රජයේ භාවිතය සඳහා රුපියල් බිලියන 3.7 ක් වටිනා සුඛෝපභෝගී වාහන 399 ක් මෙරටට
ගෙන්වීම සඳහා ණයවර ලිපියක් විවෘත කොට ඇති බවට පසුගියදා වෙබ් අඩවියක ප්‍රවෘත්තියක් පළ විය. අදාල ණයවර ලිපියේ පිටපතක්ද සහිතව පල නොකරානම් මා කිසි විටෙකත් එය විශ්වාස නොකරන්නට ඉඩ තිබුණි. මේ පිළිබඳව විස්තර සමාජ මාධ්‍ය තුළ වෛරසයක් මෙන් පැතිරී යන විට රජයට ඇති වන අවලාද වළක්වා ගනු පිණිස එම තීරණය අවලංගු කළ බවට රජය විසින් නිවේදනය කරන ලදී. ඒකපාර්ශ්විකව එසේ ණයවර ලිපියක් අවලංගු කළ නොහැකි බව ආනයන ක්‍රියා පටිපාටිය පිළිබඳව අල්ප දැනුමක් හෝ
ඇති ඕනෑම අයකුට වැටහේ. ඒ වනවිටත් ණයවර ලිපිය විවෘත කොට මාසයක් පමණ ගතව තිබූ නිසා මෙම තීරණය ආපසු හැරවීම පහසු කටයුත්තක් නොවේ. මහජන අප්‍රසාදය වළක්වා ගනු පිණිස ඒ මොහොතේ රජය විසින් පත කෙබරයක් ඇඳ බෑව නමුදු පසුගියදා හිරු සලකුණ වැඩසටහනේදී රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙම ණයවර ලිපිය අවලංගු කළ නොහැකි බව ප්‍රථම වරට පිළිගන්නා ලදී. එසේම ඔහුගේ අමාත්‍යංශයේ ද වාහන හිඟයක් ඇති බව පවසා මෙම තුච්ච ක්‍රියාව සාධාරණීකරණය කරන්නටද ඔහු පසුබට නොවුණි. (රටේ තවත් කොනක හුස්ම ගන්නට සහය දෙන උපකරණ නොමැතිව මිනිසුන් පණ අදිද්දී තමන්ගේ අමාත්‍යාංශයේ වාහන හිඟයක් ඇති බව කියන්නේ නම් ඔහු මනුෂ්‍යයකු විය නොහැකිය). තත්වය එසේ නම් නුදුරු දිනකදී රාජ්‍ය මුදල් රුපියල් බිලියන 3.7 ක් වැය කොට මෙරටට ඉහත වාහන ප්‍රමාණය ආනයනය කෙරෙනු ඇත.
මගේ කතාව ආරම්භ වන්නේ මෙතැන් සිටයි.
වර්තමාන ජනාධිපතිවරයා බලයට පත් වූ විගස රජයේ මැති ඇමැතිවරුන් සහ නිලධාරින් වෙනුවෙන් වාහන ගෙන්වීම වසර 3ක කාලයකට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලදී. එමෙන්ම රාජ්‍ය නිලධාරීන් සඳහා සහනදායි බලපත්‍ර ක්‍රමයට වාහන ගෙන්වීම ද තාවකාලිකව අත්හිටුවන ලදී.
මාද බලපත්‍ර හිමි රාජ්‍ය නිලධාරියෙක් වුවත් පටු ආත්මාර්ථකාමීත්වය පසෙකලා ඒ මොහොතේ එම තීරණයට අවංකවම එකඟ වූයේ ඒ මොහොතේ රටේ පැවති දැවැන්ත විනිමය අර්බුදය තේරුම් ගනිමිනි.
ජනාධිපතිවරයා විසින් එම තීරණය ගන්නා දිනටත් වඩා අදට තීරණය වලංගු වන්නේ වර්තමාන කොරෝනා අර්බුදය හමුවේ රට මුහුණ දී ඇති දැවැන්ත ආර්ථික අවපාතය නිසාය. රටේ මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයාගේ දැනුමකින් තොරව ජනාධිපතිවරයා ගේ තීරණයටද පටහැනිව මෙවැනි තීරණයක් ගන්නට ඇතැයි කිසිසේත් අනුමාන කළ නොහැක. ජනාධිපතිවරයා නොදැනුවත් එම තීරණය ගත්තා නම් එය බරපතළ තත්ත්වයක් වන අතර ජනාධිපතිවරයාද දැනුවත්ව එසේ තීරණය කළා නම් එය බරපතලම ඛේදවාචකයකි.
කෙසේ නමුත් දැන් රජයේ මුදල් බිලියන 3.7 මේ වෙනුවෙන් වියදම් කරන්නට සිදුව ඇත.
මෙම මුදලින් පණ අදින කොරෝනා රෝගීන් සඳහා ඉහල තත්වයේ ventilators 1000 ක් මිලදී ගත හැක. එවන් රෝගීන් ගේ හුස්ම ගැනීමේ පහසුව සලසන්නට CPAP machines
3500 ක් මිලදී ගත හැක. අධි සත්කාර ඒකක
100 ක් තැනිය හැක. කොටින්ම ඉදිරියේදී මියැදෙන්නට නියමිත කොරෝනා රෝගීන් දහස් ගණනකට ජීවිත ලබාදිය හැක. මේ මොහොතේ රජයේ මෙම ක්‍රියාව අතිශය අමානුෂික තිරිසන් ක්‍රියාවක් වන්නේ එහෙයිනි
රටේ මිනිසුන්ගේ නැගෙන අවලාද වලින් ගැලවෙන්නට හැකි වෙතැයි සිතා ඉතාමත් කූට ලෙස මෙම වාහන ලැයිස්තුවට ගිලන් රථ පනහක් ද ඇතුළත් කොට තිබීම ලැජ්ජාවට කරුණකි.
කොරෝනා රෝගය අප රට වෙළා ගත් දා සිට මේ රටට ආදරය කරන සුවහසක් මිනිසුන් තමන්ගේ පුද්ගලික මුදලින් කොරෝනා රෝගීන් වෙනුවෙන් සබන් කැටයේ සිට වෙන්ටිලේටරය දක්වා බිලියන ගණන් වටිනා දේ පරිත්‍යාග කළහ. රජය ඒ මොහොතේ යම්කිසි කැපකිරීමක් කළ බැවින් සියලු දෙනාම පටි තද කරගෙන හදවතින්ම ඒ සඳහා දායක වූහ. පුද්ගලිකව මා ද මාගේ කාලය ශ්‍රමය වැය කරමින් වාහනයේ ටයර් ගෙවෙන තුරු රට පුරා දුවමින් පරිත්‍යාගශීලී හදවත් ඇති මිනිසුන් ගෙන් පරිත්‍යාග එකතු කොට අහිංසක රෝගීන් වෙනුවෙන් බොහෝ දේ කළෙමි.
අමන තීරණ ගනිමින් රජය අද මේ පහර ගහන්නේ ඒ අවංක මිනිසුන්ගේ හදවතේ ගැඹුරුම තැනට ය.
මේ අවලාදයෙන් ගැලවීමට ජනාධිපතිවරයා තවමත් ප්‍රමාද නැත.
බිලියන 3.5 ක් වටිනා මෙම සුඛෝපභෝගී රථ වලට අදාල බදු ද එකතු කළ විට බිලියන 15 ක පමණ වටිනාකමක් ලැබෙනු ඇත.
දැනට වාහන ගෙන්වීම අඩාලව ඇති බැවින් අපේ රටේ බොහෝ ධනවත් මිනිසුන් මෙම වාහන මුදල් ගෙවා මිලදී ගැනීමට ඉදිරිපත් වනු ඇත. එසේ නම් රටට ගෙන්වන මෙම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා විශාල ලාභයක් ලබා ගැනීමට රජයට හැකි ය.
මේ වාහන තොගය ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙන්දේසි කරන තෙක් අපි බලා සිටින්නෙමු.
මේ රට පාලනය කරන්නේ ජනාධිපතිවරයා ද නැතිනම් අගමැතිවරයාද යන්න ඉදිරියේ දී අපට දැනගත හැකි වෙතැයි බලාපොරොත්තු වෙමු.
මෙම තීරණය ආපසු හරවන්නේ නැතිනම් අපේ රටේ තීරණ ගන්න දේශපාලකයින් මිනිසුන් නම් විය නොහැකිය. සමාජ මාධ්‍ය වල අපිට කතා කරන්නට ඉඩ දී පිට්ටු ගිල්ලා සේ නිහඬව සිටින පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරු ද මිනිසුන් විය නොහැකිය.
(ප.ලි. පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදීද ඊට බොහෝ පෙර සිටද
වර්තමාන රජය බලයට ගෙන ඒම සඳහා මා විසින් බොහෝ දේ ලියා ඇති බැවින් මෙවැනි නිර්දය විවේචනයක් කිරීමට සදාචාරාත්මක අයිතියක් මා හට ඇතැයි සිතමි. කිසි විටෙකත් ඒ සඳහා බිය ද නොවෙමි. එමෙන්ම මේ රජය බලයට ගෙන එන්නට කැපවූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බොහොමයක් එක්ව මෙසේ අප්‍රසාදය පලකරන්නේ නම් රජයේ මේ තීරණය ආපසු හැරවීම සඳහා ප්‍රබල බලපෑමක් කළ හැකි බවද විශ්වාස කරමි. තවදුරටත් මේ දේශපාලනය නම් අශූචි වලේ අශූචි ගොඩවල් සමග නොගැටී පාඩුවේ සිටින්නට සිතාගෙන සිටියද මෙවැනි අමානුෂික ක්‍රියා හමුවේ හඬ අවදි කිරීම පුරවැසියකුගේ වගකීමක් සිතා මෙසේ ලියන්නට තීරණය කළෙමි).
(මෙහි සඳහන් සියලු සංඛ්‍යාලේඛන
අදාළ වෙබ් අඩවි වලින් සහ සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණු ලියකියවිලි වලින් උපුටා ගන්නා ලද අතර මෙහි යම් වරදක් ඇතොත් යමෙකුට ඒවා නිවැරදි කළ හැක)
Copied