සැප වාහන ගෙන්වීමේ ආත්ම වංචාව......

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    29,889
    18,637
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රජයේ භාවිතය සඳහා රුපියල් බිලියන 3.7 ක් වටිනා සුඛෝපභෝගී වාහන 399 ක් මෙරටට
    ගෙන්වීම සඳහා ණයවර ලිපියක් විවෘත කොට ඇති බවට පසුගියදා වෙබ් අඩවියක ප්‍රවෘත්තියක් පළ විය. අදාල ණයවර ලිපියේ පිටපතක්ද සහිතව පල නොකරානම් මා කිසි විටෙකත් එය විශ්වාස නොකරන්නට ඉඩ තිබුණි. මේ පිළිබඳව විස්තර සමාජ මාධ්‍ය තුළ වෛරසයක් මෙන් පැතිරී යන විට රජයට ඇති වන අවලාද වළක්වා ගනු පිණිස එම තීරණය අවලංගු කළ බවට රජය විසින් නිවේදනය කරන ලදී. ඒකපාර්ශ්විකව එසේ ණයවර ලිපියක් අවලංගු කළ නොහැකි බව ආනයන ක්‍රියා පටිපාටිය පිළිබඳව අල්ප දැනුමක් හෝ
    ඇති ඕනෑම අයකුට වැටහේ. ඒ වනවිටත් ණයවර ලිපිය විවෘත කොට මාසයක් පමණ ගතව තිබූ නිසා මෙම තීරණය ආපසු හැරවීම පහසු කටයුත්තක් නොවේ. මහජන අප්‍රසාදය වළක්වා ගනු පිණිස ඒ මොහොතේ රජය විසින් පත කෙබරයක් ඇඳ බෑව නමුදු පසුගියදා හිරු සලකුණ වැඩසටහනේදී රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙම ණයවර ලිපිය අවලංගු කළ නොහැකි බව ප්‍රථම වරට පිළිගන්නා ලදී. එසේම ඔහුගේ අමාත්‍යංශයේ ද වාහන හිඟයක් ඇති බව පවසා මෙම තුච්ච ක්‍රියාව සාධාරණීකරණය කරන්නටද ඔහු පසුබට නොවුණි. (රටේ තවත් කොනක හුස්ම ගන්නට සහය දෙන උපකරණ නොමැතිව මිනිසුන් පණ අදිද්දී තමන්ගේ අමාත්‍යාංශයේ වාහන හිඟයක් ඇති බව කියන්නේ නම් ඔහු මනුෂ්‍යයකු විය නොහැකිය). තත්වය එසේ නම් නුදුරු දිනකදී රාජ්‍ය මුදල් රුපියල් බිලියන 3.7 ක් වැය කොට මෙරටට ඉහත වාහන ප්‍රමාණය ආනයනය කෙරෙනු ඇත.

    මගේ කතාව ආරම්භ වන්නේ මෙතැන් සිටයි.
    වර්තමාන ජනාධිපතිවරයා බලයට පත් වූ විගස රජයේ මැති ඇමැතිවරුන් සහ නිලධාරින් වෙනුවෙන් වාහන ගෙන්වීම වසර 3ක කාලයකට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලදී. එමෙන්ම රාජ්‍ය නිලධාරීන් සඳහා සහනදායි බලපත්‍ර ක්‍රමයට වාහන ගෙන්වීම ද තාවකාලිකව අත්හිටුවන ලදී.
    මාද බලපත්‍ර හිමි රාජ්‍ය නිලධාරියෙක් වුවත් පටු ආත්මාර්ථකාමීත්වය පසෙකලා ඒ මොහොතේ එම තීරණයට අවංකවම එකඟ වූයේ ඒ මොහොතේ රටේ පැවති දැවැන්ත විනිමය අර්බුදය තේරුම් ගනිමිනි.

    ජනාධිපතිවරයා විසින් එම තීරණය ගන්නා දිනටත් වඩා අදට තීරණය වලංගු වන්නේ වර්තමාන කොරෝනා අර්බුදය හමුවේ රට මුහුණ දී ඇති දැවැන්ත ආර්ථික අවපාතය නිසාය. රටේ මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයාගේ දැනුමකින් තොරව ජනාධිපතිවරයා ගේ තීරණයටද පටහැනිව මෙවැනි තීරණයක් ගන්නට ඇතැයි කිසිසේත් අනුමාන කළ නොහැක. ජනාධිපතිවරයා නොදැනුවත් එම තීරණය ගත්තා නම් එය බරපතළ තත්ත්වයක් වන අතර ජනාධිපතිවරයාද දැනුවත්ව එසේ තීරණය කළා නම් එය බරපතලම ඛේදවාචකයකි.

