සාගර පලන්සූරිය ‍හෙවත් ‍කේයස්

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    සාගර පලන්සූරිය ‍හෙවත් ‍කේයස්

    කේයස් යන විරුදාවලියෙන් හැදින්‍වෙන්‍ ‍නේ අ‍පේ ර‍ටේ බිහිවූ ඉතා දක්ෂ කවි‍යෙකු වන සාගර පලන්සූරිය ශූරීන් ‍වේ. 1908 ක් වූ මාර්තු මස 11 වැනිදා සබරගමුවේ පන්නිල්පත්තුවේ කළල්ඇල්ල බුංගිරියේ උපත ලද සාගර පලන්සූරිය මහතා‍ගේ ලියා පදිංචි නාමය වූ‍යේ පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා යන්නයි. ඉතා සුන්දර කවි‍යෙකු වූ සාගර පලන්සූරිය ‍‍දේශපාලනය, පැවිදි දිවිය, ‍ලේඛනය ආදී ක්‍ෂේත්‍ර ගනනාවක් ඔස්‍ ‍සේ ජීවන අත්දැකීම් ලබා සිටීය. සු‍දෝ සුදු කවි පන්තිය ‍මොහු විසින් රචනා කරන ලද අද්ද්විතීය කාව්‍ය රචනාව බ‍‍ව ‍‍කිව හැක.

    ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලා
    මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
    නාඬන් අම්මෙ නාඬන් මා විහිළු කළා
    එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තළා


    සු‍දෝසුදු කවි පන්ති‍යෙහි එන ‍මෙම කවිය මතක‍යේ නැති ‍‍කෙ‍නෙකු ‍නොමැති තරම්ය. කාලකණ්ණියා, මල්හාමි, කැලණි විත්ති, විසිවුණ තරු, අපේ ඇත්තන්ගෙ විත්ති ආදී විවිධ කාව්‍ය රචනා වලට අමතරව දම්පද සුගතවාණී ආදී ගද්‍ය කෘති ද ‍මොහු විසින් රචනා කරනු ලැබීය.

    ‍කේයස් ‍ගේ කවි - කටු‍රොද ගම

    ගොඩ මඩ දෙකම සරු සාරය පලබරය
    කටු රොද ගම්මාන තරමක පිටිසරය
    ඒ ගම මැදින් ගලනා ගග මනහරය
    කඩ මණ්ඩිය පිහිටියේ ගම කෙළවරය

    බඩවැටි මල් පඳුරු මුඩුබිම් පිසිමින්නේ
    කටුරොද ගම්මානයට මඳුනල එන්නේ
    පුර පසළොස්වකට පුන්සඳු පායන්නේ
    මැණිකේ නිසා බව ටික දෙනෙකුයි දන්නේ

    වෙල බඩ මල් පඳුරු වල මල් පුබුදින්ට
    මී මැස්සන්ට රස මීයක් බැඳ ගන්ට
    මිහිරි සිහින බැලුමට කිරි දරුවන්ට
    පුළුවන් වේද මැණිකේ මෙහි නොසිටින්ට

    කටුරොද මඩ වගුරුවල මානෙල් ඕලු

    මැණිකෙගෙ මුහුණ බැලුමට පොර කනවාලු
    පැල්පත තුළ තනිව වෙසෙනා ඇගෙ පාලු
    කැපුමට සුළඟ රස ගී පවසනවාලු

    රුවැත් තියක් මුත් කුලදම් සිරීත් සෙවී
    ඇවැත් නොමැති මේ මැණිකෙට හිතැත්තිවී
    ජගත් සිරී ඈ වෙනුවෙන් අළුත් වෙවී
    අදුත් කියයි රස සංගීතවත් කවී

    නෙත් අඳ පුතා දුවසක් මව වෙත පැමිණ

    සිප ගනිමින් නොපෙණෙතත් මවගේ මුහුණ
    අම්මේ මේ ළමයි හොඳු නැහැ බොරු කියන
    කිව්වම ඈ විතාළා මොකදැයි කරුණ

    මල් ලස්සණයි හොඳ හොඳ පාටයි කීවා
    පෙනෙනවා දුකිනවා කියනා ඒවා
    මොනවද අම්මේ මම අහගන්නට ආවා
    තෝරා දෙන්න මම දන්නේ නැහැ මේවා

    මල්වල හොඳු සුවඳ මිස පාටක් කොහෙද
    ඒවා මොලොක් බව තේරෙනවා මටද
    එලියක් කියා මොකවත් හෙම තියෙනවද
    මට තේරුම් ගන්ට අම්මේ බැරි මොකද

    උණුසුම දැනේ දහවල් මට රැයට වඩා
    වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩා
    මට නොදැනෙන්නෙ මම කණ කොලුවෙක්ලු කුඩා
    ලොකු වෙන කොට දැනේවිද මම අසමි අඬා

    ඇඟිලි තුඩට මල් පෙතිවල ඇති මෙලෙක
    මට දැනෙනවා එය අල්ලන හැම විටෙක
    පාට කියා ඇත්නම් ගතියක් මලක
    අම්මේ අත නොගෑවෙන එක තමයි දක

    ලස්සණ කියන දේ නැහැයට වත් කණට
    මගේ දිවට හරි මගෙ අතපය වලට
    නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට
    ඉවසාගෙන ඉන්ට අම්මේ බැරිය මට



    ‍කේයස් පිලිබද විස්තර
    මුල් නම – පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා
    පසු නම් – කළල්ඇල්ලේ පේමානන්ද, කළල්ඇල්ලේ ආනන්ද සාගර
    භාවිතා වූ පසු නම් - සාගර පලන්සූරිය (කේයස්)
    උපත – 1908 මාර්තු මස 11 දා
    වෘත්තීන් – ගුරු වෘත්තිය, පුවත්පත් කර්තෘ, පර්යේෂණ අධ්‍යක්ෂ
    වෙනත් – පාර්ලිමේන්තු මන්ත්‍රී (ප්‍රතිභාපූර්ණ කවියෙකි)
    විවාහය – 1948 නොවැම්බර් මස 26 දා
    පුතුන් – තිදෙනෙකි. කීර්ති විජය සාගර පලන්සූරිය, ලක්විජය සාගර පලන්සූරිය සහ ගීතකුමාර සාගර පලන්සූරිය
    බිරිය – ග්ලැඩිස් චන්ද්‍රා පෙරේරා
    විපත – 1961 ජූනි මස 21 දා පිලපිටියේ දී


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    සමහර කවි වල කොටස් අදටත් මතකයි බන්. අතීතය මතක් කරාට ගොඩක් ස්තූතියි.
    කලින් රෙප් දීපු නිසා ආයිත් දෙන්න බෑලු.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    සමහර කවි වල කොටස් අදටත් මතකයි බන්. අතීතය මතක් කරාට ගොඩක් ස්තූතියි.
    කලින් රෙප් දීපු නිසා ආයිත් දෙන්න බෑලු.

    මේ අන්ධ කොලුවාගේ සිතුවිලි සරලව කවියට පෙරලීම කොපමණ ඇපුරුද
    ලස්සණ කියන දේ නැහැයට වත් කණට
    මගේ දිවට හරි මගෙ අතපය වලට
    නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට
    ඉවසාගෙන ඉන්ට අම්මේ බැරිය මට