සාර්ථක_චින්තන_රටාවක්

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    සාර්ථක_චින්තන_රටාවක්

    සාර්ථක චින්තන රටාවක් සකසා ගන්නේ කෙසේද ?

    සාර්ථකත්වය හා අසාර්ථකත්වය අතර වෙනසට බලපානු ලබන ප්‍රධානම සාදකය කුමක්ද යන්න විමසුවොත්, එයට දිය හැකි හොදම පිලිතුර වන්නේ "සිතුවිලි වල ස්වභාවය" යන්නයි. ඔබගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වයට 80%ක් බලපානු ලබන්නේ ඔබගේ සිතුවිලියි. එනම් සාර්ථක සිතුවිලි සහිත මිනිසා 80%ක් නිරායාසයෙන්ම තම සාර්ථකත්වය වෙතට ලගා වේ.
    මෙහිදී ඔබ අවදානය යොමු කල යුතු සාදකය වන්නේ ඔබ සාර්ථක චින්තන රටාවක් සකසා ගන්නේ කෙසේද යන්නයි. මෙහිදී ඒ සදහා ඔබ සැලකිලිමත් විය යුතු පියවරයන් කීපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

    1.ඔබ පිලිබදව යහපත් මතයක් දරන්න.
    අපි බොහෝ දෙනෙකු අපගේ විවිද වූ තත්වයන් මැන බැලීමට හුරු වී තිබෙන්නේ බාහිරව පවතින සාදකයන්ට සාපේක්ශවය. අප කවුරුන්ද යන්න අප බොහෝ විට තීරණය කරන්නේ වෙනත් මිනිසුන් අපට කියන දේ , වෙනත් මිනිසුන් අප පිලිබදව සිතන දේ, ඔවුන් අප පිලිබදව දරන මතය අනුවය. නමුත් සැබවින්ම සිදුවිය යුත්තේ අනෙක් මිනිසුන්ට වඩා ඔබ ඔබ පිලිබදව සිතන දෙය, ඔබ ඔබ පිලිබදව දරන මතය, ඔබ ඔබ පිලිබදව කියන දේ ඉදිරියට ගෙන ඒමය. ඔබගේ සාර්ථකත්වයට සැබවින්ම බලපාන්නේ ඔබ ඔබ පිලිබදව දරන මතය කුමක්ද යන්න පමනි. එහෙයින් ඔබ ඔබ පිලිබදව යහපත් මතයක් දරන්න. සැම විටම ඒ සමගින් ජීවත් වෙන්න.

    2. අරමුනක් සහිතව ජීවත් වෙන්න.
    සැම විටම ඔබ කුමන තත්වයට පැමිනෙනවාද, ඔබගේ ජීවිතයේ අරමුන කුමක්ද යන්න සිහි කරන්නට හුරු වන්න. බොහෝ දෙනෙකු සාර්ථක නොවීමට හේතුව වන්නේ ඔවුන්ට ඇති ප්‍රශ්ණ ගැටලු ගැන සිහි කරමින් ජීවත් වනවා මිස තමන්ගේ අරමුන ගැන සිතමින් ජීවත් නොවීමයි. අරමුනක් ඇතිව ජීවත් වීම සැම විටම ඔබව ඉදිරියට යාමට දිරි ගන්වයි. නමුත් ඔබ ඔබේ අවදානය යොමු කරන්නේ ඔබගේ ගැටලු ගැනනම් එය ඔබව දිරි ගන්වන්නේ ඔබගේ ගමන, උත්සාහය අත් හැරීමටයි.

    3. සැලැස්මක් අනුව ජීවත් වන්න.
    ඔබගේ අරමුන වෙත යාමට සැලසුමක් සකසා ගන්න. එවිට ඔබට ඔබගේ ගමනේ ඉදිරි පියවරයන් පෙනීමට පටන් ගනු ඇත. එවන් තත්වයකදී ඔබ සැම විටම ජීවත් වන්නේමේ මොහොතේ ඔබ කුමක් කල යුතුද, ඔබගේ ඉදිරි පියවරන් කුමක්ද යන්න පිලිබදව අවදානයෙන් නිසා බැවින් ඔබට ඉදිරිය ගැන බියක් හෝ කුමක් කල යුතුද යන්න ගැන අවබෝදයකින් තොරව කාලය ගත කිරීම අවම කරවයි.

    4. නිදහසට කාරනා ඔබේ ජීවිතයෙන් ඉවත් කරන්න.
    කිසිම විටෙක ඔබේ අසාර්ථකත්වය වෙනුවෙන් නිදහසට කාරනා නැගීමට හුරු නොවන්න. ඔබගේ නිදහසට කාරනා හෝ අසාර්ථක වීමට වන හේතු ඔබව ඉදිරියට රැගෙන යන්නේ නැත. ඔබව ඉදිරියට රැගෙන යන්නේ පරාජය බාර නොගෙන ඉදිරියට යාම පමනි.
    සටහන : මානව හැකියා හා මූල්‍ය උපදේශක, චතුස්ක අමරසේකර
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඔය එකක්වත් නෑ කියහන්කෝ :D ඉතින් හරියයිද අපිට


    :lol::rofl:

    නම වෙනස් කරගනින් RK කියලා.

    නැත්නම් රවී මාමගේ දුවෙක් බැඳපන් හරි යනවා බලන් ඉඳිද්දි. රවී මාම දන්නෙත් නෑ කියයි. දුව බලාගනී ඔක්කොම.

    මේක නිකන් අර පාන් ගෙඩියට කොල කෑල්ල එබුවා වගෙ ශුවර්.