සැඟවුණු කාක දූපතේ වෙරළ උද්‍යානය.....

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    සැඟවුණු කාක දූපතේ වෙරළ උද්‍යානය.....

    මේ තැන දැක්කම කිරියට උස්සන් ඇවිත් දාන්න හිතුනා...හුගක් අය අහල තිබුනනේ කෙල්ලත් එක්ක යන්න තැන් කොළඹ අවට..ඔන්න ගහින් බලන්න එහෙනම්

    16681938_384757411884220_7321319469726668829_n.jpg

    කොළඹ නගරයේ උතුරු දෙසට වන්නට දූපතක් ඇතැයි කීවොත් සමහරවිට ඔබ පුදුමයට පත්වෙන්නත් පුළුවන්. නමුත් බොහෝ දෙනෙක් නමින් පමණක් අසා ඇති 'කාක දූපත' එවැනි කොළඹ නගරය තුළ ඇති කුඩා දූපතක්. මට්ටක්කුලිය මුහුදුවෙරළ ආශ්‍රිතව ඇල මාර්ගයකින් වෙන්වූ වෙනම බිම් කඩකටයි මේ 'කාක දූපත' කියන්නේ.
    නමුත් මේ දූපතට යාම සඳහා බෝට්ටු වැනි යාත්‍රා අවශ්‍ය නැහැ. කුඩා පාළමක් පසුකිරීමෙන් මෙම දූපතට පැමිණිය හැකියි.. අතීතයේ බිහිසුණු අපරාධ, නීති සහ සදාචාර විරෝධී ක්‍රියා බහුලව සිදුවූ මෙය සමුද්‍රාසන්න වන ලැහැබක්ව පැවැති සමයේ 'රීටා ජෝන්ස්' නම් ඉන්දීය රූමතිය කාමාතුරයන් අතින් කෙලෙසීමට ලක්කොට මරණයට පත් කළ පුවත තවමත් බොහෝ දෙනෙකුට අමතක නැහැ.

    kakac.jpg

    නමුත් අද වන විට මේ 'කාක දූපතේ' තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්. හිමිදිරි යාමයක හෝ සැන්දෑ සමයක කිසිදු බියක්, සැකක්, චකිතයක් නොමැතිව මුහුදු සුළඟ සිත් සේ ආඝ්‍රහණය කරගත හැකි සුන්දර වෙරළ උද්‍යානයක් අද මෙම 'කාක දූපත' තුළ පිහිටා තිබෙනවා.

    kakab.jpg

    ලෝක බැංකුවේ සහන ණය ආධාර මත කොළඹ අගනගරය ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධ අමාත්‍යංශය මගින් මෙම වෙරළබඩ උද්‍යානය ජනතා අයිතියට පවරා ඇත්තේ 2016 අප්‍රේල් 09 වෙනිදායි. එතැන් සිට අද දක්වා සිංහල, දෙමළ, මුස්ලිම්,බර්ගර්, බෞද්ධ, කිතුනු, හින්දු, ඉස්ලාම් ආදී විවිධ ජාති ආගම් වලට අයත් පිරිසක් දිනපතා පැමිණ එකට එක්වී විවේක සුවය විදින මෙම අපූරු බිම් කඩට නිරතුරුව පොලිස් ආරක්ෂාවද ලබා දී තිබෙනවා.

    kakaa.jpg

    ඊට අමතරව මෙම ප්‍රදේශය ආශ්‍රිතව අතීතයේ සිදුවූ නීති විරෝධී ක්‍රියා මැඩලීම පිණිස විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙලක්ද මෙහි ක්‍රියාත්මක වන අතර එනිසාම සොර මැරකම් ආදියේ ශීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබෙන බවයි කිව හැක්කේ.

    එමෙන්ම විවේක කුටි, නැරඹුම් අට්ටාල, පදික මංපෙත් ආදියෙන් සහ කුඩා දරුවන් උදෙසා සැකසුණු විශේෂ ක්‍රීඩා මණ්ඩප මගින් මෙම වෙරළ තීරය අලංකාරවත් වීම විශේෂත්වයක්. ඊට අමතරව විවිධ ක්‍රීඩා භාණ්ඩ සහ අරුමෝසම් භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳ කුටි කිහිපයක් ද මෙහි දක්නට ලැබෙනවා.

    ඒ අනුව අගනුවර සහ ඒ අවට ජීවත් වෙන ඔබටත් පරිසර දූෂණයෙන් පිරුණු, කලබලකාරී නාගරික පරිසරයෙන් අත්මිදී මුහුදු තීරය අද්දර සුවදායී පෙරවරුවක් හෝ සැදෑ කාලයක් ගත කිරීමට මෙය ඉතා සුදුසු පරිසරයක් බවයි කිව හැක්කේ.

    kaka.jpg

    kakad.jpg

    kakae.jpg

    kakaf.jpg

    ලක්බිම
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113
    Thanks for sharing mcn

    You must spread some Reputation around before giving it to ulta again.
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15

    Rep++
     
    • Like
    Reactions: ulta

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඉස්සර රට හොල්ලපු රේප් කේස් එකක් එක්ක මිනීමැරුමක් ගියා නේද ඔතන.සල්ලිකාර ටැමිල් කපල් එකක් බැඳපු අලුත වගේ ඇවිත්.:confused: