සාපෙල සිසුන්ටත් යහපාලනය කෙලී 

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම, සම්මන්ත්‍රණ පැවැත්වීම, උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණය අමනෝඥ ක්‍රියාවක් බව ලංකා ගුරු සංගමය පවසනවා.එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම තත්වය ඉදිරියට ගෙන යෑමෙන් පෙන්නුම් කෙරෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ නොහැකියාව බවයි.අප සංගමය මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු වෘත්තීය සමිති ඇතුලු සමාජයේ සෑම පාර්ශ්වයකින්ම අධ්‍යාපන අමාත්‍යංශය ගත් එම තීරණයට දැඩි විරෝධය පළ කර තිබෙන බව එම නිවේදනයේ සඳහන්.වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා යටතේ විභාග කොමසාරිස්වරයා 2015 වර්ෂයේ උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ද මෙම තහනම පැනවූවා.එමෙන්ම මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ද එම තහනම පනවා ඇත්තේ ජාතික විභාගවල විශ්වසනීයත්වය රැකෙන පරිදි විභාග ක්‍රියාපටිපාටිය ශක්තිමත් කිරීම සහ ආරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගෙන නොමැති නිසාවෙන් ද යන සැකය මතුව ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.මෙම ක්‍රියාව විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට බරපතල අසාධාරණයක් බවත්, විභාග දෙපාර්තමේන්තුවේ නොහැකියාව වසා ගැනීමට විභාග අපේක්ෂකයින් බිල්ලට දී ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
(ශ්‍යාමල් ජයපත්ම)

Last edited: