සාදික්කා ගුණයි වගේම මාරාන්තිකයි!

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    fndvpA0.jpg

    සාදික්කා ගෙඩියට ඇත්තේ ලේ වැකුණු ඉතිහාසයකි. ඉන්දුනිසියාවේ බන්දා දුපත් වලට සීමා වී තිබූ සාදික්කා වගාව අත්පත් කර ගැනීම සඳහා ලන්දේසීන් කල කුරිරු සටනින් අවසානයේ ඉතිරි වූයේ දූපත් වාසීන් 15000 ක් අතරින් දහසක් පමණක් බව කියවේ. ක්‍රි.ව. 6 වන සියවසේ දී පමණ ඉන්දියාවට හඳුන්වා දී ඇති සාදික්කා ශාකය ඉංග්‍රීසින් විසින් 19 වන සියවසේ දී ලංකාවේ වගා කරන ලදී. සාදික්කා එක් අතකින් අති විශේෂ කුළුබඩුවකි. එයට හේතුව නම් සාදික්කා සහ වසාවාසි යන එකිනෙකට වෙනස් කුළුබඩු වර්ග දෙකක් එකම ශාකයෙන් ලබා ගත හැකි වීමයි. කුළුබඩුවක් ලෙස පමණක් නොව විවිධ රෝග සඳහා ඖෂධයක් ලෙසත් සාදික්කා අතීතයේ සිටම භාවිතා වී ඇත. මෑත කාලීනව කල පර්යේෂණ මගින් ද එහි ඇති විවිධ ඖෂධීය ගුණ පිළිබඳ මනාව තහවුරු කර ඇත. සාදික්කා වල අඩංගු ප්‍රධාන රසායණික සංයෝගය මිරිස්ටිසින් වේ. බත් වුවත් වැඩියෙන් කෑවොත් අගුණ වන්නා සේම සාදික්කා ද අධි පරිභෝජනය මාරක ප්‍රතිපල වුව අත්කර දිය හැක. සාදික්කා කුඩු ග්‍රෑම් 5 කට වඩා වරකට පරිභෝජනය විෂ සහිත බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. තවත් එක් වාර්තාවක දැක්වෙන පරිදි අවුරුදු 8 ක දරුවෙක් සාදික්කා ග්‍රෑම් 14 ක් ආහාරයට ගැනීම හේතුවෙන් මරණය‍ට පත් වී ඇත. මරණයට අමතරව මොලයට සිදුවන විවිධ අහිතකර බලපෑම් ද ඇත.
    සාදික්කා ගැන අවස්ථා කීපයකදීම ලියන්නට සිදුවූයේ වර්තමානයේ අප රටේ සාදික්කා ඇසුරෙන් නිපදවා ඇති පැණිය නිසා ය. මේ පැණිය තුල නම් අධික සාන්ද්‍රණයකින් සාදික්කා අන්තර්ගතව ඇතැයි මම නොසිතමි. එසේ වූවා නම් මේ වන විට ඒ බව වාර්තා වී තිබෙනු ඇත. ගැටළුව ඇත්තේ පැණිය සාදන්නට අපේ උදවිය විවිධ වට්ටෝරු සමාජ ගත කරමින් සිටීමය. සාදික්කා මගින් ඉක්මණින් ප්‍රතිපල ලබා ගැනීමට කවුරුන් හෝ අධික ලෙස ආහාරයට ගත හොත් එමගින් ඉතා හානිදායක ප්‍රතිපල ඇතිවීමට ද ඉඩ ඇත. බෙහෙතක් යනු යම් මාත්‍රාවකට අනුව ලබා ගත යුතු දෙයකි. එබැවින් අන්තර්ජාලයේ හුවමාරු වන කිසිදු වගකීමකින් තොර වට්ටෝරු අත්හදා බලන්නට ගොස් අමාරුවේ වැටෙනවාට වඩා කරුණු දැන සිහි නුවණින් කටයුතු කිරීම වඩා උචිත බව සටහන් කර තබමි.

    (*මෙහි ඇති කරුණු සියල්ල තහවුරු කල හැකි විද්‍යාත්මක ලේඛණ පදනම්ව ලියා ඇති බව සඳහන් කරමි.)

    Copied
    ay mechara kuhaka , me paniyak allagana dalanawa, uba dannawada vaccine oita wada danger kiyala. allergic enna puluwan sahenna. suddho herbal treatment karnakota api ewn artifical ewata puduma amaruwka thiyannna.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ay mechara kuhaka , me paniyak allagana dalanawa, uba dannawada vaccine oita wada danger kiyala. allergic enna puluwan sahenna. suddho herbal treatment karnakota api ewn artifical ewata puduma amaruwka thiyannna.

    උඹ පැණිය බිව්වද?උඹ දන්නවද උඹේ අැගේ වැක්සීන් කීයක් ගහල තියෙනවද කියල දැනට?අපරාදේ ඒවටත් හර්බල් මොනා හරි බොන්න තිබ්බා..:D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    හුත්ත තමා.අපි පොඩි කාලේ දවසට සද්දීක්ක ගෙඩි 10 15 කාල ඇති.සාදික්කා වලින් වේලක් පිරීමහල ඇති බං.එහෙම නන් වෙලා නෑ
    ලෙලි නන් ඔයිට වඩා කාල තියෙනව. මේ කියන්නෙ ලෙලි ගැන නෙවෙයි වෙන්න ඇති.

    ඔව්ව නෙවෙයි අවුල. ලන්දේසි ගෙනාව සාදික්ක වලින් හදපු හෙළ බේත මොකද්ද කියන එකයි මට නන් අවුල. සමහර විට ඒ කාලෙ වෙළදාම් වලින් ගත්ත වෙන්නත් පුළුවන් ඇති
     
    Sen-lu

    Well-known member
  • ලෙල්ලෙයි මදෙයි වෙනස නොදන්න එකාලනෙ බෙහෙතට විචාර දෙන්නෙ.😂
    ලෙලි කිලොවක් කීයද උබලගෙ පැත්තෙ අපි නම් විසිකරනවා.
    ලෙල්ල කපල අයින්කරල. වසාවාසි අයින් කරල. තියේන ෂෙල් එක කඩල ඇතුලේ තියෙන මදේ තමයි ලුණු දාලා කන්නේ බෙඩේ අමාරුවට.

    කරාඹු, තේ, සාදික්කා, ගම්මිරිස් එක්කම හැදුන මට සාදික්කා ගැන උගන්නන්න එන්න එපා බං. අපි මේව ව්‍යාපාර විදිහට මහා පරිමාණයෙන් කරන අය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    ලෙල්ල කපල අයින්කරල. වසාවාසි අයින් කරල. තියේන ෂෙල් එක කඩල ඇතුලේ තියෙන මදේ තමයි ලුණු දාලා කන්නේ බෙඩේ අමාරුවට.

    කරාඹු, තේ, සාදික්කා, ගම්මිරිස් එක්කම හැදුන මට සාදික්කා ගැන උගන්නන්න එන්න එපා බං. අපි මේව ව්‍යාපාර විදිහට මහා පරිමාණයෙන් කරන අය.
    උබත් උඩ පළාතෙ නේද? අපෙත් අම්මලගෙ පැත්තෙ අයගෙ බිස්නස් එක ඔව්ව තමා.
     
    • Like
    Reactions: Sen-lu

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලෙල්ල කපල අයින්කරල. වසාවාසි අයින් කරල. තියේන ෂෙල් එක කඩල ඇතුලේ තියෙන මදේ තමයි ලුණු දාලා කන්නේ බෙඩේ අමාරුවට.

    කරාඹු, තේ, සාදික්කා, ගම්මිරිස් එක්කම හැදුන මට සාදික්කා ගැන උගන්නන්න එන්න එපා බං. අපි මේව ව්‍යාපාර විදිහට මහා පරිමාණයෙන් කරන අය.
    එකයිනෙ ඉතින්
    කාපන් ඒවගෙ හතරක් විතර ඉතින්, අර එකෙක් දහයක් පහලොවක් කනවා කීවෙ.
    උබත් මට සාදික්කා ගැන උගන්නන්න එපා අපිටත් සාදික්කා වත්තක්ම තියනවා 😂
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    සාදික්කා - Nutmeg - Myristica fragrance ගැන දැනුවත් වෙමු.
    සාදික්කා ශාකය 5-15 m ත් අතර උසට වැවෙන සදාහරිත ශාකයකි. තද කොළ පාට පත්‍ර දරයි. ගැහැණු හා පිරිමි මල් වෙන වෙන ශාක වල හට ගන්නා නිසා ද්විගෘහි ශාකයක් වේ. මල් ළා කහ පැහැ මාංශල ඒවා වේ. ගැහැණු ගස්වල පෙයාස් හැඩති 6-9 cm ප්‍රමාණයේ ගෙඩි හටගනී. ඒවායේ මාංශල ඵලාවරණයක් තිබේ.
    ගෙඩි ඉදුණු විට මේ ඵලාවරණය දෙකට පැලේ. ඇතුළේ ඇති දිළිසෙන සුළු කළු පාට ඇටය වටා රතු හෝ ක්‍රිම්සන් පාට ආවරණයක් (aril ) ඇත. මේවා වසාවාසි (mace ) ලෙසද ඇටය සාදික්කා (nutmeg ) ලෙසද හැඳින්වේ.
    සාදික්කා වල ඇති එක රසායන ද්‍රව්‍යයක් වන්නේ මිරිස්ටිසින් {Myristicin (C11H12O3)}ය. එයින් මිලිග්‍රෑම් 1-2 අතර ප්‍රමාණයක් විෂවීමේ මට්ටම (Toxic level )වේ. එනම් සාදික්කා කුඩු ග්‍රෑම් 5ක ප්‍රමාණයකි. ඊට වැඩි වුණොත් මරණය පවා ඇති වීමට පුළුවන. මිරිස්ටිසින් විෂ වීම මොළය ඇතුළු අවයව වලට ප්‍රභල බලපෑම් ඇති කරයි. මිරිස්ටිසින් වල කෘමිනාශක ගුණය ඇත. ඩෙංගු මදුරු කීටයින් විනාශ කිරීමේ හැකියාවක් ඇති බව කියවේ. පිළිකා සෛල නාශක ගුණ ද ඇත. මෙය පරිවෘත්තියේදී ඇතිවෙන සංඝටක මොළයට බලපෑම් කිරීමෙන් මනෝභ්‍රාන්තිය (hallucinations) ඇතිවීමට පුළුවන්වේ. උදරාබාධ වලට සාදික්කා ඇටය ස්වල්පයක් දෙහි ඇඹුල් වලින් ගලගා අප කුඩා කළ පෙවූ බව මතකය.
    (තොරතුරු මුලාශ්‍රය ඡායාරුපය අන්තර්ජාලය)

    -facebook උපුටාගැනීමකි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    සාදික්ක වලට වඩා විශ වෙන දේවල් වලින් සින්හල බේත් නන් හදනව. ඒව ගාණට යූස් කරාම විස අයින් වෙලා එනව ඇති. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ වෙද මහත්තුරු කරන්න ඕනි වැඩ අප්පුව වගේ තෙල්බේත් කාරයො කරන එකනෙ.
     
