අර කිව්ව වගේ කමෙන්ට් කරපු දෙන්නම තමයි තොප්පිය දාන් තියෙන්නෙ. හරි දැන් ලංකාවෙ මිනිස්සු ටී වී බලන්නෙ නලුවන්ගේ හිතසුව පිනිස, උන්ව ප්රසිද්ද කරවන්නද? නෑනෙ. අනික මිනිස්සු ටී වී බැලුව කියල මේක ලියන මමවත්, ඔය කමෙන්ට් දාපු එවුන්වත් ප්රසිද්ද උනාද? නෑනෙ? ඌ කට්ටක් කාල ගේමක් ගැහුව. ලංකාවෙ එවුන් හරි ආසයි උන්ට ඕන විදිහට මිනිස්සුන්ව නටවන්න. බලපු එවුන් නිසා නෙමෙයි ඌ ප්රසිද්ද උනේ උගේ ටැලන්ට් එකට.
උගේ පන්ඩිත ලයින් තියනව. මටත් නෝට් වෙලා තියනව සමහර විට. ඒත් ඌ ගේමක් ගැහුව. අපි ඒක පිලිගන්න ඕනෙ. නාරද දිසාසේකර ගායකයෙක් බව ඇත්ත. ඒත් මුගෙ ටැලන්ට් එකක් නැත්තන් ෆීල්ඩ් එකේ ඉන්න අමාරුයි. උගෙ හොඳ නරක මොකක් උනත් ඌ ඉන්නෙ උගෙ ටැලන්ට් එකෙන්. ඒක අපි පිලිගන්න ඕනෙ.
දැන් මේකෙ එවුන් දඟලයි මේක සාරංගගෙ ෆේක් එකවුන්ට් එකක් කියල. ඇත්තටම මම මේක ලිව්වෙ දෙයක් කරපු එකෙක්ට කුහක යක්කු, ඒ මනුස්සයගෙ පුද්ගලික දේවල් අල්ලන් මඩගහන එක මට අන්තිම හිරිකිත වැඩක් නිසා.