    කෙසේ නමුත් දැන් රජයේ මුදල් බිලියන 3.7 මේ වෙනුවෙන් වියදම් කරන්නට සිදුව ඇත.
    මෙම මුදලින් පණ අදින කොරෝනා රෝගීන් සඳහා ඉහල තත්වයේ ventilators 1000 ක් මිලදී ගත හැක. එවන් රෝගීන් ගේ හුස්ම ගැනීමේ පහසුව සලසන්නට CPAP machines
    3500 ක් මිලදී ගත හැක. අධි සත්කාර ඒකක
    100 ක් තැනිය හැක. කොටින්ම ඉදිරියේදී මියැදෙන්නට නියමිත කොරෝනා රෝගීන් දහස් ගණනකට ජීවිත ලබාදිය හැක. මේ මොහොතේ රජයේ මෙම ක්‍රියාව අතිශය අමානුෂික තිරිසන් ක්‍රියාවක් වන්නේ එහෙයිනි
    රටේ මිනිසුන්ගේ නැගෙන අවලාද වලින් ගැලවෙන්නට හැකි වෙතැයි සිතා ඉතාමත් කූට ලෙස මෙම වාහන ලැයිස්තුවට ගිලන් රථ පනහක් ද ඇතුළත් කොට තිබීම ලැජ්ජාවට කරුණකි.

    කොරෝනා රෝගය අප රට වෙළා ගත් දා සිට මේ රටට ආදරය කරන සුවහසක් මිනිසුන් තමන්ගේ පුද්ගලික මුදලින් කොරෝනා රෝගීන් වෙනුවෙන් සබන් කැටයේ සිට වෙන්ටිලේටරය දක්වා බිලියන ගණන් වටිනා දේ පරිත්‍යාග කළහ. රජය ඒ මොහොතේ යම්කිසි කැපකිරීමක් කළ බැවින් සියලු දෙනාම පටි තද කරගෙන හදවතින්ම ඒ සඳහා දායක වූහ. පුද්ගලිකව මා ද මාගේ කාලය ශ්‍රමය වැය කරමින් වාහනයේ ටයර් ගෙවෙන තුරු රට පුරා දුවමින් පරිත්‍යාගශීලී හදවත් ඇති මිනිසුන් ගෙන් පරිත්‍යාග එකතු කොට අහිංසක රෝගීන් වෙනුවෙන් බොහෝ දේ කළෙමි.

    අමන තීරණ ගනිමින් රජය අද මේ පහර ගහන්නේ ඒ අවංක මිනිසුන්ගේ හදවතේ ගැඹුරුම තැනට ය.

    මේ අවලාදයෙන් ගැලවීමට ජනාධිපතිවරයා තවමත් ප්‍රමාද නැත.

    බිලියන 3.5 ක් වටිනා මෙම සුඛෝපභෝගී රථ වලට අදාල බදු ද එකතු කළ විට බිලියන 15 ක පමණ වටිනාකමක් ලැබෙනු ඇත.
    දැනට වාහන ගෙන්වීම අඩාලව ඇති බැවින් අපේ රටේ බොහෝ ධනවත් මිනිසුන් මෙම වාහන මුදල් ගෙවා මිලදී ගැනීමට ඉදිරිපත් වනු ඇත. එසේ නම් රටට ගෙන්වන මෙම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා විශාල ලාභයක් ලබා ගැනීමට රජයට හැකි ය.

    මේ වාහන තොගය ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙන්දේසි කරන තෙක් අපි බලා සිටින්නෙමු.
    මේ රට පාලනය කරන්නේ ජනාධිපතිවරයා ද නැතිනම් අගමැතිවරයාද යන්න ඉදිරියේ දී අපට දැනගත හැකි වෙතැයි බලාපොරොත්තු වෙමු.
    මෙම තීරණය ආපසු හරවන්නේ නැතිනම් අපේ රටේ තීරණ ගන්න දේශපාලකයින් මිනිසුන් නම් විය නොහැකිය. සමාජ මාධ්‍ය වල අපිට කතා කරන්නට ඉඩ දී පිට්ටු ගිල්ලා සේ නිහඬව සිටින පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරු ද මිනිසුන් විය නොහැකිය.

