සාම්පූර් සේරම ඉඩම් ඉන්දියාවටද?

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
සාම්පූර් සේරම ඉඩම් ඉන්දියාවටද?

සාම්පූර් අද ශ්‍රී ලංකාවේ අතිශය උණුසුම් මාතෘකාවක්‌ බවට පත්වෙමින් තිබේ. එය අද වන විට දේශපාලනයේ මෙන්ම ජාත්‍යන්තරයේ පවා කියෑවෙන මාතෘකාවකි.

පසුගිය දිනවල සාම්පූර් නාවික හමුදා කඳවුර මුලින්ම ඉවත් කර ගන්නා ලදි. සාම්පූර් කඳවුර පිහිටුවන ලද්දේ ඊළාම් යුද්ධය පැවති 2006-2007 කාලයේදීය. ඇතැමුන් පවසන පරිදි දැන් සාම්පූර් කඳවුර පිහිටුවා ඇත්තේ වඩා හොඳ ස්‌ථානයක නම් කලින් මේ කඳවුර වැරදි ස්‌ථානයක පිහිටුවීම සම්බන්ධයෙන් කරුණු පරීක්‌ෂා කළ යුතුය. කෙසේ වෙතත් උපාය මාර්ගික වශයෙන් අතිශය වැදගත් නාවික හමුදා කඳවුරක්‌ ඉවත් කර වෙනත් ස්‌ථානයකට ගෙනයන්නේ නම් ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන් රටට කරුණු පැහැදිලි කළ යුතුව තිබිණි. එහෙත් එවැන්නක්‌ සිදුවූයේ නැත.

සාම්පූර්වලින් ඉවත් කර ඇති තවත් ව්‍යාපෘතියක්‌ වන්නේ බැර කර්මාන්ත කලාපයක්‌ සඳහා වෙන්කළ අක්‌කර 818 සංවර්ධන කලාපයකි. මෙය දකුණු කොරියාව, ජපානය, ඔස්‌ටේ්‍රලියාව හා බ්‍රසීලය එක්‌ව ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියක්‌ බව පැවසේ. අදාළ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන අටසියයක්‌ පමණ යොදවා ඉදිකිරීම් කළ පසුව මෙලෙස එම ඉඩම් රටේ නීතියට පිටින් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් දැනටමත් අදාළ රටවල් රාජ්‍ය තාන්ත්‍රික මට්‌ටමින් විරෝධය පළකර ඇත.

මෙසේ මේ නාවික හමුදා කඳවුර ඉවත් කර ගන්නේත්, අදාළ ව්‍යාපෘති ඉවත් කරගන්නේත් මහජනතාව නැවත පදිංචි කරන්නට අවශ්‍ය බව පවසමිනි. එහෙත් මේ කිසිදු අවස්‌ථාවක ඉන්දියාවට ගල් අඟුරු තාප බලාගාරයක්‌ සඳහා ලබාදුන් ඒ අසලම ඇති ඉඩම් ගැන කතා බහක්‌ නොමැත.

සාම්පූර් ප්‍රදේශයේ ආයෝජන මණ්‌ඩලය යටතේ පවතින ඉඩම් අක්‌කර 818 ක්‌ ඒවායේ මුල් අයිතිකරුවන්ට ලබාදීමට යෑයි පවසමින් අමාත්‍ය මණ්‌ඩල පත්‍රිකාවක්‌ පසුගිය කාලයේ ඉදිරිපත් කරන ලද්දේ නැවත පදිංචිකිරීම, ප්‍ර්‍රතිසංස්‌කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්‌වාමිනාදන් විසිනි.

මේ සම්බන්ධව සොයා බැලීම සඳහා ලේකම්වරුන් පස්‌දෙනකුගෙන් යුත් කමිටුවක්‌ පත් කරන ලද අතර එම කමිටුවට පවා ඇතැම් ඇමැතිවරුන් විසින් බලපෑම් එල්ල කරන ලද්දේ ගත් තීරණය ආපස්‌සට නොගන්නා බව පවසමිනි.

මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ එක්‌තරා මන්ත්‍රීවරයකු බලහත්කාරයෙන් සහභාගිවී බලපෑම් කළ බව සඳහන්ය. මෙය බරපතළ තත්ත්වයකි. රටේ අතිශය වැදගත් ආයතනයක තීරණාත්මක සාකච්ඡාවලට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට අනවසරයෙන් සහාභාගි වන්නට අවසරය ලැබුණේ කෙලෙස ද යන්න ප්‍රශ්නයකි.

