ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් හය දෙනෙකු, ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිබදව සිදු කරන මුහුණට මුහුණ විවාදයක් සදහා කැදවීමට පැෆරල් සංවිධානය කටයුතු කරමින් සිටියි.
ඒ සදහා ඔවුන් යෝජනා කර තිබෙන දිනය වන්නේ සැප්තැම්බර් හත් වන දා ය.
මෙම විවාදය සදහා, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර සහ සෙල්වම් අරියනේත්තිරම් යන අපේක්ෂයන් සදහා ආරාධනා කර තිබේ.
අපේක්ෂකයන් දෙදෙනෙක් දැනටමත් මෙම ආරාධනාව පිළිගෙන ඇති බව පැෆරල් සංවිධානය නිවේදනය කරයි.
