සාධාරණ සමාජයක් ප්රැක්ටිකල්ද?????

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    එක්තරා විශ්ව විද්‍යාලයක ආර්ථික විද්‍යා මහාචාර්‍යවරයෙකු, ඔහු කිසි දිනක කිසිම ලමයෙක් fail නොකර සිටියත් එක්වරම මුලු පන්තියම fail කිරීමට කටයුතු කරනු ලැබුවා.

    ඊට හේතුව වූයේ දුප්පත් පොහොසත් ලෙස සමාජය බෙදී නොතිබී හැමෝමට සමානව දේවල් හිමිවිය යුතු බවට ලමයි තුල වූ මතය සහ එය වැරදි බව ඔවුන්ට ඔප්පු කිරීමේ අදහසනින්.

    මහාචාර්ය වරයා සිසුන්ට මෙහෙම පවසනවා -
    "හරි අපි ඒක පරීක්ෂා කරලා බලමු! මම ඔයාලට test paper එකක් දෙනවා, ඒකේ සියලුම දෙනාම ගත්ත ලකුණු එකට එකතු කරලා ලමයි ගානෙන් බෙදලා හැමෝමට සමාන ලකුණුක් ඒ කියන්නේ සමාන grade එකක් ලබාදෙනවා! කවුරුවත් fail වෙන්නෙත් නෑ. කාටවත් A+ එන්නෙත් නෑ."

    ඔහු මුලින්ම මේ විදියට එක test එකක් පවත්වන්වා, ඒකෙදි හැමෝටම ලැබෙනු result එක වුනේ B. වෙනදා A+ ගත්ත අතිදක්ෂ ලමයි ටික දුක් වුන අතර, කම්මැලි ලමයි ටික මේ ගැන ගොඩක් සතුටුයි.

    ඒකෙන් පස්සේ ඒ විදියටම දෙවෙනි test එකත් පවත්වනවා. ඒකෙදි හැමෝටම ලැබුන result එක වුනේ D එකක්! ඒ ගැන නම් කාටවත්ම සතුටක් ඇති වුනේ නෑ. එහෙම වෙන්න හේතුව වුනේ කම්මැලි ලමයි ටික තව කම්මැලි වෙලා test එකට පාඩම් නොකර සිටීම වගේම අති දක්ෂ ලමයි ටික පවා test එකට වැඩිය මහන්සි වීමට අවශ්‍ය නොවන බව තීරණය කිරීම. ඊලගට තිබ්බ තුන්වෙනි final test එකේදි හැමෝගෙම result එක වුනේ F. ඒ කියන්නේ හැමෝම Fail කියන එක. ඒ result එක්ක කට්ටියට තේරෙන්න ගත්තා අනිත් අයගේ benifits වෙනුවෙන් තමන් නිකන් කැපකිරීම් කරන්න ඕනේ නෑ කියලා.

    ඒ result එකෙන් පස්සේ මහාචාර්ය වරයා සිසුන්ට මෙහෙම කියනවා,

    "ඔයාලගේ මේ results වලින් ඔයාලට සරලව තේරෙන්න ඇති සමාජ සාධාරණත්වය ඇත්තටම ඉටු වෙද්දී ඔයාලට කොහොම ඒ දේ බලපානවද කියන දේ. ඒ අදහස ඇත්තටම ලස්සනයි, හොද එකක්. ඒ වුනාට practically ඒක වෙද්දී කවුරුවත් වැඩ කරන්න, දියුණු වෙන්න මහන්සි වෙන්නේ නෑ."

    අවසානයේදී ඔහු මෙහම කියනවා,

    " කවදාවත් පොහොසත් මිනිසුන් දුප්පත් කරලා, දුප්පත් මිනිස්සුන් පොහොසතුන් බවට පත් කරන්න බැහැ. මහන්සි වෙන්නේ නැති පිරිසකට වරප්‍රසාද දෙන්නත්, මහන්සි වෙලා වැඩකරන අයට එයාලගේ මහන්සියට අදාල හරි වරප්‍රසාද සහ ඇගයීම් ලබා නොදීමත් ලොකු වැරද්දක් වෙනවා!

