සැන්ඩි සහ සුනඛ මනුෂ්‍යයෝ
සැන්ඩි
~~"ඔයා හරි මේඝා, ඊජිප්තුවේ පිරමීඩවල තියෙන්නෙ අපේ ග්රහලෝකවල ජීවීන් ගේ රූප තමයි." ඇගේ සිතුම් පැතුම් තේරුම්ගත් එක් සුනඛ මනුෂ්යයෙක් පිළිතුරු දුනි."~~
1 කොටස
මේඝා විශ්වනාත් ඇගේ සුරතල් බල්ලා වූ සැන්ඩි සමග හිමිදිරියේ අවිදින්නට ගියා ය. එය ඇගේ දින චර්යාවේ කොටසකි. තෘතීයික අධ්යාපනය ලබන වයසක සිටි මේඝා, එක් අතක සැන්ඩි ගේ දම්වැල පටලවාගෙන අනෙක් අතින් සිය ජංගම දුරකථනය පිරික්සමින් සිටියා ය. සැන්ඩි එහෙ මෙහෙ ඉව අල්ලමින්, අතන මෙතන හොම්බ ඔබමින් නිවී සැනසිල්ලේ සිය දෛනික රාජකාරි කරගෙන ගියේ ය. ඒ උගේ සාමාන්ය චර්යාවයි. එහෙත් එදින උදෑසන, සැන්ඩි තරමක් කලබලකාරී ලෙස යමක් සොයන බව මේඝාට දැනුණේ, ඇගේ අතෙහි පටලැවී තිබුණු දම්වැල නිතර නිතර ඇදෙන්නට වූ බැවිනි. "දැන් මොකක් ද?" මේඝා නො ඉවසිලිමත් ව සැන්ඩි දෙස නෙත් යොමමින් විමසුවා ය. සැන්ඩි උගේ නකුට පහත දමමින් ඉතා දුක්මුසු ලීලාවෙන් කෙඳිරිගාන්නට විය. මේඝාට දුක සිතිණි. ඇය උගේ දම්වැල මඳක් ලිහිල් කර ඌට වට පිට පිරීක්සීමට ඉඩ දුනි. සැන්ඩි නො ඉවසිලිමත්ව බිම පහුරුගාන්නට විය. ඌට පෙර එතැන වෙනත් බල්ලකු පහුරුගා ඇති බව, එහි පස් බුරුල් ව ඇවිස්සී තිබුණු රටාවෙන් මේඝා තේරුම් ගත්තා ය. සැන්ඩි ඉව අල්ලමින් මීටරයක් පමණ ඉදිරියට ගොස් නැවතී, වේගයෙන් පස් හාරන්නට විය. සැන්ඩි ප්රීතියෙන් නගුට වනමින්, විටෙක බුරන්නට ද, විටෙක හාරන්නට ද විය. සැන්ඩි සහ මේඝාට නො දැනෙන්නට වෙනත් බලු රෑනක් එතනට ආකර්ෂණය වෙමින් සිටිය හ. මේඝා උන් එලවන්නට උත්සාහ කළා ය. එහෙත් උහු ඇයට බුරමින්, නපුරු ලෙස දත් විළිස්සමින් සැන්ඩිට කිට්ටු කළ හ. මේ වන විට සැන්ඩි, තමන් විසින් හාරන ලද, කිරිගරුඩන් සෑදුණු, මස් කටුවක් වැන්නක් කටේ තියාගෙන බියෙන් මුල්ලකට ගුලි ගැසුණේ ය. එම කිරිගරුඩ මස් කටුව ගැනීමට පහළොවක පමණ බලු රංචුවක් එතනට ඇදී එන්නට විය. මේඝා වහා සැන්ඩි දෙසට දිව ගියේ සිය සුරතලා බලු ප්රහාරයකින් බේරාගැනීමේ අටියෙනි. එහෙත් මේඝා දිව එත් ම මෙතෙක් වේලා බියෙන් ගුලි වී සිටි සැන්ඩි හනික නැගිට, උගේ කටේ තිබුණු කිරිගරුඩ කටුව බිම තැබී ය. ඉන්පසුව ඉදිරි පාද දෙක ඉදිරියට දිගු කර කටුව ස්පර්ශ කරමින්, හිස නමා වැන්දේ ය. එයින් තැතිගත් අනෙක් බල්ලෝ ද, සිය වලිග පහත් කරමින්, සැන්ඩි හැරුණු දෙසට හැරෙමින්, තම ඉදිරි පාද ඉදිරියට දික් කර හිස නමා ආචාර කළ හ. මේඝා සැන්ඩි ගේ දම්වැල අතට ගෙන තදින් අදිමින් "මේ මොන කෝලමක් ද? සැන්ඩි දැන් ගෙදර යන්. මට පරක්කු වෙනවා" යි පැවසුවේ කුතුහලයෙන්, සැන්ඩි ඇතුළු බලු රැළ ආචාර කරන්නේ කවරකුට දැයි හැරී බලමිනි. ඇය දුටුවේ, හොඳට ම අසනීප වූ, ලොම් හැළුණු, ඇග කසන ලෙඩ බල්ලෙකි. ඒත් උගේ ඇස් අමුතු දීප්තියකින් බැබළිණි. මේඝාට අමුත්තක් දැනිණි. මුළු බලු රෑන ම මේ ලෙඩ බල්ලාට නමස්කාර පූර්වකව සිටියි. ඇය එතැනින් වහා නික්මිය යුතු යෑයි සිතා, සැන්ඩි ගේ දම්වැල තදින් ඇද්දා ය. ..... ...... ....... ........ ........
,

Last edited: