සාර්ථක වෙන්න ඕනද? එන්න එහෙනම්!

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සාර්ථක වෙන්න ඕනද? එන්න එහෙනම්!

    977a3fbf.jpg


    දියුණු වෙන්න ඕන නම් ඉස්සෙල්ලම ඉලක්කයක් තියෙන්න ඕනමයි..
    මොකද නැත්නම් අපි දන්නේ නැහැ අපි බලාපොරොත්තු වෙන දේ මොකද්ද කියලා..
    මීටර් 100 දුවන කෙනා දන්නවා තව මීටර් 100ක් දිව්වම එයා දිනනවා කියලා..
    එහෙම නැති උනාම හති වැටෙනකම් දුවලා නතර වෙනවා..
    මම මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ මගේ අත්දැකීම් වලින් සහ මගේ යාලුවන්ගේ, හිතවතුන්ගේ අත්දැකීම් වලින් සාර්ථක වෙන හැටි ගැන කතා කරන්න..
    එහෙනම් බලමු පිලිවෙලට..


    • ඉස්සෙල්ලම ඔයා කරන්න යන දේ ගැන හොඳ වැටහීමක් ඇති කරගන්න.. ඒ කියන්නේ ඔයා සපුර ගන්න ඕන තැන නිශ්චිතවම අදුරගන්න..

    • ඒ ගැන අධ්‍යයනය කරන්න, ඒ සම්බන්ධ ලිපි කියවන්න, වීඩියෝ බලන්න. දන්න අයගෙන් අහලා දැනගන්න. අදාල තැන් වලට ගිහිල්ලා බලලා දැනගන්න..

    • ඔයාට සපුර ගන්න ඕන දේ පිලිබඳව දල සටහනක් කොල කෑල්ලක හරි ඇදගන්න, ඒ දේවල් පිලිවෙලට ලියාගන්න. ෆෝන් එකේ ලැප් එකේ හරි කමක් නැහැ ඒ ගැන සටහන් කරගන්න.

    • වැදගත්ම දේ තමයි ඔයා සපුර ගන්න බලාපොරොත්තු වෙන ඉලක්කය ගැන හැම වෙලාවෙම හිතන්න ඕන, හීන දකින්න ඕන, ඒ ගැන පිස්සුවක් ඇතිකරගන්න..

    • ඒ වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙන්න, කැප වෙන්න, හීනය සැබෑ වෙනතුරුම උත්සාහය අතාරින්න එපා.

    • උපදෙස් ගන්න වැඩිහිටි අයගෙන්, සාර්ථක උන අයගෙන්, මොනදේ උනත් තමන්ගේ මතේට විතරක් කරන්න යන්න එපා.. රිස්ක් ගන්න ඒත් ගොඩක් පරිස්සම් වෙන්න..

    • මුලදි අසාර්ථක වෙන්න පුළුවන්, උත්සාහය අතාරින්න එපා.. ගොඩක් අය ඔයාව අධෛර්යමත් කරන්න එක එක කතා කියයි, ඒත් සැලෙන්න එපා..

    • සල්ලි ඉතුරු කරන්න, අත්‍යවශ්‍ය දේට හැරුනම සල්ලි වියදම් කරන්න එපා.. හැම වියදමක්ම ලියන්න දිනෙත් එක්ක විස්තර ඇතුව..

    • බැංකු ණය, ලීසිං ගන්න කොට හොඳටම බලන්න අඩුම තැන කොතනද කියලා.. ඒ වගේම තමන්ට ගෙවන්න පුළුවන්ද කියලා අනිවාර්යෙන් බලන්න, නැත්නම් ඔබගේ අසාර්ථත්වය එතනින්ම පටන් ගන්න පුළුවන්..

    • ව්‍යාපාරයක් හෝ එවැනි දෙයක් නම්, සේවකයන්ට හොදින් සලකන්න, සාධාරණව ව්‍යාපාර කරන්න.. ගණුදෙණු කරුව අපේ ඉහලම පුද්ගලයා කියලා හිතන්න..

    • සාර්ථක උනාම තමන්ගේ දෙමව්පියන්, උදව් කරපු අය කවදාවත් අමතක කරන්න එපා.. තමන්ගේ ආගම ධර්මය අමතක කරන්නත් එපා..



    මේ ගොඩක් දේවල් මම කරපු දේවල්.. මගේ අත්දැකීම්..
    කොහෙන්වත් උස්සපු ඒවා නෙමෙයි..
    මේකෙන් කාටහරි දශමෙක හරි උදව්වක් උනා නම් ඒක තමයි මේ බලාපොරොත්තුව..

    ජයවේවා..

     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ජය වේවා සහෝ.

    good post machan rep+ 13



    Niyama Post ekak ..:D

    Supiri machan
    +15

    මටත් සාර්ථක වෙන්න ඕනේ!!ඒත් කිසි කික් එකක් එන්නේ නැහැ!

    ඒක එන්නේ නැහැ මචං.. ඇතිකරගන්න ඕන අපිමයි..
    ඇති උනාම දැනෙන කික් එකට වචන නැහැ..

    Thanks machan + :D

    ජයවේවා..

    :love::love::love::love: