සාම්පූර් නාවික හමුදා පුහුණු පාසල ඉවත් කරයි
විකල්ප ඉඩමක් දෙනවා - නැගෙනහිර ආණ්ඩුකාර
ලසිත දුමින්ද - සමන් මල්ලවාරච්චි - ත්‍රිකුණාමලය
සාම්පූර් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ විදුර ආධුනික පුහුණු පාසල ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.
අක්කර 237 ක භූමි ප්‍රමාණයකින් සමන්විත නාවික හමුදාවේ මෙම පුහුණු පාසල එම ස්ථානයෙන් ඉවත් කර ඒ වෙනුවට විකල්ප ඉඩමක් ලබාදීමට පියවර ගන්නා බව නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම පුහුණු පාසල පිහිටි ස්ථානයේ යුද්ධයට පෙර සාම්පූර් මහ විදුහල ස්ථාපිත කර තිබී ඇත. පසුව එම ස්ථානය එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් මුහුදු කොටි හුමවාරු හා පුහුණු කරවීමේ මධ්‍යස්ථානයක් ලෙසද ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර නාවික හමුදා මූලස්ථානයට පහරදීමේ කොටි මධ්‍යස්ථානයක් ලෙසද භාවිත කර තිබේ.
ජනතාව නැවත පදිංචි කරවීම පිළිබඳව නැගෙනහිර ආණ්qඩුකාර කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේ දී ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් මේ බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
එහිදී අදහස් දක්වා ඇති නැවත පදිංචි කිරීමේ හා ප්‍රතිසංස්කරණ සහ හින්දු ආගමික කටයුතු ඇමැති ස්වාමිනාදන් මහතා සාම්පූර් ප්‍රදේශයෙන් අක්කර 818 ක් නැවත පදිංචිකරවිම සඳහා පුද්ගලයන්ට මුදා හැරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරියේ දි ඇමැති මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබා ගන්නා බවද ප්‍රකාශ කොට තිබේ.
මේ සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතාගෙන් 'දිවයින' කළ විමසීමකදී කියා සිටියේ මෙය දේශපාලන මට්ටමින් ගන්නා ක්‍රියාමාර්ගයක් නිසා මේ සම්බන්ධයෙන් ලි�ත දැනුම් දීමක් මෙතෙක් කර නැති බවය.
ජනවාරි 8 දා කුමන්ත්‍රණයක් සිදුවූ බවට තහවුරු වී නෑ
- ඇමැති රාජිත සේනාරත්න
රනිල් ධර්මසේන
ජනාධිපතිවරණය පැවැති ඉකුත් ජනවාරි මස 08 වැනිදා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු වූ බවට තහවුරු කරගත හැකි සාක්ෂි නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
එදින රාත්‍රී කුමන්ත්‍රණයක් සිදුවූ බවට ජනාධිපති හා තමාද දන්නා නමුත් ඒවා තහවුරු කර ගත නොහැකි වී ඇති බවද ඊයේ (24 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඇමැතිවරයා කීය.
යුද හමුදාව ස්ථානගත කර තිබූ බව දන්නා නමුත් එය ගැටුම් වැළැක්වීමට සහ ආරක්ෂාව තර කිරීමට යෑයි කෙනෙකුට කිවහැකි බවද හෙතෙම කීය.
මේ පිළිබඳව නීතිපති හා අදාළ ආරක්ෂක අංශ නියෝජිතයන්ද කරුණු දක්වා තම මතය ප්‍රකාශ කර ඇති බවද ඇමැතිවරයා කියා සිටියේය.
රටේ සිද්ධ වෙමින් පවතින්නේ මහා ව්‍යසනයක පෙරනිමිති කියලා කාටවත් පේන්නේ නැති එකයි හිතට හරිම වේදනාවක් තියෙන්නේ.. අපේ මිනිස්සු මේවා කවදා තේරුම් ගනීවිද දන්නේ නෑ. හැබැයි තේරුම් ගන්නකොට වෙන්න ඔන හරිය වෙලා ඉවරයි මහත්වරුනේ