සාමයේ+ආගම+පින්තූර

hopimaster

Active member
  • Mar 24, 2012
    595
    179
    43
    සාමයේ+ආගම+පින්තූර

    සිරියාවේ ඉස්ලාමික මූලධර්මවාදීන් විසින් සිරියානු කැරලිකරුවන් දෙදෙනෙකු කුරුසියේ ඇණ ගසා මරා දමා ඇතැයි වාර්තා වේ.
    ඔවුන් දෙදෙනා ඇතුළු 7 දෙනෙකුට ජිහාඞ්වාදී ඉරාක ඉස්ලාමික රාජ්‍යය සහ ලෙවන්ට් යන සන්නද්ධ කණ්ඩායම් විසින් මරණීය දණ්ඩනය ලබාදී තිබේ.
    ඔවුන් පවසා ඇත්තේ මේ මස මුලදී යුප‍්‍රටීස් නිම්න නගරයක් වූ රක්කාහිදී තම සංවිධානයේ සාමාජිකයෙකුට ග්‍රෙනෙඞ් ප‍්‍රහාරයක් එල්ල කළ පුද්ගලයන් 7 දෙනෙකු මෙලෙස මරා දැමූ බවයි.

    කුරුසියේ ඇණ ගැසූ පුද්ගලයන් දෙදෙනාගේ මුහුණු ආවරණය කර නොමැති අතර එහි ඡයාරූප සිරියානු මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත.
    ඝාතනයට ලක්වූ පුද්ගලයන් රක්කා නම් සංවිධානයේ සාමාජිකයන් ලෙස සැලකෙන අතර ඔවුන්ද බෂාර් අසාද් පාලනයට එරෙහිට සටන් වැදුණු කැරලිකරුවන් බව පැවසේ.
    සිරියානු මානව හිමිකම් මධ්‍යස්ථානය පවසා ඇත්තේ මෙය ඉරාක ඉස්ලාමික රාජ්‍යය සංවිධානය විසින් කුරුසියේ ඇණ ගසා මරණ දඬුවම ක‍්‍රියාත්මක කළ පළමු අවස්ථාව නොවන බවයි.
    අල් කයිඩා සංවිධානය පවා ඔවුන් සමග සම්බන්ධකම් පවත්වා ගැනීම ප‍්‍රතික්ෂේප කර ඇති අතර සිරියානු කැරලිකරුවන්ගේ නිල අල් කයිඩා අංශය වන අල් නුස්රා සංවිධානයද ලෙවන්ට් සංවිධානය සමග සටන් වදිමින් ඇතැයි පැවසේ.
    පසුගිය සතියේදී පුද්ගලයන් 28 දෙනෙකුට මරු කැඳවමින් ඉරාකයේ මැතිවරණ රැළියක සිදුවූ බෝම්බ ප‍්‍රහාරයේ වගකීමද ඉරාක ඉස්ලාමික රාජ්‍යය විසින් භාරගෙන ඇතැයි වාර්තා වේ.

    article-0-1D74417100000578-640_634x452.jpg


    article-2616694-1D78947F00000578-681_634x358.jpg
     
    Last edited:

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    ඔන්න කොල්ලනේ ඉලව්වේ සහජීවනය නැති කරන විදියට මොකුත් කියනවා නෙවෙයි හරිය