සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ
'සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ'
ඔබට බොහෝ අවුරුදු තෑගි ලැබෙන්නට ඇත. ඉදිරියට ද ලැබෙනු ඇත. එහෙත් ඔබේ රජය විසින් මේතාක් නොවූ විරූ තරමේ මහා ත්‍යාගයක් ඔබ වෙනුවෙන් සූදානම් කර ඇති බව ඔබ දන්නවා ද? අවුරුද්ද නිසා සති හතරකට කල් දැමූ බදු වැඩි කිරීම් මැයි දෙවැනි දා සිට සුපුරුදු කෲරත්වයෙන් ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කොට තිබේ. එසේ නම්, අන් බොහෝ කාරණා සේ ම අප මේ සියළු සාද පිය තෙපුල් කෙළිමින් සිටින්නේ අපායේ දොරටුව අභියස ම බවට සබුද්ධික වීමට කාලය පැමිණ තිබේ. බදු වැඩිකිරීම් අදාළ නොවන ක්ෂේත්රයක් නැති තරම් ය. ඇතැම් එවා නිදහස් කොට ඇතැයි කීව ද එය ඇස්බැන්දුමකි. වෙනස ඇත්තේ බද්ද ගසන්නේ ගසේ මුලට ද අත්තකට යන්න පමණකි. දෙක ම එක ය. ඇතැම් ඒවාහි එක් අත්තතට බදු ගසා අනෙක් අත්ත නිදහස් යැයි කීම වංචාවකි. සිදු කොට ඇත්තේ මුළු ගසම හසුවන ලෙස ගසේ මුලට බද්ධ ගැසීම ය. අතුවලට ගැසූ ඒවා පියවි ඇසින් වැසී තිබේ. එහෙත් වෙළඳපොළේ දී ඔබට ඒවා සෝපහාසි ලීලාවෙන් නළල් උඩ යවමින් මුහුණට මුහුණ හමු වීමට නියමිත ය.
සියයට 11ක් ව පැවති වැට් බද්ධ 15 දක්වා වැඩි කිරීම යනු සුළු පටු ද?. එමෙන් ම ජාතිය ගලවා ගැනීමේ බදු සීමාව මිලියන 25 සිට මිලියන 3 දක්වා එක්වර අඩු කිරීම තුළින් සියයට 2 එම බද්ද ආවරණය කරන වපසරිය වැඩි වීම තුළ කර්මාන්ත පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාර විසින් නිෂ්පාදනවල මිළ වැඩි කිරීම හැර අන් කුමක් කරන්න ද? ඔබගේ දරුවාගේ අමතර පන්තියේ දී පුද්ගලික පාසැලේ දී වෛද්‍ය සායනයේ දී හා පොදුවේ ගමේ කඩේ දී මේ සියල්ල ඔබ මත කඩා වැටෙනු ඇත්තේ අනපේක්ෂිත කම්පනයකිනි. ඔබගේ දුරකතන හා අන්තර්ජාල පහසුකම් වැඩි වීම තුළ වන උත්ප්රාසය නම් ඔබට මෙම බදු වැඩිකිරීම්වලට විරෝධයක් දැක්වීමට ඇති ප්‍රධාන මෙවලම වන අන්තර්ජාලය ද සිය ගාස්තු වැඩි කිරීම් තුළින් ඔබට කොකා පෙන්වා ඇති නිසා ය.පුරවැසියනි ! මේ සියල්ල කරන්නේ නිදහස් අන්තර්ජාල පහසුකම් දෙනවැයි කියා බලයට පැමිණි ආණ්ඩුව බව සිහිපත් කරගන්න. බඩු මිළ අඩුකර ඔබේ පොකැට්ටුව මුදලින් පුරවන බව කීවූ ආණ්ඩුවක් බව සිතන්න. මොටෝ සයිකලයක් වෙනුවට නොතිමී යන්නට කාරයක් දෙන බව කිවූ ආණ්ඩුවක් බව සිතන්න. අධ්‍යාපනයේ බර අඩුකිරීම සඳහා ඊට සියයට 6ක් දෙනවැයි පොරොන්දු වූ ආණ්ඩුවක් බව සිතන්න
by mahinda pathirana

හිතාගන්න පුලුවන් එහෙනන් මහින්දට චන්දෙ දුන්න උන්ගෙ මොලේ තරම. උඹේ ආර්තික විද්‍යා දැනුම ගැනත් මං ඒ කාලෙ ඉඳලම දැක්ක නෙහ් පුඩුම වෙන්න දේකුත් නෑ එහෙම බැලුවාම.
මොකෝ උඹ කෝම හිතුවත් මගේ ඇඟේ ගෑවෙන එකක් යයි. ගොනා කියල මරන්නද ඉතින් අඩුම ගානෙ කුබුරු සීසාන්න වත් ගන්න බැරියයි