    Sen-lu

    Well-known member
  • උබත් උඩ පළාතෙ නේද? අපෙත් අම්මලගෙ පැත්තෙ අයගෙ බිස්නස් එක ඔව්ව තමා.
    ඔව් බං අපිට වතු තියෙනව. කොහොමත් නුවර පැත්තෙ සාදික්කා ගහක් නැති ගෙදරක් නැති තරම්. විශේෂයෙන්ම පිළිමතලාව පැත්තට වෙන්න.
    එකයිනෙ ඉතින්
    කාපන් ඒවගෙ හතරක් විතර ඉතින්, අර එකෙක් දහයක් පහලොවක් කනවා කීවෙ.
    උබත් මට සාදික්කා ගැන උගන්නන්න එපා අපිටත් සාදික්කා වත්තක්ම තියනවා 😂
    ඕනම දෙයක් ඕනවට වඩා හොඳ නෑ කියන එක ඇත්ත. ඒ උනාට සාදික්කා 15g කාල මැරුණ කියන එක නම් sure කරන්නම බෑ. උඹ දන්න උන් කීදෙනෙක් සාදික්කා කාල මැරිල තියෙනවාද. මම නමි එකෙක්වත් දන්නේ නෑ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් බං අපිට වතු තියෙනව. කොහොමත් නුවර පැත්තෙ සාදික්කා ගහක් නැති ගෙදරක් නැති තරම්. විශේෂයෙන්ම පිළිමතලාව පැත්තට වෙන්න.

    ඕනම දෙයක් ඕනවට වඩා හොඳ නෑ කියන එක ඇත්ත. ඒ උනාට සාදික්කා 15g කාල මැරුණ කියන එක නම් sure කරන්නම බෑ. උඹ දන්න උන් කීදෙනෙක් සාදික්කා කාල මැරිල තියෙනවාද. මම නමි එකෙක්වත් දන්නේ නෑ.
    එහෙම කන උනුත් නෑනෙ බං , මැරුනෙ නැතත් වකුගඩු වලට බලපානවා.
    අනික අර ශෙයා වෙන වට්ටෝරුවෙ තියෙන්නෙ සාදික්කා 100g ක් 4එකට හින්දලා බොන්න කියලා, ඕම හරක්වගේ බොන්න ගියාම කොහොමත් බරපතල side effect තියෙනවා.
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • එහෙම කන උනුත් නෑනෙ බං , මැරුනෙ නැතත් වකුගඩු වලට බලපානවා.
    අනික අර ශෙයා වෙන වට්ටෝරුවෙ තියෙන්නෙ සාදික්කා 100g ක් 4එකට හින්දලා බොන්න කියලා, ඕම හරක්වගේ බොන්න ගියාම කොහොමත් බරපතල side effect තියෙනවා.
    ඔව් ඒක හරි බං .
     
    • Like
    Reactions: NRTG and Mohowk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    එහෙම කන උනුත් නෑනෙ බං , මැරුනෙ නැතත් වකුගඩු වලට බලපානවා.
    අනික අර ශෙයා වෙන වට්ටෝරුවෙ තියෙන්නෙ සාදික්කා 100g ක් 4එකට හින්දලා බොන්න කියලා, ඕම හරක්වගේ බොන්න ගියාම කොහොමත් බරපතල side effect තියෙනවා.
    නිකමට හිතපන්කො ඔය තම්බන එකක මාත්‍ර්‍රාව වැරදිල අරූ මැරුනොත් කවුද වගකීම ගන්නෙ කියල. වට්ටෝරුව කුහක කමට ශෙයාර් කරා වෙද මහත්තයට සුදුසුකන් නෑ මේසන්බාස් කියල ඉදල ඒක ඇත්ත මෙන්න වට්ටෝරුව කියල ශෙයාර් කරා. අන්තිමට ඇන්ටිබයොටික් පෙත්ත වගේ හැම උත්තට අරගෙන ඇත්තටම ලෙඩ උනාම ඩොකාලට තියා පුලතිසි ඍ ෂි ආවත් දෙන්න බේත් නෑ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නිකමට හිතපන්කො ඔය තම්බන එකක මාත්‍ර්‍රාව වැරදිල අරූ මැරුනොත් කවුද වගකීම ගන්නෙ කියල. වට්ටෝරුව කුහක කමට ශෙයාර් කරා වෙද මහත්තයට සුදුසුකන් නෑ මේසන්බාස් කියල ඉදල ඒක ඇත්ත මෙන්න වට්ටෝරුව කියල ශෙයාර් කරා. අන්තිමට ඇන්ටිබයොටික් පෙත්ත වගේ හැම උත්තට අරගෙන ඇත්තටම ලෙඩ උනාම ඩොකාලට තියා පුලතිසි ඍ ෂි ආවත් දෙන්න බේත් නෑ.
    ඔව්, ඕනම බෙහෙතක් මාත්‍රාවට වඩා ගත්තොත් ඒක වහක් වෙනවා කියලා සොන්නලු තේරුම් ගන්නෙ නෑ. කුහකයො කිය කියා බනිනවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හුත්ත තමා.අපි පොඩි කාලේ දවසට සද්දීක්ක ගෙඩි 10 15 කාල ඇති.සාදික්කා වලින් වේලක් පිරීමහල ඇති බං.එහෙම නන් වෙලා නෑ
    උඹ ජිම් පප්ප වගේ ඩයල් එකක්නෙ
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    hadi 4y bonna one ban. only 4 table spoons. aguna wenna sadikka kochchara kanna oneda?
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    හුත්ත තමා.අපි පොඩි කාලේ දවසට සද්දීක්ක ගෙඩි 10 15 කාල ඇති.සාදික්කා වලින් වේලක් පිරීමහල ඇති බං.එහෙම නන් වෙලා නෑ
    math me kiyanta giye,

    ඒ කන්නෙ ලෙල්ලනෙ යකෝ
    උබ මද දහයක් කාලා තියෙනවද? :lol:
    ලෙල්ල වෙනයි මදේ වෙනයි. ලෙලි විකුණනවාද කියලා බලපන් කඩවල්වල, ඒවගෙ ඉෆෙක්ට් එකක් නෑ...
    ලෙලි උනත් දහයක් නම් කන්න බෑ මා පුතී

    ahema thama ban,
    podi gadi ateth ekama thama kanne.patta,pan churus...
    mal wala wenama athal 1k thiyenne,
    issranam mal 100 witharak kanawa.
    gedi nam 5,6k wage thama.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තව ටික කාලෙකින් ගු ඇන් පි ගොන් බඩු, මි පැණිත් වසයි කියයි, ඒ තරන් කුහකකමේ ඉන්නෙ..
     
    • Haha
    Reactions: dxx

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    තව ටික කාලෙකින් ගු ඇන් පි ගොන් බඩු, මි පැණිත් වසයි කියයි, ඒ තරන් කුහකකමේ ඉන්නෙ..

    erozan said:
    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි......
    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්…. කොරෝනා වසංගතය මැඩලීම සඳහා මීට පෙර මැලේරියා වසංගතය මර්ධනයට යොදා ගත් කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් ඖෂධ ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි බව ඖෂධ විද්‍යා මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙයි. මිලෙන් ඉතා අඩු මෙම ඖෂධ පෙති මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සතුව ඇතැයිද පළමු අදියරේදී රෝගීන් ලෙස හදුනා ගෙන ඇති අයට සහ ඔවුන් හා ගැටුණු අයට මෙම ඖෂධය ලබා දීම අප්‍රමාදීයව ඇරඹිය යුතු බව ද ඔහු පවසයි.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    fndvpA0.jpg

