සාර්ථක ව්‍යවසායකුගේ ලක්ෂණ
ඔබ අලුත් ව්‍යාපාරයක් ( Business ) ආරම්භ කිරීමට සැලසුම් කරන්න ඇති. සමහරු අලුත් ව්‍යාපාරයක් ( Business ) ආරම්භ කරන්න ඇති. ඔබ ආරම්භ කල ව්‍යාපාරයක් මොනයම් වූ හේතුවක් මත කඩා වැටෙන්නටත් ඇති. සිතේ දිරියෙන් ගතේ වීර්යයෙන් ඔබ ආරම්භ කල ව්‍යාපාරය පවත්වාගෙන යාමේදී යම් තැනකදී ඔබ තව දුරටත් ඉදිරියට යා නොහැකිව හිර වෙන්නත් ඇති. සමහරවිට පාඩු ලබමින් තවමත් ඔබ ඔබේ ව්‍යාපාරය පවත්වාගෙන යනවත් ඇති. ඔබ මේ කුමන තැනක හිටියත් ඔබ ව්‍යාපාරය සම්බන්ධයෙන් ගැටළු රැසක් ඇති බව නම් පැහැදිලියි. අපි බලමු සාර්ථක ව්‍යවසායකයකුගේ ලක්ෂණ මොනවද කියල.
මොළය
නියමිත අධ්‍යාපන සහතික පත්‍ර වැදගත් වන අතර, ව්‍යවසායක ” මොළය ” අධ්‍යාපනික ජයග්‍රහණයන්ට වඩා වැඩි දෙයකි. සාර්ථක ව්‍යවසායකයෙක් වීමට නම්, ඔබ ආරම්භ කිරීමට අපේක්ෂා කරන ව්‍යාපාර සැලැස්ම පිළිබඳව කටයුතු කිරීම සම්බන්ධව ඔබට දැනුම තිබිය යුතුය ඒ එය ආරම්භ කිරීමට පෙර . අදාළ පළපුරුද්ද සමඟ එක්වුණු සාමාන්‍ය දැනුම, අවශ්‍ය කරන බුද්ධියයි. නුවණක්කාර බව, පසු විපරම සහ විස්තර කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වේ.
ධෛර්යය
මෙයින් අදහස් කරන්නේ ඔබට ව්‍යවසායකත්වය පිළිබඳ සහජ නැත්නම් මනා බුද්ධියක් තිබිය යුතුය යන්නයි, එය ඔබේම ව්‍යාපාරයක් අවශ්‍ය යැයි යන දැඩි හැඟීමයි. ඔබගේ ඉලක්ක වෙනුවෙන් සම්පූර්ණයෙන් ළැදි වීමට නම් ඔබට ධෛර්යය සහ කැපවීම තිබිය යුතුය. ඔබ අපේක්ෂිත ව්‍යාපාරයට ආදරය කරන්නේ නම් අරමුණ වෙනුවෙන් කැපවීම බොහෝවිට සිදුවේ. ඔබට සෑහීමකට පත්විය නොහැකි සහ සතුට ලබා නොදෙන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ජීවිතය කෙටි වැඩිය. එමෙන්ම හොඳ සහ නරක කාලයන් දෙකෙහිදී ම, ඔබ කැමති යම් දෙයක් වෙත ඔබ බැඳී සිටිනු ඇත.
ප්‍රාග්ධනය
ඔබට පළමු වසර සඳහාවත් ධනාත්මක මුදල් ගලනයක් පවත්වා ගැනීම සදහා ප්‍රමාණවත් ආරම්භක මුදල් ප්‍රමාණයක් තිබිය යුතුය. අනාගත සැසියකදී මුදල් ගලන පාලනයක් තුළින් අනාගත මුදල් අවශ්‍යතා පිළිබද අනාවැකි පළකිරීමට ඔබ ඉගෙන ගනු ඇත. බොහෝ ව්‍යාපාරයන් කුඩා පරිමාණයෙන් හා සුළු ආයෝජනයකින් ආරම්භ කළ හැකිය. ඉන්පසු, ව්‍යාපාරය වර්ධනය වනවිට සහ ඔබ අත්දැකීම් ලබාගන්නා විට, ඔබගේ ව්‍යාපාරයේ මුදල් ගලනය ව්‍යාපාර වර්ධනය සදහා යොදාගත හැකිය. සමහර සිද්ධීන්හිදී ඔබ සියළුම කටයුතු තනිවම කරගනු ඇති නිසා අනෙක් පුද්ගලයින් කුලියට ගැනීමට අවශ්‍ය නොවන බැවින් ආරම්භක ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවේ. ඔබම ” තනිවම කරගැනීම ” ඔබගේ ව්‍යාපාරයේ සියළු දේ පිළිබඳව ඉගෙන ගැනීමටත් පසු කලකදී අනෙකුත් පුද්ගලයින්ට වැඩ පැවරිම සදහා වඩා සුදුස්සෙකු බවට පත්කිරීමටත් හොඳ ක්‍රමයකි. ඔබ කොපමණ ආයෝජනය කරන්නේද යන්න මත සීමාවන් පැමිණවීමෙන් ඔබගේ අවදානම පාලනය කළ හැකිය.
Source http://thewoman.lk/archives/5727