සාලිය & අශෝකමාලා
දුටුගැමුණු රජතුමාට සහ ඔහුගේ අග මෙහෙසිය වූ කොත්මලේ බිසවට සිටියේ එක ම දරුවෙක් පමණි. ඒ සාලිය කුමරු ය. සතුරන් පරදවා තුන් සිංහලය එක්සේසත් කිරීමෙන් පසු ව දැහැමින් සෙමෙන් රට පාලනය කිරීම රජුගේ ප්‍රතිපත්තිය විය.
ඉන්දීය ආක්‍රමණිකයන් විසින් විනාශ කරන ලද බෞද්ධ වෙහෙර විහාර නැවැත ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් පමණක් නො ව තමන් විසින් ම වෙහෙර විහාර රාශියක් ඉදි කිරීමෙන් ද රටේ බෞද්ධ පුනරුදයක් ඇති කළා වූත් සිංහල ජාතිය හා බුදු සමය සතුරන්ගෙන් බේරා ගත්තා වූත් දුටුගැමුණු රජතුමා ඒ මහඟු කර්තව්‍යය සපුරාලීමෙන් පසු ගත කළේ අතිශයින් ම දැහැමි දිවි පෙවෙතකි. ක
ොත්මලේ බිසව ද එසේ ම දැහැමි පිළිවෙතින් යුක්ත වූවා ය. මෙබඳු දැහැමි මා පියන් ඇසුරේ හැදුණු වැඩුණු සාලිය කුමාරයා ද කුඩා අවදියේ සිට ම දැහැමි දිවි පෙවෙතකට හුරු පුරුදු විය. බුදුන් හා බුදු දහම කෙරෙහි මෙන් ම මහා සංඝ රත්නය කෙරෙහි ද සාලිය කුමරු තුළ වූයේ අචල භක්තියකි.
තුරුණු වියට පත් සාලිය කුමරු යුව රජ පදවියට පත් කැරෙන ලද බවත්, සද්ධර්මාලංකාරයෙහි සඳහන් ය.
“ඉක්බිති දුටුගැමුණු රජ්ජුරුවෝ සාලිය රාජ කුමාරයන්ට යුව රජු තනතුරු දී අනුරාධපුර නුවර දකුණු වීථියෙහි මහත් වූ ප්‍රාසාදයක් කැරැවා දුන් හ” යනුවෙන් ඒ බව දන්වා ඇත. තරුණ සාලිය කුමරු ආගම කෙරෙහි කො තරම් ඇල්කමක් දැක්වී ද යත් අසල පිහිටි ඉසුරුමුනි විහාරයට ගොස් අට සිල් සමාදන්වීමේ සිරිතක් ද එ කුමරු විසින් අනුගමනය කරන ලද බවත් සද්ධර්මාලංකාරය අනුව පැහැදිලි වෙයි.
යුව රජ පදවියක් දැරුව ද කලාකාමියකු වූ සාලිය කුමරු ස්වභාව සෞන්දර්යයට බෙහෙවින් ඇලුම් කළේ ය. හෙතෙම සංගීත ලෝලියෙක් ද විය. අනුරාධපුර රාජ්‍යයෙහි වූ වෙහෙර විහාර කරා නිතර පිවිසෙමින් මහා සංඝයා ඇසුරු කිරීමත් අවසර ලැබෙන අයුරින් හුදෙකලාව වනගත වෙමින් හෝ විශාල කෙත් වතු මැද ගැවැසෙමින් එහි සෞන්දර්යය නැරැඹීමත් කුරුල්ලන්ගේ හඬට අපූරු ඇල්මකින් සවන් දීමත් හෙතෙම පුරුද්දක් කැරැ ගත්තේ ය. මෙ බඳු හුදෙකලා සංචාරයන් හි දී ඇතැම් විට දෙතුන් දිනක් බෞද්ධ විහාරයෙක නවාතැන් ගැනීම කුමාරයාගේ සිරිත විය. රජු සහ බිසව ද මේ බව දැන සිටිය හ.
එක් උදෑසනක මෙසේ හුදෙකලා සංචාරයක නිරත ව සිටි කුමාරයා ආකර්ශනීය තුරු ලියෙන් ගහණ වන පෙතක් දැක එහි ඇතුළු ව මඳක් ඉදිරියට යද්දී රමණීය ගල් තලාවක් නෙත ගැටුණි. හෙතෙම ගල් තලාව මත වාඩි වී වන සිරිය නරඹන්නට විය. කුරුලු ගීතයන්ට සවන් යොමන්නට විය. මේ අතර ඈතින් සුළඟේ පාවී ආවේ කිසියම් යුවතියක ගයන කර්ණ රසායන ගී හඬකි. ඒ ගී හඬෙහි මාධුර්යය කුමරුන් කොතරම් වශී කළේ ද යත් හෙතෙම ධ්‍යානයකට සම වැදුණු අයුරින් නිසසල ව ඊට සවන් දුන්නේ ය.
ඉන් පෙර කිසි දිනෙක තමා නොඇසූ විරූ මධුර කට හඬකින් හා අසාමාන්‍ය ලාලිත්‍යයකින් මේ ගීතය ගායනය කරන යුවතිය දැකීමෙහි අනභිභවනීය ආශාවක් සිත තුළ උපන් සාලිය කුමරු වාඩි වී හුන් තැනින් නැඟිට වන රොද ඔස්සේ සෙමින් සෙමින් එ දෙසට පා නැඟුවේ ය. මඳ දුරක් ඉදිරියට ගමන් කළ ඔහු පිවිසුණේ ඒ වන රොදෙහි අශෝක ගසින් පමණක් ගැවසී ගත් අශෝක උයනකට ය. එහි ඇතුළු වත් ම ඔහුගේ දෙනෙතට ලක් වූයේ මිහි බට දෙවඟනකට සමාන රූපශ්‍රීයෙන් යුත් භද්‍ර යෞවනයෙහි පසු වන යුවතියක මියුරු හ¼ඩින් ගී ගයමින් නිදැල්ලේ මල් නෙළන ආකාරය යි. ඕ අක්බමරු වන් සිය දිගු කාල වර්ණ කෙසේ කළඹ අශෝක මලින් සරසමින් සිටියා ය.
සුදු පැහැති දළ රෙදි කඩකින් ඇගේ යටි කය ආවරණය වූ නමුත් උඩුකය සම්පූර්ණයෙන් ම නිරාවරණය ව තිබුණි. වට මට පුන් පියොවුරින් යුත් ශ්වේත වර්ණ උඩු කයැති ඇය සාලිය කුමරුට පෙනුණේ කිරිගරුඬයෙන් නිමැවුණු සුරංගනා පිළිරුවක් පරිද්දෙනි. හෙතෙම අශෝක ගසකට මුවා වී ඇසි පිය නොහෙළා ඇය දෙස බලා සිටියේ ය. ඇය එ තැනින් නික්ම යාමට සූදානම් වත් ම සාලිය කුමාරයා වහා ඇය ඉදිරියට ගියේ ය. එක් වරම ඔහු දැක තිගැස්සී බියට පත් ඕ දුවන්නට සැරැසුණා ය.
“නැඟණිය, බිය වන්නට එපා. මගෙන් ඔබට කිසිම කරදරයක් සිදුවන්නේ නෑ” යි ඔහු ඉතා ශාන්ත ව කී වචනවලින් ඇගේ බිය මඳක් පහ ව ගිය බවක් පෙනුණි. එහෙත්, ගොළු වූ එකියක මෙන් ඕ තුෂ්ණිම්භූත ව කුමාරයා දෙස බලා සිටියා ය.
