. ජීවවිද්‍යාත්මක රියැලිටිය අනුව සමාජ ව්‍යුහය සැකසිය යුතුයි කියල උග්‍ර විදිහට හිතන අය මේකට පැනපු ගමන් එකඟ වෙයි මොකද කැලෑ නීතිය සහ ජානයෙ රෞද්‍ර ආත්මාර්ථකාමී බව එයාල නිතර නිතර මතු කරන නිසා.

    නමුත් එයාලගෙන් වෙන් වෙන ට්විස්ට් එක මේකයි, අපි හැමෝගෙම ඇතුලෙ නපුරක් තිබිය හැකි බව දැන දැනත් ඒ සියල්ල පැත්තක දාල ආගමික විශ්වාසයකින් වගේ ශුභවාදය ප්‍රැක්ටිස් කිරීම. මන්ද උඹලට කොහොමද කියල, මිනිස්සු සම්බන්ද කාරනා වලදි ප්‍රැක්ටිස් එක තියරියට වඩා ප්‍රමුඛයි.

    නරුමවාදියෙක් විදියට මට පේන්නේ.

    යකෝ, මේක ප්‍රතික්ෂේප කරනව, පහළින් ලියන්නම්...

    මේ කියන්නේ moral relativism ගැනද? සාපේක්ෂ සදාචාරයක් ගැනද?

    මේ ප්‍රශ්නෙ අහනවට හරි අකමැතියි 🙂. කෙටි උත්තරේ— ඔව්.

    මේක ඔය දහනවවෙනි ශතවර්ෂෙ මහද්වීපික දාර්ශනිකයො ගැන මිනිස්සුන්ට තාම තියෙන ගැටලුවක්. මෙහෙමයි, ඔය කාලෙටත් කලින් කාන්ට් ගෙ කාලෙ ඉඳලම සියලුම අය අඩු වැඩි වශයෙන් රලෙටිවිස්ට් ලා වෙන්න සුදුසුකම් සියල්ල සපුරල තියෙන්නෙ. මොකද එයාල මොරැලිටියෙ වාස්තවික හරි විශ්වීය බව ගැන මුලින්ම ප්‍රතික්ෂේප කරන නිසා. සුදුසුකම තවදුරටත් රැකගන්නෙ හෝ නැතිකරගන්නවද කියන එක තීරණය වෙන්නෙ එතනින් පස්සෙ එන එතික්ස් (මොරැලිටි නෙවේ) ගැන සාකච්ජාවෙදි (එහෙම යමක් සාකච්ජා කරනව නම්) යෝජිත ආචාරවේදය කොයිතරම් දුරකට පුෂ් කරන්න යනවද කියන එක උඩ.

    මන් සම්බන්දයෙන් නම්, එතික්ස් ඉතාම දැඩි මට්ටමකින් බාර ගත්තත් ඒව අනිත් අයට යෝජනා නොකරනව කියල තමා හිතන්නෙ.

    නරුමවාදය ගැන—මේ දෙවනි වටේකින් එතික්ස් ප්‍රතිස්ථාපනය කිරීම නරුමවාදයෙන් ගැලවීමෙ ක්ලැසික් ප්‍රයත්නයක්. නරුමවාදය පිටුදැකීමම තමා මුල් පෝස්ට් එකේ ජිස්ට් එකත්. මේක ආගමික අයිඩියල් වලට ලඟින් යන දෙයක් බව පැහැදිලියිනෙ, මන් දන්නෙ නෑ සිනික් කෙනෙක් ඔහොම රොමෑන්ටික් දේවල් තෝරගනීද කියල.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේකෙන් ගොඩ එන්න මම ගියපු පාර මේකයි: පළවෙනි පියවර—යුක්තිය සාධාරණය සත්‍යය යහපත ආදී සියල්ල මනුෂ්‍ය නිර්මාණ බව මට පේනව. ලෝකයට අපි දෙන අර්ථ නැතිනම් ලෝකය අරුත්සුන්. මම ජීවත් වන ලෝකය දිහා බැලුවම මම හොඳටම දන්නව (හොඳටම!) ලෝකයෙ යහපත-අයහපත ගැටලුව ගැන අපිට සපයල දීල තියෙන උත්තර ඔන්ටොලොජියක් විදිහට නිවරැදි නැති බව. මම හොඳටම දන්නව කර්මානුරුපිව හෝ වෙනයම් ක්‍රමයක් අනුව පැවැත්ම වැඩ නොකරන බව. දැන් එතකොට සියල්ල හරිද? පිළිතුර නාස්තිකවාදය ද?

