විශාල කලකිරීමක් ඇති වෙනවා මේවා කියවනකොට.... වැරදි මත සමාජ ගත වීම විශාල ගැටලුවක්.. මචන්, බොහොම පැහැදිලි එක දෙයක් තියනවා... මේ කාරණාව උබ මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කලේ අඩුම තරමේ බයිබලය ගැන අබ මල් රේනුවක දෙයක් නොදැන... උඹේ කතා විලාසයෙන්ම පේනවා, උඹ ඉන්නේ වෛරයෙන්... ඒ වෛරයට හේතුව මොකක් උනත් උඹ ඒකට හරි යන්න මොකක් හරි වාක්‍යක් දෙකක් හෙන අමාරුවෙන් හොයාගෙන දමලා ගහලා ඒක සාමයේ කුමාරයා කියපු එකක්ය ක්රිස්තියානිකාරයෝ හෙනම ම්ලේච්චයෝ සෙට් එකක්ය කියලා ඔප්පු කරන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා... පුක උඩ දාගෙන බම්ප් කරනවා.... ඒත් උබ පෝස්ට් කරපු එක කිව්වෙ කව්ද, තියෙන්නෙ කොහෙද, ජේසුස් කව්ද, සාමුවෙල් කව්ද, මේ කාල පරාස මොනවාද, ජුදා ආගම කියන්නෙ මොකද්ද, ක්‍රිස්තියානි ආගම කියන්නෙ මොකද්ද, මේ ලෝකෙ ලබ්බක් දන්නෙ නැතුව, ඔහේ බෙරිහන් දෙනවා... මම දන්නවා, මේක උඹට තේරුම් කරලා වැඩක් නැහැ... උබට තේරුම් ගන්න තරම විවේක බුද්ධියක් නැහැ... ඒත් මම කාරණා දෙකක් බොහොම කෙටියෙන් කියන්නම්,මම උඹට අනුකම්පා කරන නිසා සහ අනවශ්‍ය විදියට තව කෙනෙක් නොමග යන්න පුලුවන් නිසා, උඹේ ත්‍රෙඩ් එක දැකලා...
මේ සඳහන් කිසිවක් ජේසුස් විසින් කියන ලද ඒවා නොවෙයි.... (එතකොට බයිබලේ තියෙන්නෙ, ජේසු කියපුවා නෙමෙයිද?? ඒකනේ උඹේ දැවෙන ප්‍රස්නෙ නේද සහෝ? උත්තරය නැහැ බයිබලයේ තියන සියල්ල ජේසුස් කියපු දෙවල් නොවෙයි.. බයිබලය කියන්නේ පොත් ගනනාවක එකතුවක්... ඒක පුරාණ ගිවිසුම සහ නව ගිවිසුම ලෙස කොටස් 2යි ප්‍රධාන වශයෙන්... පරණ ගිවිසුම ඇතුලේත් පොත් 39 කට වඩා තියනවා... අලුත් ගිවිසුමේ තමයි ජේසුස් එන්නෙ... ඔබතුමා මේ උපුටාගෙන තියෙන්නෙ, පරන ගිවිසුමේ, එ කියන්නේ, ජෙසුස් ඉපදෙන්නටත් පෙර සාමුවෙල් කියන දිවැසි වරයාගෙ පොතෙ සඳහන් කල දෙයක්.. එතකොට ඔබතුමා මොන පදනමකින්ද සඳහන් කලේ මේක "සාමයේ කුමාරයාගේ ඉගැන්වීමක්" කියලා... ජේසුස් කියන්නේ තමන්ව මරණයට කැප කරපු අයට පවා සමාව දුන් කෙනෙක්... සාමයේ කුමාරයාගේ ඉගැන්වීම උනේ, මේ වෛරය වෙනුවට ප්‍රේමයත් සමාව දීමත්....)
උඹ අදුරේ අතපත ගානකොට අතට අහු වෙච්ච එකක් ඔහේ දමල ගහනවා වගේ වැඩක් මේ කරලා තියෙන්නේ.... මේවා පරණ ගිවිසුමේ තියන ආදි කතන්දර.... මේ දේවල් කිතුනු ඉගැන්වීම් නෙමෙයි සහෝ... මේවා පුරාණ ජුදා කතන්දර... මේ සියලු දේවල් බයිබලයේ සඳහන් වෙන්නේ, ජේසු එන්න කලින් තිබුන වාතාවරනය වටහා ගන්නයි... ඔයිට වැඩියෙ අන්ත දේවලුත් තියනවා බයිබලේ.... ඕන නම් හොයලත් දෙන්නම් මම...වේස ගෑනුන්ට ගල් ගහලා මරන්න කියලත් තියනවා... ඒත් ජේසු කිව්වේ, ඔබ අතරින් කිසිම පාපයක් නැති කෙනා පලමු ගල ගැසිය යුතුයි කියල... අන්තිමේදි ගල් ගහල මරන්න ආපු හැමෝම යන්න ගියා... මොකද අපි හැම කෙනෙක්ම වැරදි කරලා තියනවා... තව කෙනෙක්ව විනිශ්චය කරන්න අපිට අයිතියක් නැහැ.... ජේසුස් වහන්සේ පුරාණ ජුදා නීති සියල්ල ප්‍රතික්ශේප කලා.... උබට තවත් කියන්න ඕන නම් ඔය චර්මඡේදනය වගේ ඉස්ලාම් ආගමිකයන් අදටත් අනුගමනය කරන පිලිවෙත් පවා පුරාන ජුදා නීති වල තිබුනා.. එහෙම කියලා අපි චර්මඡේදනය කරන්නෙ නෑනෙ සහෝ....

ජේසුස් වහන්සේ මේ ඔක්කොම ප්‍රතික්ශේප කරලා ගෙනාවේ අවහින්සාවේ සාමයේ පනිවිඩය... ඇසට ඇස දතට දත කියලයි පුරාන ගිවිසුමේ තියෙන්නේ.. ඒත් ජේසුස් කිව්වෙ, ඔබේ එක් කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් හරවන්න කියලා... ආගම් පැත්තකට දාන්න... තමාව මරන මිනීමරුවන්ටවත් වෛර නොකර මරණ මොහොතේදිත් සමාව දුන්න, කෙනෙක් ගැන මනුශ්‍යයෙක් විදියටවත් පුන්චි ගරුත්වයක් දෙන්න... එච්චරයි මට කියන්න තියෙන්නේ..
“නහී වේරේන වේරානී - සම්මන්තිධ කුදාචනං
අවේරේනව සම්මන්තී – එස ධම්මෝ සනන්තනෝ”
යාලුවො ඔක්කොටම සාමය සතුට සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...