සැඩපහරට හසුවී මියගිය දැරිය

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සැඩපහරට හසුවී මියගිය දැරිය

    ශිෂ්‍යත්ව පන්තියකට සහභාගිවී ආපසු තම නිවස බලා යාමට මව සමග ඇලකින් එගොඩවෙමින් සිටි 10 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්‌ පෙරේදා (12) සවස පස්‌සර මැදවෙලගම එගොඩවෙල ප්‍රදේශයේදී අධික වර්ෂාවත් සමඟ ඇතිවූ සැඩ පහරකට හසුවීමෙන් සිදුවූ අනතුර නිසා පාසල් ශිෂ්‍යාව මියගොස්‌ තුවාල ලද මව රෝහල් ගත කර ඇති බව වාර්තාවේ.
    සිද්ධිය වූ දිනයේ හදිසියේම
    ධාරානිපාත වර්ෂාවක් ඇදහැලී ඇති අතර

    මේ දෙදෙනා බසයෙන් බැස වර්ෂාව මැද්දේම එගොඩවෙලගම තම නිවස කරා යාමට පටන්ගෙන ඇත. මව දියණිය වඩාගෙන එගොඩමවල ප්‍රදේශයේ ඇළකින් එගොඩවන්නට යමින් සිටියදී එක්වරම ගලාගෙන ආ සැඩපහර නිසා මව හා දියණිය ගසාගෙන ගොස් ඇතැයි පරික්ෂණවලින් හෙළි වී ඇත.
    සැඩපහරේ ගසාගෙන සිය මව දියණිය දෙදෙනාටම වතුර පෙවුණ අතර දියණිය තරුලු කරගෙන මව ගල්පරයක සිරවී සිටියදී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන පස්සර දිසා රෝහලට ඇතුළත් කර ඇතත් දියණිය මරණයට පත්ව තිබේ. සිද්ධියෙන් තුවාල ලැබු මව වන එච්.එම්. ප්‍රේමවතී (45) මහත්මිය රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
    සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ මැදවෙලගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි දිනිති තිසරණී නමැති 10 හැවිරිදි දැරියකි.
    මියගිය ශිෂ්‍යාවගේ මෘත දේහය දැනට පස්‌සර දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබේ. තුවාල ලැබූ මව පස්‌සර දිසා රෝහලේ 5 වාට්‌ටුවේ ප්‍රතිකාර ලබන්නීය.
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    balahan danatath palamak wath nathuwa duskarawa jeewath wena palath thiyenawane. Ane manda bn lankawa nam.