    සාදික්කා ගෙඩියට ඇත්තේ ලේ වැකුණු ඉතිහාසයකි. ඉන්දුනිසියාවේ බන්දා දුපත් වලට සීමා වී තිබූ සාදික්කා වගාව අත්පත් කර ගැනීම සඳහා ලන්දේසීන් කල කුරිරු සටනින් අවසානයේ ඉතිරි වූයේ දූපත් වාසීන් 15000 ක් අතරින් දහසක් පමණක් බව කියවේ. ක්‍රි.ව. 6 වන සියවසේ දී පමණ ඉන්දියාවට හඳුන්වා දී ඇති සාදික්කා ශාකය ඉංග්‍රීසින් විසින් 19 වන සියවසේ දී ලංකාවේ වගා කරන ලදී. සාදික්කා එක් අතකින් අති විශේෂ කුළුබඩුවකි. එයට හේතුව නම් සාදික්කා සහ වසාවාසි යන එකිනෙකට වෙනස් කුළුබඩු වර්ග දෙකක් එකම ශාකයෙන් ලබා ගත හැකි වීමයි. කුළුබඩුවක් ලෙස පමණක් නොව විවිධ රෝග සඳහා ඖෂධයක් ලෙසත් සාදික්කා අතීතයේ සිටම භාවිතා වී ඇත. මෑත කාලීනව කල පර්යේෂණ මගින් ද එහි ඇති විවිධ ඖෂධීය ගුණ පිළිබඳ මනාව තහවුරු කර ඇත. සාදික්කා වල අඩංගු ප්‍රධාන රසායණික සංයෝගය මිරිස්ටිසින් වේ. බත් වුවත් වැඩියෙන් කෑවොත් අගුණ වන්නා සේම සාදික්කා ද අධි පරිභෝජනය මාරක ප්‍රතිපල වුව අත්කර දිය හැක. සාදික්කා කුඩු ග්‍රෑම් 5 කට වඩා වරකට පරිභෝජනය විෂ සහිත බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. තවත් එක් වාර්තාවක දැක්වෙන පරිදි අවුරුදු 8 ක දරුවෙක් සාදික්කා ග්‍රෑම් 14 ක් ආහාරයට ගැනීම හේතුවෙන් මරණය‍ට පත් වී ඇත. මරණයට අමතරව මොලයට සිදුවන විවිධ අහිතකර බලපෑම් ද ඇත.
    සාදික්කා ගැන අවස්ථා කීපයකදීම ලියන්නට සිදුවූයේ වර්තමානයේ අප රටේ සාදික්කා ඇසුරෙන් නිපදවා ඇති පැණිය නිසා ය. මේ පැණිය තුල නම් අධික සාන්ද්‍රණයකින් සාදික්කා අන්තර්ගතව ඇතැයි මම නොසිතමි. එසේ වූවා නම් මේ වන විට ඒ බව වාර්තා වී තිබෙනු ඇත. ගැටළුව ඇත්තේ පැණිය සාදන්නට අපේ උදවිය විවිධ වට්ටෝරු සමාජ ගත කරමින් සිටීමය. සාදික්කා මගින් ඉක්මණින් ප්‍රතිපල ලබා ගැනීමට කවුරුන් හෝ අධික ලෙස ආහාරයට ගත හොත් එමගින් ඉතා හානිදායක ප්‍රතිපල ඇතිවීමට ද ඉඩ ඇත. බෙහෙතක් යනු යම් මාත්‍රාවකට අනුව ලබා ගත යුතු දෙයකි. එබැවින් අන්තර්ජාලයේ හුවමාරු වන කිසිදු වගකීමකින් තොර වට්ටෝරු අත්හදා බලන්නට ගොස් අමාරුවේ වැටෙනවාට වඩා කරුණු දැන සිහි නුවණින් කටයුතු කිරීම වඩා උචිත බව සටහන් කර තබමි.

    (*මෙහි ඇති කරුණු සියල්ල තහවුරු කල හැකි විද්‍යාත්මක ලේඛණ පදනම්ව ලියා ඇති බව සඳහන් කරමි.)

    Copied
    Do we like to be operated by a person other than a surgeon who is qualified and also having necessary experience?
    If not why should we foolish to take any 'Pani' from a not qualified in indigenous medicine. Even qualified person may give harmful Chemicals such as Mercury etc which are harmful for health.
    It is time to stop this foolish thing promoted be govt