    රජයන් විසින් කරන ලොකු වැරැද්දක් තමයි මේකත්,
    රජයන් දුප්පත් මිනිසුන්ට දේවල් දෙන්නේ පොහොසත් මිනිසුන්ගෙන් බදු සල්ලි විදියට ඒවා අරගෙන, පොහොසත් මිනිසුන්ගෙන් බදු සල්ලි ගන්නවනම් ඒකට හරියන්න පොහොසත් මිනිසුන්ට වරප්‍රසාද ලබාදෙන්න ඕනේ. සමාජයේ වැඩි පිරිසකටම නිකන් වරප්‍රසාද ලැබෙද්දී ඔවුන් අනිත් අයගෙන් ඒවා ලැබෙන නිසා තනියම මහන්සි වී ලබාගන්න උත්සාහ කරන්නේ නෑ. එත්කොට තමයි අවසාන test එකේදී ඔයලා ඔක්කොම fail වුනා වගේ, මුලු සමාජයක්ම පිරිහිලා විනාශ වෙන්න පටන් ගන්නේ."

    මේ කතාවෙන් ලංකාවේ අපිටත් ගන්න ගොඩක් දේවල් තියෙනවා. හොදට හිතලා බලන්න.


    සටහන - Binura Yasas
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Oh My God Wow GIF by MOODMAN
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සමෘද්ධි අරන් දියුණු වෙලා දැන් සමුර්ධි ගන්නේ නැති කෙනෙක් හොයාගන්න පුළුවන් වෙයිද
     
    • Like
    Reactions: icepack

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත


    සාදාරන සමාජය පිළිබද පැහැදිලි කර ඇති උදාහරණය සමග එකග විය නොහැක

    උසස් පෙළ ලියු සිසුන් දෙදෙනෙක් අතරින් එක අයෙකු F සාමාර්ථ 3 සමගින්අසමත් වන අතර ඔහු තම පුද්ගලික දනය වැය කර පුද්ගලික විශ්ව විද්යලයලින් උසස් අද්‍යාපනය සම්පුර්ණ කර ඉහල අදායම් ලබන රැකියාවක් අත් කර ගනී. අනෙකා B සාමාර්ථ 3 සමගින්අ ඉහලින්සමත්ව උවද z ලකුණ සපිරීමට නොහැකි වීම මත උසස් අද්යාපන කටයුතථු නවතා පහල අදායම් ලබන රැකියාවක් වෙත යොමු වේ. රජය අද්‍යාපනය සදහා දරන වියදම වැඩි කිරීම මගින්මෙම අසමාන තත්වය අවම කර, පොහොසතා මුදල් මගින් ලබා ගන්නා ඉහල සමාජ තත්වය , දුප්පත් සැබෑ දක්ෂයටත් උරුම කර දීම සැබෑ සමාජ සාධාරණත්වය වේ.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member


  • සාදාරන සමාජය පිළිබද පැහැදිලි කර ඇති උදාහරණය සමග එකග විය නොහැක

    උසස් පෙළ ලියු සිසුන් දෙදෙනෙක් අතරින් එක අයෙකු F සාමාර්ථ 3 සමගින්අ සමත් වන අතර ඔහු තම පුද්ගලික දනය වැය කර පුද්ගලික විශ්ව විද්යලයලින් උසස් අද්‍යාපනය සම්පුර්ණ කර ඉහල අදායම් ලබන රැකියාවක් අත් කර ගනී. අනෙකා B සාමාර්ථ 3 සමගින්අ ඉහලින්සමත්ව උවද z ලකුණ සපිරීමට නොහැකි වීම මත උසස් අද්යාපන කටයුතථු නවතා පහල අදායම් ලබන රැකියාවක් වෙත යොමු වේ. රජය අද්‍යාපනය සදහා දරන වියදම වැඩි කිරීම මගින්මෙම අසමාන තත්වය අවම කර, පොහොසතා මුදල් මගින් ලබා ගන්නා ඉහල සමාජ තත්වය , දුප්පත් සැබෑ දක්ෂයටත් උරුම කර දීම සැබෑ සමාජ සාධාරණත්වය වේ.
    හැමෝටම ජීවිතේ උපතෙන් හම්බවෙච්ච ලීඩ් එකක් තියෙනව
    ගොඩක් අය ඒක පටලං තියෙන්නෙ අනිත් අයට වඩා වෙච්ච මහන්සිය කියල 😅
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කව්රුහරි කියන්න නාමල් රාජපක්ෂ නීති විබගෙන් 100/100 අරන් නිතික්ඥ්යෙක් වෙච්ච විදිහ සාධාරණද ? 😂 😂 ඒක අනිත් ළමයින්ට කරපු අසාදාරනයක් නෙවෙඉද?
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    හැමෝටම ජීවිතේ උපතෙන් හම්බවෙච්ච ලීඩ් එකක් තියෙනව
    ගොඩක් අය ඒක පටලං තියෙන්නෙ අනිත් අයට වඩා වෙච්ච මහන්සිය කියල 😅
    ලෝකේ කොහොමත් සාධාරණ එකක් නෙමේ අනුරාධ.
    අනුරාධගේ මව පියා නැගණිය රජයේ සේවකයෝ.

    අනුරාධත් විවිද රැකියා කරනවා.

    හොදට කනවා බොනවා.

    හේෂාන් දමින්ද වගේ කෙනෙක් බැලුවම අනුරාධට වඩා කොච්චර අනාථයෙක්ද?
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ලෝකේ කොහොමත් සාධාරණ එකක් නෙමේ අනුරාධ.
    අනුරාධගේ මව පියා නැගණිය රජයේ සේවකයෝ.

    අනුරාධත් විවිද රැකියා කරනවා.

    හොදට කනවා බොනවා.

    හේෂාන් දමින්ද වගේ කෙනෙක් බැලුවම අනුරාධට වඩා කොච්චර අනාථයෙක්ද?
    හ්ම් ඒකත් ඇත්ත
    රස්සාවක් නොකලත් මට කන්න බොන්න තියෙනව
     

    AnuradhaRa

    Well-known member
  • රස්සාවක් කරන්නේ නැති එකත් රස්සාවක් තමයි
    ඔව් නිකං ගෙදරට වෙලා කිසි බලාපොරොත්තුවක් නැතුව ඉන්න එක ඔක්කොටම වඩා අමාරුයි
    හැබැයි මං දැං ඒකට හැඩගැහිල
    කම්පියුටර් එක තියෙනව
    එක එක දේවල බලල මොනාහරි ඉගෙනගන්නව
    ගෙදර වැඩක් තිබුණොත් ඒක කරනව.
    කාලෙ ගෙවාගන්නව කොහොමහරි
     
    • Like
    Reactions: Punchi Ogawa

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ඔව් නිකං ගෙදරට වෙලා කිසි බලාපොරොත්තුවක් නැතුව ඉන්න එක ඔක්කොටම වඩා අමාරුයි
    හැබැයි මං දැං ඒකට හැඩගැහිල
    කම්පියුටර් එක තියෙනව
    එක එක දේවල බලල මොනාහරි ඉගෙනගන්නව
    ගෙදර වැඩක් තිබුණොත් ඒක කරනව.
    කාලෙ ගෙවාගන්නව කොහොමහරි
    අනුරාධ සමහර විට අලුත් සියවසේ පිරිමියෙක් වෙන්න ඇති.
    ඒ පිරිමි රස්සා කරන්නේ නැහැනේ. රස්සාවක් කරත් කරන්නේ ගෙදර ඉදන් කරන එකක්.
    ළමයි බලාගන්න එක තමයි පිරිමියාගේ වැඩේ.
    වයිෆ් තමයි එලියට ගිහිං ජොබ් කරලා සල්ලි හොයන්නේ.

    හවුස්හස්බන්ඩ් කෙනෙක්
    A househusband is a man who does not have a paid job, but instead looks after his home and children.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අනුරාධ සමහර විට අලුත් සියවසේ පිරිමියෙක් වෙන්න ඇති.
    ඒ පිරිමි රස්සා කරන්නේ නැහැනේ. රස්සාවක් කරත් කරන්නේ ගෙදර ඉදන් කරන එකක්.
    ළමයි බලාගන්න එක තමයි පිරිමියාගේ වැඩේ.
    වයිෆ් තමයි එලියට ගිහිං ජොබ් කරලා සල්ලි හොයන්නේ.

    හවුස්හස්බන්ඩ් කෙනෙක්
    A househusband is a man who does not have a paid job, but instead looks after his home and children.
    ඔව් ඉතිං මම අම්මලාගෙ දේවල්වලට උදව් කරගෙන ඉන්නව
    වෙලාවට බේත් ටික ගෙනල්ල දෙනව.
    ගෙදර පොඩි පොඩි වැඩ තිබුණොත් වෙන කාටවත් අඩ ගහන්න ඕනෙ නෑ. මම කරල දානව
    නංගිගෙ බයික් එකත් වෙලාවට සර්විස් කරල දෙනව
    එයාලගෙ ඔලුවෙ පැදපු කිලෝමීටර ගාණ ඔලුවෙ නෑ
    මම තමා හැමදේම වෙලාවට මතක් කරල දෙන්නෙ