    නැහැ, දෙවනි පියවර— ජීවිතයට අර්ථයක් නැති නම් ජීවිතය අර්ථයකට අනුව හසුරුවන්න ඕන. යුක්තිය සාධාරණය සත්‍යය යහපත ගැන අදහස් අති මහත්වූ ආත්මීය විශ්වාසයකින් වැලඳ ගත යුතුයි. මෙතන දැඩි විශ්වාසයක් කියන්නෙ සීරියස් ආගමික භක්තියක් වගේ එකක්. විශ්වාසය කියන්නෙ සිද්ධාන්ත ගොන්නක් නෙමේ, විශ්වාසය තියෙන්නෙ ප්‍රැක්ටිස් එකේ. ඒක දැඩි විනයක් සහ කැපකිරීමක් අවශ්‍ය වෙන අමාරු අසීරු දෙයක්. සමහර වෙලාවට භයානක දෙයක්. අවස්ථාව අනුව අදහස් වෙනස් කරන ප්‍රායොගිකවාදියෙකුගෙ ජීවිතයට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ කතාවක් මේ (මේ නිසයි මම අනාගමිකයෙක් නොවන්නේ).

    ..........

    කොයිතරම් අපහසු උනත් ඒ අර්බුද රත්තරන් බවට හරවාගැනීමට වැඩ කිරීම හැමවිටම අතිශය උද්යෝගීමත් දෙයක්. නැවතත් ඉර එලිය පිරුණු දවසක, කුඩා ළමයි කෑගසන පරිසරේක එහෙම නැත්තම් කාන්තාවකගෙ සුන්දරත්වය විඳිය හැකි මනුස්සයෙක් බවට පත්වීම නරක දෙයක් නෙමෙයි නේද?

    මේ ලෝකයට එක් අර්ථයක් තිබ්බනම් දබොම්බ් ඔයා කොහොමද ලව්දබොම්බ් වෙන්නෙ, ග්‍රීන්තන්ඩර් කොහොමද ග්‍රීන්තන්ඩර් වෙන්නෙ නේ. ග්‍රීන්තන්ඩර් හිතන විදිහට මේ අරුත් සුන්බවම තමා දබොම්බ් පෙන්වන ආත්මීය විශ්වාසය තියන මනුශ්‍යයාට ලැබෙන හොඳම ආශීර්වාදය.

    Nietzscheට වුනත් බුදුදහමේ වටිනාකමක් දැනුනත් ඔහුට දෙන්න ඕනෙ පිලිතුර බුදුදහමේ පිලිතුරට හාත්පසින්ම වෙනස් නේ?
     
    ඔව් සම්පූර්ණයෙන්ම වෙනස්. සමස්තයක් විදිහට එයාගෙ රේඩාර් එකට අහුවුන සියලුම ආගම් ටිකට සහ ප්ලෙටො ගෙ ඉඳන් බටහිර සිස්ටමැටික් දර්ශන වලට අවශ්‍ය ගෞරවේ එයා දෙනව. හැබැයි අන්තිමට හතර වටේට ක්‍රීටීක් එක පටන් ගන්නව. ආගම් ටික ගැනයි සෙසු බටහිර දර්ශන ගැනයි තියෙන්නෙ එකිනෙකට වෙනස් විචාර දෙකක් හැබැයි.