කෙසේ වෙතත් දැන් දැන් සැක මතුවන්නේ නාවික හමුදා කඳවුරු ඉවත්කර, සංවර්ධන ව්‍යාපෘති නවත්වා මහජනතාවට ලබා දෙන්නට යෑයි පවසන ඉඩම් සැබෑවටම ලබාදෙන්නේ ජනතාවට ද නැතහොත් ඒවා ද ඉන්දියානු තාප බලාගාරයටම ලබාදෙන්නේ ද යන්න පිළිබඳවය.

ගල් අඟුරු තාප බලාගාරයක්‌ අසල මිනිසුන් පදිංචි කළ නොහැක. එය කිසිසේත් මහජන වාසයට සුදුසු නොවේ. මිනිසුන් සඳහා මේ ඉඩම් බෙදා දුන්නද තාප බලාගාරය දීර්ඝ කාලීනව ක්‍රියාත්මක වීමේදී ඒ අසල මහජනතාවට පදිංචිවී සිටිය නොහැක.

අනෙක්‌ අතට මේ හරහා අප රටක්‌ ලෙස ලෝකයට යවන පණිවිඩය වන්නේ අපේ රටේ විදේශ ආයෝජන සම්බන්ධයෙන් බරපතළ කාරණයකි. දැනටමත් කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට්‌ සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්‌ටමින් අපට ගැටලු ඇතිවී තිබේ. ඒ හරහා බැඳුනු පරිසර ප්‍රශ්න තිබෙන බැවින් අප ඒ ගැන කාලයට බාරදී බලා සිටින්නෙමු. ඒ ව්‍යාපෘතිය නතර වී තිබෙන්නේ තාවකාලිකව බවට ද ඉදිරි මහා මැතිවරණයෙන් කවුරුන් බලයට පත්වුවත් එය ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක්‌ බවටද ඇතැමුන් පවසතත් එහි සත්‍ය තත්ත්වය අප නිවැරදිව දන්නේ නැත.

මෙවර ද අප යළිත් ගැටලු ඇතිකර ගන්නට යන්නේ අප රට සමඟ කාලයක්‌ තිස්‌සේ මිත්‍රව සිටි රටවල් කීපයක්‌ සමඟය.

මේ තීරණ කවර රටවල බලපෑම් මත කවුරුන් විසින් කරන්නේ දැයි අප දන්නේ නැත. කෙසේ වෙතත් රට ගැන සහ රටේ ජනතාව ගැන, රටේ ආරක්‌ෂාව හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ගන්නා තීරණ මීට වඩා පුළුල් දැක්‌මකින් ද හා අවබෝධයකින් ද දුරදිග සිත බලා ගැනීම සුදුසු බව අපගේ අදහසයි.



source: http://www.divaina.com/2015/05/15/editor.html
 

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඇත්ත ..නැවත පදිංචි කිරීමේ මුවාවෙන් ලොකු දේවල් ටිකක් වෙනවා ..මේක දීර්ඝකාලීන සැලැස්මක් ..

    1 - නැවත පදිංචි කිරීමේ මුවාවෙන් හැකි තරම් පිරිසක් පදිංචි කරලා ජන ගණත්ව වැඩි කරන එක
    2 - ජන ගණත්වය වැඩිවීම තුලින් එම ප්‍රදේශයේ දෙමළ හෝ මුස්ලිම් ජනතාවට රටේ බලපෑමක් කිරීමේ හැකියාව වැඩි වෙනවා.හරියට මේ පාර චන්දෙ වගේ .
    3 - ජනමත විචාරණයක් හෝ වෙනත් ක්‍රමයක් මගින් වෙනම රජයක් ප්‍රකාශ කිරීම සිදු කිරීම තමයි අවසාන දේ

    මෙහිදී හමුදා කදවුරු තිබීම තුල මේවා කිරීමට නොහැකි වෙනවා .ඒ නිසයි කදවුරු ඉවත් කරන්නේ ...රජයට සැබෑ ඕනිකමක් තියෙනව නම් කරන්න තියෙන්නේ වන්දි ගෙවල ඉඩම් අත්පත් කරගෙන ආරක්ෂක හමුදාවට ලබාදීමයි ..තවත් ඕනි නම් හොද තැන් වලින් එම ජනතාවට ඉඩම් ලබා දීමයි ...එහෙත් මේ සිදුකරන දෙයින් සිදුවන්නේ අනාගතේ ඉක්මනින්ම දවසක වෙනම රාජ්‍යක් බිහිවීමයි ...එදාට ඔබට VISA අරගෙන යන්න වෙන තැනට පත් වෙයි ...මෙම ප්‍රශ්නය දේශපාලන කන්නාඩියෙන් බලන්න එපා....මේක රටේ ආරක්ෂාව ..ස්වාධීනත්වය ...දේශපාලනයි ,රටේ ආරක්ෂාවයි පටල ගන්න එපා ..!!
     
