සැබැවින්ම නොදනිමි.............

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සැබැවින්ම නොදනිමි.............

    CryingEye.jpg


    සද කැලුම් පිරී ගිය අහස් කුස
    උදා වී..
    සිත නිවන පුන් පොහෝ දින.

    සුදු දෝනි , අම්මා සමගින්,
    ගමේ පන්සලට ,බුදුන් පුදන්නට
    හදුනනා රුව , කහ සිවුර පොරවා
    ඈත කොන

    ඉවාසාගත නොහැකිව
    දෝනිගේ මුවින් කියවෙන
    අපේ මල්ලීව ගෙදර ගෙනියන්නට,,,
    මොහොතකින් බැණවදින
    මවකගේ හඩ
    තරහද , දුකද හෝ සිතෙහි සගවාගෙන
    සැබැවින්ම එය
    නොදනිමිය මම
    කවරක්ද.... වග


     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙම පුංචි කාලය තුල වෙනස් තේමාවන් ඔස්සේ ඔබ කරනා ලද නිර්මාන හරහා ප්‍රස්ථාරයක් ඇන්දොත් ඔබේ නිර්මානයන්හී කුසලතා වර්දනය, සංඛ්‍යාත්මක වර්දනය අභිභවා ඉතා ඉහල ස්ථරයක සනිටුහන් වෙන බව නොකියාම බැහැ..

    තරුන නිර්මානකරුවන් අතරින් ඔබ අත පත ගාන සමාජයේ අමු ද්‍රව්‍යය හා විමසුමට කෙලින්ම බඳුන් කරනා වස්තු බීජයන් තුලින් ඉතා වෙනස් පැහැදිලි මාවතක් කියවන්නාට විවර කර දී තිබෙනවා.. එයයි විය යුත්තේ...

    සාර්තක නිර්මානයක්.. දිගටම ලියමු..

    ඔබට ජය!!
     

    nwnbs

    Member
    හිතට වදිනව යාළුවා...ඇත්තටම ඒක ගොඩක් සංවේදී අවස්ථාවක්...
    දවසින් දවස හැකියාව වර්ධනය කරගෙන තව තවත් නිර්මාණ කරන්න...
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    වෙනස්ම මාතෘකාවක්....
    තවත් මෙවන් වූ වෙනස්ම මාතෘකා ඔස්සේ නිර්මාණ බිහිකිරීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    mata danuna da machan maaarama maaarai
    ae kiyanna kawiyan kiyanna puluwan tikai
    ithiri hariya danenna one eaka ma kawiya thiyanawa
    thanks kasu