මේවා පට්ට මාෆියා බන්. කවදාවත් මේ රට හදන්න බෑ. මහ එකාගේ ඉඳලම තියෙන්නේ මේක. මේවා තනිකරම ගේම්.
ක්‍රීඩා ඇමතිගේ ක්‍රිකට් අතුරු කමිටුව ගැන මම දැනුවත් නෑ – ජනපති කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරීම පිළිබඳව රජය හෝ තමන් කිසිවක් නොදන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ, ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කරනු ලැබ ඇති බවට මාධ්‍යවල පළ වී ඇති වාර්තා ගැන මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාගෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
ක්‍රිකට් අතුරු කමිටුවට පත් කර ඇති සාමාජිකයන්ගේ නම් වෙනුවෙන් අනුමැතියක් පවා ක්‍රීඩා ඇමතිවරයා රැගෙන නැතැයි ද මෙහිදී හෙළිව තිබේ.
එසේ ම, අතුරු කමිටුවක් පත් කිරීම ගැන අද (නොවැ.6) සවස පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී ක්‍රීඩා ඇමතිවරයාගෙන් විමසා සිටීමට ඇමතිවරුන් කිහිප දෙනෙකු සූදානමින් සිටින බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ක්‍රිකට් වැනි ආයතනයකට අතුරු කමිටුවක් පත් කිරීමේදී සාමන්‍යයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරන නමුත් මෙවර ක්‍රීඩා ඇමතිවරයා මේ කාරණය ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කර නැති බව වාර්තා වේ.
මේ අතර, මෙම අතුරු කමිටු පත් කිරීම මගින් බලාපොරොත්තු වනුයේ, ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් සිදු වූ දූෂණ වංචා අක්‍රමිකතා සොයා බැලීම සහ ක්‍රිකට් ක්‍රීඩාව යථා තත්ත්වයට පත් කිරීම බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ, අද (නොවැ. 6) මාධ්‍ය හමුවකදී ය.
කමිටුවේ සාමාජිකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු සහ මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීම මගින් පසුගිය කාලයේ සිදු වූ අක්‍රමිකතා සියල්ල පිළිබඳව කමිටුවක් ලෙස විමර්ශනය කිරීම සඳහා බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.
“ඉදිරි කටයුතුවලදී ප්‍රධාන වශයෙන් ම පැති දෙකක් තියෙනවා. එකක් වෙච්ච දූෂණ වංචා අක්‍රමිකතා මේවා සොයා බලන්න ඕනේ. ඒ වගේ ම තමා ඊට වඩා ඉක්මනින් වෙන්න ඕනේ අපේ ක්‍රීඩාව යථාවත් කරන එකට මූලිකත්වය දීලා ඒක කරන්න ඕනේ. ඒ කියන්නේ, ස්ථාවර කරලා නැවත මේ රටේ මුළු මහත් ජනතාවගේ හිතට නිදහසක් දුන්න ක්‍රිකට් ජයග්‍රහණ කරා යන්න. ඒ නිසා, මම හිතනවා සුදුසු ම පුද්ගලයා සභාපතිවරයා විදියට පත් කරලා තියෙනවා. ඒ වගේ ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු සහ මහාධිකරණ විනිසුරුවරයෙක් පත් කරලා තියෙනවා. තුමියන්ලා දෙපළක් සහ තුමෙක් පත් කරලා තියෙනවා. ඒ පසුගිය කාලේ සිදුවූ අක්‍රමිකතා ගැන සියල්ල පිළිබඳව කමිටුවක් විදියට විමර්ශන කටයුතු කරන්න. ඒ වගේ ම මෙතනින් එහාට පරිපාලනය, ක්‍රිකට් සංවර්ධනයට, නීතිය යන මේව අනු කමිටු ටික දාලා ඉදිරි කටයුතු ටික කරන්න සභාපතිතුමාට උපදෙස් ලබා දී තිබෙනවා. පළවෙනියට තියෙන්නේ ක්‍රිකට් ගහලා නැවත අපි ඉස්රහට යන එක කරන අභියෝගය දිනන්න. සුදුස්සට සුදුසු තැන ලබා දුන්නා. මම හිතනවා මේ රටේ ජනතාව එකඟවෙනවා කියන එක.”
https://mawbima.lk/2023/11/06/i-am-...ed-by-the-sports-minister-says-the-president/