සැඟවුණු සටන්කරුවෝ

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    සැඟවුණු සටන්කරුවෝ

    සැඟවුණු සටන්කරුවෝ


    නින්ජා කියන වචනෙ අපට නුහුරු වචනයක් නම් නෙවෙයි. ඇත්ත. හැබැයි කවුරු හරි අපෙන් ඇහුවොත් කාටද නින්ජලා කියන්නේ? එහෙම අය ඇත්තටම ඉඳල තියෙනවාද? කියලා. ඒ වෙලාවට තමයි අපි දන්නේ නින්ජලාගේ බාහිර ස්වරූපය විතරයි අපිත් දන්නේ කියලා.


    නින්ජා සටන් ක්‍රමය බිහි වෙන්නේ සමුරායි සටන් කලාවට පරිබාහිරවයි. සමුරායි සටන් කලාව ගත්තාම ඒක ගෞරවය මුසු වුණු සටන් ක්‍රමයක්. ඒකෙදී තියෙන්නේ ද්වන්ධ සටන් විතරයි. මුලින්ම තමන්ගේ ප්‍රතිවාදියට තමන් කවුද තමන්ගේ පෙළපත මොකද්ද කියලා විස්තර කරලා ඊට පස්සේ තමයි අභියෝග කරන්නේ. අභියෝගය පිළිගන්නවා නම් ප්‍රතිවාදියාත් අනුගමනය කරන්නේ ඒ ක්‍රමයමයි. හැබැයි නින්ජා සටන් ක්‍රමය මේ කලාවට වඩා ගොඩක් වෙනස්. ඔවුන්ගේ අරමුණු කොයි විදියකින් හරි ප්‍රතිවාදියාව විනාශ කිරීම විතරමයි.


    හැංගිලා පහර දීම, ආයුධයක් විදියට විස යොදා ගැනීම, වධ දීම, ඔත්තු බැලීම වගේ දේවල් සමුරායි කලාවේ නැහැ. ඔවුන් ඒවා සලකන්නේ පහත් ක්‍රම විදියට. හැබැයි නින්ජා ක්‍රමයේදී ඒවා ඕනෑ තරම් යොදා ගන්නවා.


    සමුරායිවරු මේ ක්‍රම යොදා ගත්තේ නැතත්, ඔවුන් හොරෙන් නින්ජාවරුන්ගෙන් තමන්ට වුවමනා අයුතු වැඩ කරවාගෙන තියෙනවා. මේක පසුකාලීනව බහුලව සිද්ධ වෙන්න පටන් ගන්නකොට සමුරායිවරු නින්ජාවරුන්ට එක්තරා බියකින්, පරීක්ෂාවකින් ඉඳලා තිබෙනවා.
    ජපන් ජනප්‍රවාදවලට අනුව නම් මුල්ම නින්ජා හැදෙන්නේ අඩක් මනුස්ස, අඩක් කපුටු ශරීරයක් තියෙන යක්ෂයෙක්ගෙන්. කොහොම වුණත් විද්වතුන් හිතන්නේ නින්ජා සටන් ක්‍රමය ක්‍රි. ව. 600 - 900 අතර කාලේදී සටන් කලාවක් විදියට වර්ධනය වෙන්න පටන් ගත්තා කියලයි.


    කොහොම වුණත් නින්ජාවරු වෙන්නේ වංශවතුන් නම් නෙවෙයි. සාමාන්‍ය ගැමි ජනතාවයි. ඔවුන් මුලින්ම මේ ක්‍රමය යොදා ගත්තේ ගම, තමන්ව ආරක්ෂා කර ගන්න විතරයි. අයිගා (ධ්ඨච) සහ කෝගා (ඛ්ධඨච) කියන ප්‍රාන්තවල තමයි වඩාත් දක්ෂ, ශක්තිමත් නින්ජාවරු හිටියා කියන්නේ.
    අපි දකින චිත්‍රපටවල නින්ජලා ඉන්නේ තනි කළුපාට ඇඳගෙනනේ. හැබැයි ඇත්තටම එයාලා ඇඳලා තියෙන්නේ තද නිල්පාට ඇඳුමක්. හේතුව තමයි රෑට පේන්නේ නැති නිසා. දවල්ට නින්ජලා සිවිල් ඇඳුමින් වෙස්වළාගෙන ඇවිල්ලා තමයි වැඩ කරලා තියෙන්නේ. ජපානයේ නම් කාන්තා නින්ජාවරු ගැනත් කියැවෙනවා. ඔවුන් අබිසාරිකාවන්, වේටර්වරියන්, ප්‍රභූ උපභාර්යාවන් වගේ වෙස්වළාගෙන ඇවිත් තියෙනවා කියලත් සඳහන් වෙනවා.