යම් කිසිවක් දොඩන්නට යත්න දරණ නමුත් ඇගේ මුවින් ඒ වචන පිට නොවන බව කුමාරයාට පෙනුණි.
“නැගණිය, මම කැමතියි ඔබේ නම දැනගන්න” යි කුමාරයා යළිත් ඇය ඇමැතී ය. ”මම කැමතියි ඔබේ වතගොත දැනගන්න”
ක්‍රමයෙන් බිය තුරන් වෙමින් පැවැති හෙයින් ඕ කතා කළා ය. “මගේ නම අශෝකමාලා. මම රොඩී කෙල්ලක්. මම ඉන්නේ මේ වන රොද කෙළවර තියෙන හෙල්ලොලිය කියන රොඩී කුප්පායමේ” ඕ ඉතා යටත් පහත් ව සැලෙන හඬින් කීවා ය.
සාලිය කුමරු ඇයට තවත් සමීප වෙමින් ඉදිරියට යද්දී “අයියෝ උතුමාණෙනි, මා කිට්ටුවට එන්න එපා. මගේ ඇඟට අත තියන්න එපා. අපි රොඩී කුලේ. මගේ ඇඟට අත තිබ්බොත් ඔබතුමාත් රොඩී කුලේට වැටෙනවා” යි කියමින් අශෝකමාලා කුමරුන් මඟහැර දුවන්නට වූවා ය.
එහෙත් ඇයට වැඩි දුරක් දුවන්නට ඉඩ ලැබුණේ නැත. සාලිය කුමරු ඇය ලුහුබැඳ ගොස් ඇගේ අතින් අල්ලා ගත්තේ ය.
“අයියෝ! උතුමාණෙනි, ඔබතුමා මොකක්ද මේ කරගත්ත පව? එපා කියද්දී මගේ අත අල්ලලා ඔබතුමාත් රොඩී රැහේට වැටෙන්න ද හදන්නෙ?” යි අසමින් ඕ හඬන්නට වූවා ය.
“නැඟණිය, මේ අහන්න. ඔබේ කුල ගෝත්‍රවලින් මට කාරියක් නෑ. මා හොඳ බෞද්ධ පිළිවෙත් ගරු කරන තරුණයෙක්. මා ජාති ජාති පතාගෙන ආ මගේ ජීවිතයේ හවුල්කාරිය ඔබ බවට හැඟීමක් මගේ සිත වෙළාගෙන යි ඇත්තේ. ඒ නිසා මට ඔබ මගේ බිරිය කරගන්නට ඕනෑ. මට ඕනෑ ඔබ විනා ඔබේ කුලය නො වෙයි” සාලිය කුමරු ආදරයෙන් ඇය ඇමැතුවේ ය.
“උතුමාණෙනි, ඔබතුමා කතා කරන්නේ නියම සිහි බුද්ධියෙන් නො වෙයි. ඒ නිසා කරුණාකර මට යන්න ඉඩ දෙන්න, ඇයි ඔබතුමා චණ්ඩාලයෙක් වෙන්න හදන්නේ?” අශෝකමාලා බැගෑපත් වූවා ය.
“නෑ, නෑ ඔබ සමඟ මමත් ඔබේ ගමේ ම පදිංචි වෙනවා” යි කී සාලිය කුමරු ඇගේ අත අල්ලාගත් වන ම ඇය සමඟ සැඩොල් ගමට ඇතුළු විය.
“හත්වලාමේ! මේක නම් මහා වින්නැහියක්! කවුදෝ උත්තමයෙක් අශෝකමාලා කෙල්ලගේ අත අල්ලාගෙන අපේ ගමට ඇවිල්ලා!” යි ඒ දුටු ගම් දෙටුවෙක් ගෙයක් ගෙයක් පාසා ගොස් එකී තොරතුර දන්වා සිටියේ ය.

good post. but thama me rate oya caste system eka num gihin ne, dan wath api e wa ain karoth naraka na neda?