    නීෂ කියන්නෙ ඉන්ස්ටග්‍රැම් පෝස්ට් වල, පියුබර්ටිය පාස් කරමින් ඉන්න හෝමෝනල් කොල්ලො කෙල්ලොන්ගෙ සෙල්ෆි කැප්ෂන් වලට අහුවෙන අයිකන් එකම නෙමේ. එයා ආගම් සම්බන්දව කරපු ක්‍රිටික් එකේ අපිට ටිකක් වැදගත් වෙන සංකීර්ණතාවක් තියෙනව. නීෂ එයාගෙ ජනප්‍රියම ක්වෝට් එක උන "God is dead" කතාව කියන්නෙ පොප් කල්චර් එකේ පාවිච්චි වෙනව වගේ ජයග්‍රාහි ස්වරයකින් නෙමේ. දෙවියෙක් අහිමි වීම කියන්නෙ ප්‍රහර්ෂයකින් කියන්න හිතෙන දෙයකටත් වඩා පොළවෙ හැපිල අඬන්න ඕනෙ කාරනයක් නෙ. මෙතෙක් කල් සමාජය දරාගෙන හිටි මොකක් හෝ ග්‍රවුන්ඩ් එකක් මිනිස්සුන්ට අහිමි වීමක්.

    ඒ කාලයත් තීරණාත්මකයි. නීෂ ජීවත් වෙන්නෙ බුද්ධි ප්‍රබෝද යුගය ටිකක් පහු කරල නෙ. එයා දකිනව විද්‍යාත්මක චින්තනය ක්‍රමිකව උඩට එනව. දේවත්වයක් එක්ක ගොඩනැගුන මොනාකි ටික අහෝසි වෙලා ජාතික රාජ්‍ය හැදෙනව දකිනව. ඩාවින්වාදය දකිනව. නීෂ කියන්නෙ තරුණ කාලෙ ඉඳන්ම අදේවවාදියෙක්, එයාට මේ කිසිවක් අමුතුවෙන් ට්‍රොමැටික් අත්දැකීම් නෙමේ. හැබැයි එයාට තේරෙනව යුරෝපියානු මාස් එක පළවෙනි වතාවට සංස්ථාපිත ආගමකට එපිටින් අදහසක් දකිමින් ඉන්න බව. විද්‍යාව කියන්නෙ හුදු දර්ශනයක් පමණක් නෙමේනෙ, ආර්ථිකෙ ඉඳලම වෙනස් කරවන ස්ටීරොයිඩ් වල දුවන ප්‍රබල සංස්කෘතික ප්‍රවාහයක්. ඕකෙ ප්‍රතිඵලය කැමති හෝ නැතා ක්‍රිස්තියානු (ආගමික) වැලියුස් ඉතාම ඉක්මනින් අවුට් ඔෆ් ෆැෂන් යන බව.

    මෙතෙක් කල් මිනිස්සුන්ට යම් අරමුණක් ලබාදීල සමාජය සැකසීම සම්බන්දයෙන් නීෂ ආගම් වල ෆන්ක්ෂන් එක පිළිගන්නව. ආගම අහෝසි වෙන එකටත් වඩා නීෂ කල්පනා කරන්නෙ ඔයින් පස්සෙ එන අනර්ථකාරී රික්තය ඇතුලෙ සමාජය අර්බුදයක හිරවීම ගැන. එයා හිතන විදිහට මේ අලුත් සමාජ ප්‍රතිසංස්කරණ කොයිතරම් සුභදායි උනත් අවසානයෙදි අරමුණක් සපයන්න අසමත් බව.

    ඉතින් ඒ නිසා තමා: "ඔව් දෙවියන් මියගොස් ඇත, සෝ වට්! මේ අලුත් කටුක, අවිනිශ්චිත පරිසරයෙ උද්‍යෝගශීලිව අර්ථයක් අපිම සපයාගමු" වගේ එකක් එයා කියන්නෙ. ඔතනින් තමා එයාගෙ අර සුපර් මෑන් මිත්‍යාව රූපකයක් විදිහට එන්නෙ.

    ඔය ලිව්වෙ කෙටි සමරියක්. ඔය සියල්ලම මම බරපතලව ගන්න අදහස් නෙමේ. ඌබර්මෙන්ෂ් ගැන ගැන ගැටලු තියෙනව. මිනිස් සමාජය වගේ ඒකක අම්බානක තියෙන සංකීර්ණ සමාජයක් ඕකෙන් මේන්ටේන් කරන්න පුලුවන් ද කියන එක ගැන ෂුවර් නෑ. ඇත්තටම මගෙ මුල් පෝස්ට් එකෙ අවසානෙට ව්‍යුත්පන්න කරගන්න එතික්ස් නීෂට වඩා ලඟ කියකිගා ට.

    මම නීෂ ගෙන් ගන්නෙ එයා ජීවිතය ගැන බලන අර ගැම්ම, අනුරාගය. ඒක නැතුවම බැහැ අද වගේ කාලෙක ජීවත් වෙන්න. උඩ මෙම්බර් කෙනෙක් වැරදියට හිතන් තිබ්බා නරුමවාදයක්ද මේ කියල. දෙයියනේ අතක් පයක් නැති උනත් කමක් නෑ මේ කාලෙ තියෙන කාළකන්නි නරුමවාදයෙ නොගිලෙනව නම්.
     
    Last edited:
    • Like
    Reactions: greenthunder

    දබොම්බ් පෙන්වන මේ එක්සිස්ටන්ශියල් ක්‍රයිසිස් එක අපි බොහොමයකට ජීවිතයේ කොයි අවධියකදි හෝ මුහුණ දෙන්න සිදුවෙන දෙයක්. බෞද්ධ ඉගැන්වීමේ මේකට පිලිතුරක් දෙනවා වුනත් ඒ පිලිතුර නොගැලපෙන අයට දබොම්බ්ලා කරන ප්‍රශ්නය ඇක්නොලෙජ් කිරීමත්, දෙන පිලිතුරත් වැදගත් වේවි.

    මුදුන (සිරස) වැටීම, පායදම් විසුරුවා හැරීම මුණිවරු ලොව උතුම්ම දෙය යැයි සැලකුවත්, ඒ මුණිවරුත් සසර පුරාවට තමන්ට පහරවදින වේවැලට වැඳවැටෙමින්, පාවිලංගු පින්තාරු කරමින් අර්ථාන්විත, සාධු සම්මත යහපත් ජීවිත ගතකලා නොවැ.

    Edited - last paragraph.
     
    Last edited:
    • Like
    Reactions: lovethebomb

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,742
    9,074
    113
    දබොම්බ් පෙන්වන මේ එක්සිස්ටන්ශියල් ක්‍රයිසිස් එක අපි හැමෝටම ජීවිතයේ කොයි අවධියකදි හෝ මුහුණ දෙන්න සිදුවෙන දෙයක්. බෞද්ධ ඉගැන්වීමේ මේකට පිලිතුරක් දෙනවා වුනත් ඒ පිලිතුර නොගැලපෙන අයට දබොම්බ්ලා කරන ප්‍රශ්නය ඇක්නොලෙජ් කිරීමත්, දෙන පිලිතුරත් වැදගත් වේවි.

    We might be more similar in our devoutness than we think. A thorny fact of life is that most of us mortals cannot possess complete certitude when it comes to ontological inquiries, to claim otherwise would be quite duplicitous (there are people that are full of confidence that they know what lies beyond human phenomenology, I envy them). So at the end of the day, a revival of faith— already institutionalized one or bespoke—is crucial I think, as long as we do it authentically.

    මුදුන (සිරස) වැටීම, පායදම් විසුරුවා හැරීම මුණිවරු ලොව උතුම්ම දෙය යැයි සැලකුවත්, ඒ මුණිවරුත් සසර පුරාවට තමන්ට පහරවදින වේවැලට වැඳවැටෙමින්, පාවිලංගු පින්තාරු කරමින් අර්ථාන්විත, සාධු සම්මත යහපත් ජීවිත ගතකලා නොවැ.

    Edited - last paragraph.

    That first verse hit hard. අම්මපා මේ අමු බුවා නැත්තම් මේ සින්දුව මීට වැඩියෙන් එන්ජෝයි කරනව මම. ඕකෙ "වේවැලක් කැඩුනා" කෑල්ල කියෙව්වෙ කොහොමද උඹ?
     
    • Like
    Reactions: greenthunder

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,853
    4,237
    113
    අවුරුද්ද අවසාන වෙන්න ලඟ නිසාද මන්දා සාංකාමය කාංසාමය ත්‍රෙඩ්ස් පේනව. ෆුල් ඔන් සුයිසයිඩල් පෝස්ට්ස් ටිකක් දැක්කා. මේ ඇඩ්වයිස් නෙමේ, පොඩි කතාවක්.

    පොඩ්ඩක් පර්සනල් නමුත් මේක කියන්න විදිහක් නෑ එහෙම නැතුව. ඩීටේල් අයින් කරනවා හැකිතාක්.

    ඒලෙවල් කරල ඉවර උන ගමන් තමා ජීවිතෙ අඩියටම වැටුණු කාලෙ. යාලුවෙක්ගෙ මාර්ගයෙන් Thus Spoke Zarathustra ගෙන්නා ගත්තා. දන්නෙ නෑ මේකම කියවන්න හිතුනෙ ඇයි කියල, ඒ කාලෙ සාන්දෘශ්ඨිකවාදියො ගැන ආටිකල් කියවමින් ඉද්දි මේ පොත තැනින් තැන සඳහන් වෙලා තිබ්බා. තව ඒ කාලෙම බලපු Little Miss Sunshine කියල ෆිල්ම් එකේ ටීනේජ් කොල්ලෙක් ඉන්නවා ඌට ලෝකේ හැම එකාම එපා වෙලා ඉන්නේ, පවුලේ අය එක්ක වචනයක් කතා නොකර ජීවත්වෙන්නේ. පයිලට් කෙනෙක් වෙන්න හීන දකින ඌ Thus Spoke Zarathustra පොත තමා අතේ තියාගෙන ඉන්නේ ගොඩක් විට. අපි ගිලෙන්න ගියාම එල්ලෙන පිදුරු ගහ තෝරාගන්නේ කොහොමද? මම දන්නේ නෑ. කොහොමහරි මම තෝරගත්ත පිදුරු ගහ ඕක. මගේ වාසනාවට එල්ලුනේ පිදුරු ගහක නෙමේ වෙනම දේක.

    ඉතිං ඔය පොත මම අවුරුද්දක් විතර නැවත නැවත හය හත් වතාවක් කියෙව්වා මගේ හිතේ. පොත ගැන ඕනෙනම් පස්සෙ ලියන්නම්, නමුත් මට කියන්න ඕනෙ උනේ වෙන දෙයක්.

    නීෂ ඔය පොත ලියන්නේ ප්‍රේමයෙන් ප්‍රතික්ෂේප වෙලා අඩියටම වැටිලා ඉන්න වෙලාවක. ඒ වුනාට පොත කියෙව්වම මේකේ ෆීල් එක තියෙන්නේ දුර්මුඛභාවයක් නෙමෙයි. පොතේ ෆීල් එක මාර රෞද්‍ර අනුරාගයක් ජීවිතය ගැන. සරතුස්ත්‍රාගේ ඩිප්රෙෂන් එක වුනත් අපේ වගේ ඩිප්රෙෂන් එකක් නෙමෙයි. ඒකට ඉරහඳ වුනත් කළුවර වෙනවා. දුකත් මාර ගැඹුරු දුකක්. කොහොමහරි කඳුමුදුන තමයි සරතුස්ත්රාගේ අරමුණ. උඩම තැනට නගින්න ඕන. ඉහලම කඳු මුදුනට තමා දරුණුම ප්‍රපාතය පෙනෙන්නෙත්. මේ දෙකේම ගැඹුර තමයි හොයන්නේ. මම ගත්ත පොත පරිවර්තනය කරලා තිබ්බේ Walter Kaufmann. පරිවර්තකගේ ඉන්ට්‍රෝ එකේ නීෂ මේ කාලේ යාලුවෙක්ට යවපු ලිපියක එක වාක්‍යයක් ක්වෝට් කරලා තිබ්බා "How do I turn this muck into gold?", "මම මේ ජරාව සියල්ල රත්තරං බවට හරවන්නේ කොහොමද?". මේ 'ජරාව' කියල අදහස් කරන්නේ තමන්ගේ විඳවීම. නීෂ ඔතන කියන්නෙ "කොහොමද මම මගෙ පුද්ගල අර්බුදය නැවතත් ලෝකය පිළිබඳ ආදරෙන් බැඳෙන්න උපයෝගී කරගන්නෙ?" වගේ දෙයක් විදිහටයි මම තේරුම් ගත්තෙ. එයා තමන්ගෙ සාංකාවෙන් එලියට එන්නෙ තමන්ගෙ මැග්නම් ඔපුස් එක ලියලා.

    ඔය ක්වෝට් එක ඒක මුලින්ම කියවපු දවසෙ ඉඳල අද වෙනකං ඕනෑම අවස්ථාවකදී ඔලුවේ තියෙනවා. කොච්චර කොහොම පහත තත්වයක හිටියත් චොර චාටර් වුනත් ඒක අවසානය නෙමෙයි. තවම පණපිටින්. මම ඔය ක්වෝට් එක ඇහුවේ රන් ඔෆ් ද මිල් ධනාත්මක චින්තනකාර සාර්තකත්ව ගුරු කෙනෙක්ගෙන් නොවී නීෂ වගේ එකෙක්ගෙන් වීම නිසා මම හිතන්නේ ලොකු ව්‍යසනයකින් ගැලවුනා කියල. පොතේ තියෙන්නේ නීෂගේ ඔය මනෝභාවයම තමයි. ප්‍රබන්ධයක් විදිහට සරතුස්ත්රා හරහා නීෂ ලියන්නේ ජරාව සියල්ල රත්තරං බවට හරවපු එකෙක් ගැන කතාවක්. ඒ කතාව ලංකාවේ අවුරුදු සීයකට විතර පස්සේ ඉන්න එකෙක් බැරි බැරි ගාතෙ කියෙව්වම වුනත් ඌට ඒක පිදුරු ගහක් වෙන්න පුළුවන්.

    ---​

    විශේෂයෙන් තරමක පහල මැද පන්තියේ සමහරුන්ට වෙන දෙයක් තමයි ජීවිතය එපා වීම. හේතු විවිධයි. සමහරු ප්‍රේම සම්බන්ධයන් බිඳීම නිසා, සමහරු අරමුණක් හදා ගැනීමට නොහැකි වීම නිසා, සමහරු රස්සා ප්‍රශ්න නිසා, සමහරු ජීවිතේ ගැන හිතලා හිතලා උස්මුරුත්තාවට ගිහින් එපා වීම නිසා, සමහරු දශක ගණන් මත්ද්‍රව්‍ය පාවිච්චිය නිසා... ආදී වශයෙන්. ප්‍රකාශිත හේතු මොකක් වුනත් මේ මානසික අවපාතය ලේසි නෑ ඉවර කරගන්න එක. බොහෝ විට අවුරුදු ගණන් එක දිගට ඇදෙනවා.

    නීෂ තමන්ගෙ යාලුවට අරම කියන එකෙන් පේන්නෙ මේකයි—දුර්මුඛභාවයේ පතුලේදී වුනත් නීෂට අදහසක් තියෙනවා ජීවිතේ මෙහෙම වෙන්නම ඕන නෑ කියල. ඒ හේතුවෙන් ජීවත් වෙන්න පුළුවනි. තමන්ගේ දුර්මුඛභාවය රත්තරන් බවට හරවන්න උවමනාවක් එයාට තියෙනව.

    අපිට කියන්න පුළුවන් මේ කාලේ අපිට නැත්තේ ඔන්න ඔය දැක්ම කියල. වැටුනට පස්සේ ගොඩ එනවා කියල එකක් නෑ. දණින් වැටුණ එකාට නැගිටිනවා කියල එකක් තේරෙන්නේ නෑ මොකද එහෙම උඩක් පහලක් හරි වැරැද්දක් නෑ. සියල්ල අර්ථ විරහිත නම් කිසිවෙක් කිසිවක් කරන්නේ මොකටද? ඒ නිසා දැන් දුර්මුඛභාවය කියන්නේ තාවකාලික තත්වයක් නෙමෙයි, සදාකාලික තත්වයක්. ලෝකය තුල අපි කිසිම යුක්තියක් සාධාරණයක් සත්‍යයක් යහපතක් දකින්නේ නැති නිසා කරන්න දෙයක් නෑ.

    මේකෙන් ගොඩ එන්න මම ගියපු පාර මේකයි: පළවෙනි පියවර—යුක්තිය සාධාරණය සත්‍යය යහපත ආදී සියල්ල මනුෂ්‍ය නිර්මාණ බව මට පේනව. ලෝකයට අපි දෙන අර්ථ නැතිනම් ලෝකය අරුත්සුන්. මම ජීවත් වන ලෝකය දිහා බැලුවම මම හොඳටම දන්නව (හොඳටම!) ලෝකයෙ යහපත-අයහපත ගැටලුව ගැන අපිට සපයල දීල තියෙන උත්තර ඔන්ටොලොජියක් විදිහට නිවරැදි නැති බව. මම හොඳටම දන්නව කර්මානුරුපිව හෝ වෙනයම් ක්‍රමයක් අනුව පැවැත්ම වැඩ නොකරන බව. දැන් එතකොට සියල්ල හරිද? පිළිතුර නාස්තිකවාදය ද?

    නැහැ, දෙවනි පියවර— ජීවිතයට අර්ථයක් නැති නම් ජීවිතය අර්ථයකට අනුව හසුරුවන්න ඕන. යුක්තිය සාධාරණය සත්‍යය යහපත ගැන අදහස් අති මහත්වූ ආත්මීය විශ්වාසයකින් වැලඳ ගත යුතුයි. මෙතන දැඩි විශ්වාසයක් කියන්නෙ සීරියස් ආගමික භක්තියක් වගේ එකක්. විශ්වාසය කියන්නෙ සිද්ධාන්ත ගොන්නක් නෙමේ, විශ්වාසය තියෙන්නෙ ප්‍රැක්ටිස් එකේ. ඒක දැඩි විනයක් සහ කැපකිරීමක් අවශ්‍ය වෙන අමාරු අසීරු දෙයක්. සමහර වෙලාවට භයානක දෙයක්. අවස්ථාව අනුව අදහස් වෙනස් කරන ප්‍රායොගිකවාදියෙකුගෙ ජීවිතයට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ කතාවක් මේ (මේ නිසයි මම අනාගමිකයෙක් නොවන්නේ).

    කාංසාවට යෝජනා කරන ජනප්‍රිය මට්ටමේ පිළිතුර නම් කිසිම අර්ථයක් නොසපයන තිරිසන් කාමසුඛල්ලිකානු යෝගය. ඒ ගැන කතා කිරීමවත් තේරුමක් ඇති දෙයක් නෙමෙයි.

    දිග වැඩි උනා, නමුත් සමස්ත අදහස මේකයි—අපි ජීවත් වෙන්නෙ අනර්ථකාරි ඝන අන්ධකාරය පිරුන පසුබිමක බව ඇත්ත. අපි කුඩා කාලයෙ ඉඳල වැඩිහිටි වයස දක්වා වැඩෙන්නෙ සියලුම පැති වලින් අල්ලාගෙන ඉන්න අත් වල වාරුවෙන්. නමුත් මේ අත්කාලයත් සමඟ අතහැරෙනව. සමහර අයට තමාව අල්ලාගන්න අත් හොයාගන්න අපහසු වෙනව (බොහෝ විට නම් වෙන්නෙ තමාව අල්ලන්න ඉදිරිපත් වෙන අයව තමන් විසින්ම ප්‍රතික්ෂේප කිරීම කියලයි මන් හිතන්නෙ). මේ සමාජයෙන් වියුක්ත වෙන තත්ත්ව ජීවිතෙ කෑලිවලට කඩලා දාන පුද්ගල අර්බුද වලට පරිවර්තනය වීම සාමාන්‍ය දෙයක්.

    කොයිතරම් අපහසු උනත් ඒ අර්බුද රත්තරන් බවට හරවාගැනීමට වැඩ කිරීම හැමවිටම අතිශය උද්යෝගීමත් දෙයක්. නැවතත් ඉර එලිය පිරුණු දවසක, කුඩා ළමයි කෑගසන පරිසරේක එහෙම නැත්තම් කාන්තාවකගෙ සුන්දරත්වය විඳිය හැකි මනුස්සයෙක් බවට පත්වීම නරක දෙයක් නෙමෙයි නේද?

    කියන්න තියෙන දේ සරලව, කෙටියෙන්ම කියල.. TFS. ඔබට ජය.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    That first verse hit hard. අම්මපා මේ අමු බුවා නැත්තම් මේ සින්දුව මීට වැඩියෙන් එන්ජෝයි කරනව මම. ඕකෙ "වේවැලක් කැඩුනා" කෑල්ල කියෙව්වෙ කොහොමද උඹ?

    වේවැල කියන්නෙ අපි විසින් ඇති කරගන්න ඇලීම් සහ ගැටීම්. වේවැල බිත්තියේ උඩ එල්ලලා තියනවා දැක්කත් අපිව පෙලන ස්වභාවය මතක් කරලා දෙන දෙයක්නේ. ඒ වුණත් අපි මේ වේවැල් නඩත්තු කරන්න ඕනෙ. වේවැල් නැතිව අපිට කිසිම ගමනක් යන්න බැහැ. බෝධිසත්වයෙක් වුනත් වේවැල ආධාර කරගෙන තමා වේවැල නසන්නෙ. ඒ නිසා වේවැල් කෙරෙහි මෛත්‍රි සහගත නිමුනු බැල්මක් පුරුදු කරගන්න අවශ්‍යයි. පදවලට අනුව මේ පෙලීමෙන් පූර්ණ නිදහස ලැබෙන්නෙ බෝසතුන් මැරුනාට පස්සෙ. වේවැලක් පවතින්නේ වේවැලෙන් ගුටිකන්න සත්වයෙක් පුද්ගලයෙක් ඉන්න තාක්කල්. ගුටිකන්න සත්වයෙක් නැතිනම් වේවැලේ කාර්යක් එතනින්ම අහෝසියි. බෝසතුන්ගෙ ධර්මාවබෝධය සමගින් වේවැල කැඩිලා බිඳිලා විනාශවෙලා යනවා. මෙතනින් ගීත රචකයා මුල්වතාවට, බුදුදහමේ ඉදප්පච්දයතා නම් පටිච්චසමුප්පාද න්‍යාය ගැන ඉඟියක් දෙනවා කියල හිතනව.

    මේ සින්දුව ග්‍රීන්තන්ඩර්ට හරියටම මීනිංෆුල් විදිහට විවරණය වෙන්නෙ අවසාන පේලි කීපයත් සමග. මුල්ම වතාවට සින්දුව අහලා ඉවරවෙනකොට ඔලුවට ආවෙ පාරායණ (farther shore) වග්ගය. ඒ සිදුවීමේදි සිරස විදිහට අවිද්‍යාවත්, සිරසෙහි(පැලීම) වැටීම විද්‍යාව ලෙසටත් බුදුන් පෙන්වනවා. ඔටුනු වලින් සරසා තිබෙන මේ මුදුන කඩන්නට පහසු හුදු මැටි ගොඩක් විදිහට පෙන්වනකොට තමා අග ඉඳලා මුලට සින්දුව පූර්ණව අර්ථවත් වුනේ. මීට අමතරව මියුසික් විඩියෝවෙ ඉන්න ස්වාමීන් වහන්සේ මේ ඉවුරෙ ඉඳන් ඈත පෙනෙන දිවයින/ඉවුර දිහාට හැරීමත් උදව් වෙනව මේ අර්ථය තවත් රසවත් වෙන්න.

    සින්දුව පුරාවටම පාරායණ වග්ගයේ සිදුවීම තමා මැවිලා පේන්නේ. කාලෙකට පස්සෙ අහපු ඇඟේ මවිල් කෙලින්වෙන සින්දුවක්. අනේ මටත් කවදා හරි මේ දේ කරන්න පුලුවන් නේද කියන ශ්‍රද්ධා කඳුලු එක්ක පුදුමාකාර බලාපොරොත්තුවක්, අභිප්‍රේරණයක් ඇතිකරවන සින්දුවක් වුනා මේක.

    Edited -

    ද බොම්බ් මේ සින්දුව කොහොම කියවයිද කියලා අනුමානයක් තියනවා. හැබැයි එහෙම කලොත් සින්දුවේ පද සීමා නිසා දෙවියන් වහන්සේගේ/ඇබ්සලියුට්වල අභාවය කියන අඳුරු වල තුල නවතින්න වෙනවා නේද. ප්‍රශ්නය පපුවට දැනෙන විදිහට ඉස්මතු කරන්න පුලුවන් හැබැයි.
     
    නෑ නෑ මේක බෞද්ධ චින්තාවෙන් ලියපු පද ටිකක් නිසා මට සෙට් උනෙත් ඒ ටර්ම්ස් වලින් තමා. ඔය අජිත ප්‍රශ්නෙ අරව මේව ෆයින් ඩිටෙල්ස් දැනන් හිටියෙ නැති උනත්.
     
    • Like
    Reactions: greenthunder