    නින්ජාවරුන් විවිධ ආයුධ භාවිත කරලා තියෙනවා. සමහර ඒවා එයාලාටම විශේෂයි. විද්වතුන් පෙන්වලා දෙන විශේෂ කාරණයක් තමයි නින්ජාවරුන්ගේ ඇතැම් ආයුධ නිර්මාණය වෙලා තියෙන්නේ. දෑකැත්ත, කියත, පෑහුම් කතුර (ර්ථීපභදඪදඨ ඵඩඥචපඵ) වගේ සාමාන්‍ය ගොවි උපකරණම වැඩිදියුණු කරලා කියන එක. ඒකෙන් අපි කලින් ඔවුන් ගැන කියපු කතාව තවත් තහවුරු වෙනවා නේද?


    නින්ජා සටන් ක්‍රමය හරිම ප්‍රායෝගිකයි. ඕනෑම දෙයක් ප්‍රායෝගික බවින් යුක්ත නම් යොදා ගන්න පුළුවන්නෙ. කොහොම වුණත් නින්ජා ක්‍රමයේදී ප්‍රධාන අංග 8ක් ගැන අවධානය යොමු කරනවා. ශාරීරික පුහුණුව, පලිහ, යෂ්ටි, කඩු, දුනු සටන්, ජලය හා ගින්දර, ආරක්ෂා කිරීම, සැලැසුම්කරණය හා සැඟවීම කියන කාරණා තමයි ඒ.
    කොහොම වුණත් ක්‍රි. ව. 1336 ඉඳන් 1600 කාලය දක්වා ජපානයේ යුද්ධ ගණනාවක්ම සිද්ධ වෙනවා. මේ හැම යුද්දෙකම දෙපැත්තටම නින්ජාවරුන් සහාය වෙනවා. නන්බුකොචෝ යුද්ධය (ව්චදඡභඬභජඩධ එචපඵ) අවුරුදු 50ක් පැවැතෙනවා. ඊට පස්සේ ඔනින් යුද්ධ (ර්ණීදඪද එචප) කියලා එන එක අවුරුදු 70ක් තියෙනවා. 1551 - 1581 කාලයේදී හිටපු යුද අධිපතියෙක් වුණු ඔඩා නොබුනාගා (ඹචප - තධපඤ ර්ණීඤච ව්ධඡභදචඨච) විසින් ආපහු පාරක් මුළු ජපානයම එක්සත් කරනවා. ඒකටත් නින්ජාවරුන්ගේ සහාය ලබා ගන්නවා. හැබැයි ඔහුට අයිබා ප්‍රාන්තයේ (ධ්ඡච) නින්ජාවරු එකතු වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු ඒ නින්ජාවරුන්ටත් එරෙහිව යුද්ධ කරනවා.
    මේ කරුණු කාරණා නිසා 1600 පස්සේ නින්ජාවරුන් නැතිවෙලා යන්න පටන් ගන්නවා. හැබැයි අදටත් ඔවුන් ගැන චිත්‍රපට හදනවා. චිත්‍රකතා ලියනවා. ඇත්තටම අද විතරක් නෙවෙයි ඒ පුරාවෘත්තය අනාගතයටත් ඒ විදියටම ගලාගෙන යාවි.


    latest
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොටල් කොම්බැට් මතක් උනා. ඉස්සර හරි ආසයි ඒකට.. ස්කොර්පියන්ස්ලා එහෙම..