සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ හස්ත ධාතුව ශ
කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ විශේෂ ඉල්ලීමක් අනුව ශ්‍රී ලංකාවේ බැතිමතුන්ගේ වන්දනාව පිණිස පරිත්‍යාග කෙරුණු සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ හස්ත ධාතුව සහිත කරඬුව, ඉතාලියේ නර්බෝනා නගරයේ සිට, ජනවාරි 12 වනදා පෙ.ව. 6 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට වැඩම කරවන ලදි.
සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ හස්ත ධාතුව ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට වැඩම කරවනු ලද්දේ, ඉතාලියේ ශ්‍රී ලාංකික ශ්‍රම සංක්‍රමික සම්බන්ධිකාරක අතිගරු නෙවිල් ජෝ පෙරේරා මාහිමිපාණන් විසිනි.
ගුවන් තොටුපළ පරිශ්‍රයේදි උතුරු කොළඹ කලාපිය නාහිමි අතිගරු පැට්රික් පෙරේරා, ජා-ඇල කලාපිය නාහිමි අතිගරු ශාන්ති කුමාර් වැලිවිට පූජාප්‍රසාදීන් තුමන්ලා සමඟ විශේෂ යාච්ඤා මෙහෙයක් පැවැත්වීමෙන් අනතුරුව ධාතු කරඬුව රැගත් රිය පෙරහැර, ලියනගෙමුල්ල, සීදුව, දෙහියාගාත, තුඩැල්ල, ජා-ඇල, වැලිගම්පිටිය යන මීසම්වල කතෝලික ජනතාවගේ ගෞරව පුද ලබමින් පැමිණ කඳාන රිලවුල්ල මීසම් ජනතාව විසින් පිලිගැනීමෙන් අනතුරුව කඳාන කුරුස හංදියේදි සියලු කතෝලික ජනතා ගරු බුහුමන් මැද ධාතුන් වහන්සේ සහිත කරඬුව, කඳාන සාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත වැඩමකරවන ලදී. එහිදී කොළඹ රදගුරු අති උතුම් රංජිත් මැල්කම් කාදිනල් හිමිපාණන් විසින් ජනතා වන්දනාවන් සඳහා ධාතුන් වහන්සේ විශේෂ මණ්ඩපයක තැන්පත් කෙරුණි.

ඒක නිසා දැන්ම සද්ද නොකර හිටියම හරි 