සැත්කම් වලින් නාසය තොල්පෙති පියවුරු වෙනස

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සැත්කම් වලින් නාසය තොල්පෙති පියවුරු වෙනස

    ඉන්දිය සිනමාවේ සුපිරි නිළියක වූ ශ්‍රී දේවි ඊයේ (25) හදිස්සියේ අභාවප්‍රාප්ත වුණා.හෘධයාබාධයක් හේතුවෙන් ඇය මෙසේ මියගොස් තිබූ අතර ඇය විසින් සිදුකර ඇති ප්ලාස්ටික් සැත්කම් හදිසි හෘදයා බාධයට හේතු වී ඇති බව ඇතැම් ඉන්දීය වාර්තා සඳහන් කරනවා

    වසර 14ට පසු ඇය නැවත සිනමාවට පැමිණයේ 2012 වසරේ දී. ඒ ඉන්ගිෂ් විංලිෂ් චිත්‍රපටයෙන්.එම අවස්ථාවේ දී ශ්‍රී දේවි තමන්ගේ පෙනුම 2012 වසරට ගැලපෙන පරිදි සිය ශරිරයේ ‍වෙනස්කම් කර ගැනීම සඳහා සැත්කම් කිහිපයක් කර ගෙන තිබෙනවා.

    ඒ අනුව ඇය විසින් සිය පියවුරු වර්ධනය කර ගැනීම සඳහා එන්නත් කරගෙන ඇති අතර ඉන්පසු ඇයගේ පියවුරු පෙරට වඩා කැපි පෙනෙන අයුරින් වර්ධනයක් වි ඇති බවයි ඉන්දිය වාර්තා සඳහන් කළේ.ඇය අවස්ථා ගණනාවක දී මෙලෙස සිය පියවුරු වර්ධනය වීම සඳහා එන්නත් ලබාගෙන තිබෙනවා.</p>

    <p>එමෙන්ම ඇය විසින් මෙයට පෙර ප්ලාස්ටික් සැත්කමක් ද සිදුකරගෙන ඇති බව සඳහන්. එම සැත්කමේ දී ඇය විසින් තමන්ගේ කෙටි නාසය දිගු නාසයක් බවට ද වෙනස් කර ගෙන ඇති බව සඳහන්.

    ඒ කෙසේ වෙතත් ඇගේ සිරුරේ හැඩය වෙනස් නොවී තබා ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී එන්නත් ලබාගෙන ඇති අතර මෑත කාලීනව ඇය නැවතත් එන්නත් ලබාගෙන ඇත්තේ සිය නවතම චිත්‍රපට වූ Zero චිත්‍රපටයේ රඟපෑමට දින වෙන්වීමත් සමගයි . ඉන්පසු අවස්ථා කිහිපයකදී හින්දි සිනමාවේ සුරූපිනිය වූ ශ්‍රී දේවි අසනීප තත්ත්වයට පත්ව තිබෙනවා.

    කෙසේ වෙතත් ශ්‍රී දේවිගේ ඥාති දියණියක මෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවක වන එක්ටා කපූර් මෙම වාර්තා දැඩිව ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

    <p>ඇය ඩුබායි හිදී අවසන් සුසුම් හෙළුවේ පවුලේ මංගලෝත්සවයකට සහභාගීවෙමින් සිටියදීය.ඇය මියයනවිට ඇගේ සැමියා වූ බොනී කපූර් මෙන්ම දියණිය ඛුෂි ද ඇය සමග සිටි බව වාර්තාවල දැක්වේ.

    වයස අවුරුදු හතරේ සිටම ඇය දෙමළ, තෙලුගු, මලයාලම්, කන්නඩ මෙන්ම හින්දි භාෂාවලින් නිමවුණු චිත්‍රපටවලට එක්වූවාය.

    <p>ප්‍රධාන නළුවකුගේ සහායකින් තොරව සිනමාපටයක් අති සාර්ථක තලයට ඔසවා තැබිය හැකි වූ අතලොස්සක් වූ ඉන්දීය සිනමා තාරකාවන් අතර ශ්‍රීදේවි සිටි බව සැළකේ.

    1978 දී සිනමා පටයක ප්‍රධාන නිළිය ලෙස බොලිවුඩ්හි චිත්‍රපට ගමන ආරම්භ කළ ඇය ඉතා ඉක්මණින් ම ඉන්දීය සිනමාවේ දැවැන්තම සිනමා තාරකාවන් අතරට පිවිසියාය.

    දශක පහක සිනමා ගමන තුළ චිත්‍රපට 150 වැඩි ප්‍රමාණයකට ඇය සිය රංගනය එක් කළාය. ඒ අතරින් මිස්ටර් ඉන්ඩියා, චන්ද්නි, චාල්බාස් මෙන්ම සද්මා වැනි චිත්‍රපට විශේෂ විණි.

    කුසලතා පිරිපුන් ඇය 1997 එළිදුටු ජුදායි චිත්‍රපටයෙන් අනතුරුව සිය සිනමා ගමනට විරාමයක් තැබුවාය.ඇය යළි චිත්‍රපට කර්මාන්තයට එක්වූයේ 2012 වසරේ 'ඉංග්ලිෂ් විංග්ලිෂ්' සිනමා පටයට දායක වෙමිනි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    fori2.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මයිකල් ජැක්සන්ටත් ඔහොමනෙ උනේ..
    මුන්ට 60 පැන්නමත් කෙල්ල වගේ ඉන්න ඕන වුනාමා ඉතින් ලෝකෙ නැති සජරි, ඉන්ජෙක්ශන්, බේත් වර්ග බොනවා.. අන්තිමට සෙත්තපෝච්චි
     

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මයිකල් ජැක්සන්ටත් ඔහොමනෙ උනේ..
    මුන්ට 60 පැන්නමත් කෙල්ල වගේ ඉන්න ඕන වුනාමා ඉතින් ලෝකෙ නැති සජරි, ඉන්ජෙක්ශන්, බේත් වර්ග බොනවා.. අන්තිමට සෙත්තපෝච්චි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මයිකල් ජැක්සන්ටත් ඔහොමනෙ උනේ..
    මුන්ට 60 පැන්නමත් කෙල්ල වගේ ඉන්න ඕන වුනාමා ඉතින් ලෝකෙ නැති සජරි, ඉන්ජෙක්ශන්, බේත් වර්ග බොනවා.. අන්තිමට සෙත්තපෝච්චි

    well said bruh..