    • Like
    Reactions: fakerandi

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වේසිගෙ පුතාලා ඔක්කොම එකයි. එකෙක් චීනෙට විකුනන්න හැදුව. දැන් මුන් ඉන්දියාවට විකුනන්න හදනවා. මිනිස්සු අයින් කරලා තාප බලාගාර හදන එකම රට මේක වෙන්න ඇති
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඇත්ත ..නැවත පදිංචි කිරීමේ මුවාවෙන් ලොකු දේවල් ටිකක් වෙනවා ..මේක දීර්ඝකාලීන සැලැස්මක් ..

    1 - නැවත පදිංචි කිරීමේ මුවාවෙන් හැකි තරම් පිරිසක් පදිංචි කරලා ජන ගණත්ව වැඩි කරන එක
    2 - ජන ගණත්වය වැඩිවීම තුලින් එම ප්‍රදේශයේ දෙමළ හෝ මුස්ලිම් ජනතාවට රටේ බලපෑමක් කිරීමේ හැකියාව වැඩි වෙනවා.හරියට මේ පාර චන්දෙ වගේ .
    3 - ජනමත විචාරණයක් හෝ වෙනත් ක්‍රමයක් මගින් වෙනම රජයක් ප්‍රකාශ කිරීම සිදු කිරීම තමයි අවසාන දේ

    මෙහිදී හමුදා කදවුරු තිබීම තුල මේවා කිරීමට නොහැකි වෙනවා .ඒ නිසයි කදවුරු ඉවත් කරන්නේ ...රජයට සැබෑ ඕනිකමක් තියෙනව නම් කරන්න තියෙන්නේ වන්දි ගෙවල ඉඩම් අත්පත් කරගෙන ආරක්ෂක හමුදාවට ලබාදීමයි ..තවත් ඕනි නම් හොද තැන් වලින් එම ජනතාවට ඉඩම් ලබා දීමයි ...එහෙත් මේ සිදුකරන දෙයින් සිදුවන්නේ අනාගතේ ඉක්මනින්ම දවසක වෙනම රාජ්‍යක් බිහිවීමයි ...එදාට ඔබට VISA අරගෙන යන්න වෙන තැනට පත් වෙයි ...මෙම ප්‍රශ්නය දේශපාලන කන්නාඩියෙන් බලන්න එපා....මේක රටේ ආරක්ෂාව ..ස්වාධීනත්වය ...දේශපාලනයි ,රටේ ආරක්ෂාවයි පටල ගන්න එපා ..!!
    යුද්දෙන් බැරි බව තේරුන නිසා දැන් මේක තමයි ක්‍රියාත්මක වෙන උගල.

    දෙම ජනය වෙනුවෙන් පෙනී ඉන්න අය පුලුවන් නම් කියන්න මේ පදින්චි කරන අයගෙන් % කීයක් සින්හලද? දෙමල්ද? මුස්ලිම්ද?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තේරෙයි හැබැයි කල්යයි....
    බහුතරය ලවා සුලුතරය දිනවා සැදු රටේ අපමණ අගය ලැබෙමින් පවතින බවනම් දැන් තේරෙනවා..
    කවදාවත් ලොකු කුට්ටියක් නැතිව දෙමළ සන්ධානය, මුස්ලිම් කොන්ග්‍රසයේ සහයෝගය ගන්න බැ.. ඔවුන්ට රට වැදගත් නැ.. අවශ්‍ය කුට්ටිය පමණයි.. දැන් ඉතින් අපමණ අගය ලැබෙන කොට අඩල වැඩක් තියේද?
     

