සැඟවී සිට රථවාහන ඇල්ලීම තහනම්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සැඟවී සිට රථවාහන ඇල්ලීම තහනම්

    12724928_1154485814571470_257651744_n.jpg


    මාර්ගයේ තැන්තැන්වල සැඟව සිට එකවර මාර්ගයට කඩා පනිමින් රථවාහන නඩු ලබා නොගන්නා ලෙස සියලුම රථවාහන පොලිස් නිලධාරින්ට නියෝග නිකුත් කර තිබේ.

    රථවාහන හා අපරාධ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ඉකුත්දා මෙම නියෝගය දිවයිනේ සියලු ම කොට්ඨාස භාර නිලධාරින් දිස්ත්‍රික් භාර නිලධාරින් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා සියලු ම ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී ඇත.

    රථ වාහන රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් මාර්ගයේ පෙනී සිටීමෙන් ම රථවාහන අනතුරු මෙන් ම අවහිරතාවයන් හා රථවාහන වැරදි වළක්වා ගැනීමට හැකියාව ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කරයි.

    එහෙත් බොහෝ නිලධාරින් සැඟව සිටිමින් එකවර මාර්ගයට පිවිස රථවාහන නැවැත්වීමත් නඩු ලබා ගැනීම් සිදුකරන විට මහජනයාගෙන් බොහෝ අවස්ථාවලදි පැමිණිලි ලැබී ඇති අතර මින් පොලිසියද දෝෂාරෝපණයට ලක්වන බව පෙනී ගොස් ඇති නිසා මේ පිළිබඳ වහා සියලු ම ‍රථවාහන පොලිස් නිලධාරින් දැනුවත් කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

    මේ පිළිබඳව දැනුම්වත් කර ඇතත් බොහොමයක් නිලධාරින් දිගින් දිගටම මෙසේ සැඟව සිට රථවාහන නඩු ලබාගැනීම සිදුකිරීම් තුළින් පෙනී යන්නේ උසස් නිලධාරින් මේ පිළිබඳ නිසි අධීක්ෂණයක් සිදු නොකරන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

    සියලුම නිලධාරින්ට විශේෂ උපදෙස් පන්ති පවත්වා මේ පිළිබඳ දැනුවත් කළ යුතු බවත් එම පොලිස් ස්ථාන පිළිබඳ වාර්තාවක් වහා අධ්‍යක්ෂ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව වෙත එවීමට කටයුතු කළ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුම්වත් කර තිබේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පොලිශ් පප්පලගෙ තියෙන්නෙ මහ හිඟන වැඩ...
    හවසට ගහන අරක්කු කාලට
    රීලෝඩ් එකට, සිගරැට් එකට ගතමනාවක් හොයාගන්න එපැයි
    උණ පුරුකෙ දැම්මත් මුන්ගෙ ඇද අනින්න ලැබෙන්නෙ නැහැ.
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    වැඩිපුර අල්ලුවොට් පොලිසියට ඉන්සෙන්ටිව් එකක් හම්බෙනවා මන් හිතන්නේ..හැබැයි පොලිසියේ වගකීම මිනිස්සු වැරදි නොකරන්න වග බලාගන්න එක මිසක් වැරදි කරනකන් ඉදල අල්ල ගන්න එක නෙවේ..එක නිසා ඔය පප්පලගේ පඩි ටිකක වැඩි කරලා පාර අයිනට වෙලා ඉන්න කියන්න...ඒ මිනිස්සුත් ජිවත් වෙන්න එපයි..