    (ප.ලි. පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදීද ඊට බොහෝ පෙර සිටද
    වර්තමාන රජය බලයට ගෙන ඒම සඳහා මා විසින් බොහෝ දේ ලියා ඇති බැවින් මෙවැනි නිර්දය විවේචනයක් කිරීමට සදාචාරාත්මක අයිතියක් මා හට ඇතැයි සිතමි. කිසි විටෙකත් ඒ සඳහා බිය ද නොවෙමි. එමෙන්ම මේ රජය බලයට ගෙන එන්නට කැපවූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බොහොමයක් එක්ව මෙසේ අප්‍රසාදය පලකරන්නේ නම් රජයේ මේ තීරණය ආපසු හැරවීම සඳහා ප්‍රබල බලපෑමක් කළ හැකි බවද විශ්වාස කරමි. තවදුරටත් මේ දේශපාලනය නම් අශූචි වලේ අශූචි ගොඩවල් සමග නොගැටී පාඩුවේ සිටින්නට සිතාගෙන සිටියද මෙවැනි අමානුෂික ක්‍රියා හමුවේ හඬ අවදි කිරීම පුරවැසියකුගේ වගකීමක් සිතා මෙසේ ලියන්නට තීරණය කළෙමි).

    (මෙහි සඳහන් සියලු සංඛ්‍යාලේඛන
    අදාළ වෙබ් අඩවි වලින් සහ සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණු ලියකියවිලි වලින් උපුටා ගන්නා ලද අතර මෙහි යම් වරදක් ඇතොත් යමෙකුට ඒවා නිවැරදි කළ හැක)

    Copied
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    6,146
    1,154
    113

    Basil would not have permitted fuel price hike – Minister... :lol:


    https://www.newswire.lk/2021/06/14/..._k2x6CxkgmZcPvlgrFnoOuhs1H06R067Bz0NcG8j0mois

    image-2021-06-14-193127.png

    Gota kiyanne g** p*****, hitantath anthai
     
    • Like
    Reactions: Lankaputhra16

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    77,913
    1
    90,620
    113
    Leasing World
    උබෙන් ලීසින් එක දාගත්තනම් ඔහොම කියයි 😆

    munta kisi uwamanawak nahane bn e wage ekka dagnna

    :lol: :lol: :lol:

    vaccine gahaddit oka tamay une ban
    ati haki eka connection walin gaha gatta

    119 gahalawat beranna ba

    HMMMM

    mona krnnada bn
    ------ Post added on Jun 15, 2021 at 8:10 AM
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    685
    477
    63
    Piliyandala
    අපිට බැරිද ඇමතියන්ගේ වාහන වලට සෙට් වෙලා ගල් ගහන්ඩ....!
    ගල් ගහල වෙනසක් කරන්න පුළුවන් නං කරමු. මොකද නැත්නම් ගල් ගැහුවට පස්සේ අපේම සල්ලි වලින් ඒවා ආයේ හදන්නයි, නැත්තන් අලුතෙන්ම ගේන්නයි තව පොලිසියේ ඕවට පරීක්ෂණ වියදම් ඔක්කොම අපෙන් තමයි. මොකද අපි ගල් ගැහුවා කියල එයාල හදාගන්නේ නැහැනේ.

    හැගීම් වලට යට වෙලා ඔය දේවල් කළා කියල වෙන සෙතක් නෑ. ඔලුවෙන් හිතල වැඩ කරන්න ඕනේ. සමාජයේ මතයක් හදන්න ඕනේ. මෙහෙම අයට චන්දය දෙන්න එපා. ඒ ඒ ය විතරයි නං නාමයෝජනා වලින් ඇවිල්ල තියෙන්නේ, චන්දය නොදී ඉන්න. මෝඩ තීරණ වලට සමාජය තුල එක වචනයකින් හරි සාධාරනීයකරණයක් නොකරන්න.

    මේ හැම දෙයක්ම කරන්න පාට කන්නාඩි වලින් අයින් වෙන්න ඕනේ. අපේ පක්ෂය, අනෙකාගේ පක්ෂය, ආණ්ඩු පක්ෂය විපක්ෂය කියන හැම එකටම ආදාලව.
    විරුද්ද වෙන්න ඕනේ පෙළපාලි ගිහින් රටේ වෙලාව නාස්ති කරලා කලබල කරලා රටේ ධනය නැති කරලා නෙමේ. හැමෝම එකතු වෙලා ඒ ඒ අයට විතරක් බලපෑමක් වෙන විදියට විතරක් ක්‍රියාමාර්ග ගන්න එක. ගහන්න මරන්න නෙමේ.