    waligamaya

    Well-known member
  • සම්පුර් ගලගුරු බලගරයනම් හදන්න දෙන්නම් හොද දෙයක් නෙවියි. ගල් අගුරුවල් නිහඩ විනාස කරය තමයි සල්ෆර්. කට්ටිය මේක පලනයන්කරනව කීවට ඕව ඇත්තට වෙන්නේනැ අද්දැකීමෙන් කියන්නේ. මේ ඉස්තනයේ බර පතල කම තමයි ඊසාන දිග මොසමත් එකක් මේ ආම්ලික වායුව මද්‍යම කදුකරයේ වැදීලා ආම්ලික වල කුළු සැදිලා අම්ල වැසි වැටෙන පුළුවන්. මේ එක වැස්සකට පුළුවන් අක්කර ගණක වනාන්තරයක් එකවර විනාස කරලා දන්නා. ලංකාවේ ගල් අගුරු බලාගාර ගදන ඕන මෝසම් සුලන් මගින් රට ඇතුලට පිට වන වායුව එන්නැති ප්‍රදේශවල. එකියන්නේ මේවට හොද වයබ. හා හිනිකොන ප්‍රදේශ.

    තවදෙයක් ගල් අගුරු බලා ගර කියන්නේ මිට වසර 20 ට විතර ප්‍රථම outdated (කල් පැනපු) බල ශක්ති තාක්ෂණයක්. ලංකාවට හරියටම හරියන්නේ මද්‍යගත නොවුණු ( decentralized ) කුඩා කුඩා පුනර් ජනනිය බලාගාර ජාලයක්.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    පොන්නයො දෙන්නෙක් එකතුවෙලා රට වික්කා... කාටද වික්කෙ කියලා තවම තේරැනේ නැති $$පුතාලා ටිකක් තවම ඉන්න එකයි දුක..:frown::no:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    තේරෙයි හැබැයි කල්යයි....
    බහුතරය ලවා සුලුතරය දිනවා සැදු රටේ අපමණ අගය ලැබෙමින් පවතින බවනම් දැන් තේරෙනවා..
    කවදාවත් ලොකු කුට්ටියක් නැතිව දෙමළ සන්ධානය, මුස්ලිම් කොන්ග්‍රසයේ සහයෝගය ගන්න බැ.. ඔවුන්ට රට වැදගත් නැ.. අවශ්‍ය කුට්ටිය පමණයි.. දැන් ඉතින් අපමණ අගය ලැබෙන කොට අඩල වැඩක් තියේද?


    :frown:true brother අපමන රෙද්දෙ අගයක් ඒක
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    10402944_750346878412585_6581538851541159848_n.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපමණ වෙහෙසක් දරා රණවිරැවන් ලෙයින් දහඩියෙන් කැපකර රැකදුන් මේ රන් පොලොව පාවා දෙන්නට ඉඩ නොදෙමු..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දිනා දුන් භූමිය රැකගැනීමට කොන්දක් නැති පාලකයන් කුමටද?. මේ ටික කරගන්න බැරිඋන් එදා හිටියානම් කෙසේ යුද්ද කරාවිද?
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ප්‍රශ්නේ තියෙන්නේ මේ වැඩේ වෙලා තියෙන්නේ කලින් ආණ්ඩුව කාලයේ ..උබල දකින්නත් ඇති මහින්දගේ ,බැසිල්ගේ සහ රිෂාර්ඩ් බදුර්දීන් ගේ ෆොටෝස් දාල තමයි opening එකේ board එක හදලා තියෙන්නේ ..මාධ්‍ය සාකච්චාවේදී දිස්ත්‍රික් ලේකම් සහ වන සංරක්ෂණ එකේ නිලධාරීන් පිළිගත්තා පරිසර ශක්‍යතා වාර්තා නැතිව එම ඉඩම් නිදහස් කරන්න කියල බලපෑම් අවා කියල....එක නිසා මේක සිද්ධ උනේ පසුගිය රජය කාලයේ ..රිෂාර්ඩ් හම්බයා මහින්ද පරදිනවා එක්ක අනිත් UNP ආණ්ඩුවට අවේ මේවා දිගටම කරගෙන යන්න,...එත් අපි හිතනවා නව ජනාධිපතිතුමා මේවට සාධාරණ , අනාගතය ගැන හිතල තීරණයක් දෙයි කියල....එත් දැන් දුන්න ඉඩම් අපහු ගනී කියල නම් හිතන්න බැ ....මේක මොකක් හරි ක්‍රමයකින් සධාරනිකරණය කරලා තවත් ඉදිරියට නොවෙන්න කියල මොනවා හරි කරයි .....මේක දේශපාලන game එකක් ...කාටත් ඕනි තමන්ගේ ගොඩ වැඩි කරගන්න ..
     

    Similar threads