සැබෑ නිදහස කුමක්ද?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    සැබෑ නිදහස කුමක්ද?

    521991_4986101885350_1210864184_n.jpg

    Freedom - නිදහස
    සැබෑ නිදහස කුමක්ද?

    බලය අහිමි සහ එරෙහි වීමට ශක්තිය නැති මහජනතාව සමනලයින් වැනිය.
    ඔවුන් සෑම විටම අනතුර සමඟ ජීවත් වෙති.
    බලවතුන් සෑම විටෙකම අසරනයා තලා පෙලා දැමීමට සැරසී සිටියි.
    ශක්තිවන්තයා පාලන කිරීමෙන් පමනක් අසරන සමනලුන්ට නිදහස ලැබේ.
    ඒ සඳහා බලවතාගේ ශක්තිමත් දෑත් යදමින් බැඳ දැමිය යුතුය.
    අසරන අහිංසක සමනලයන් වැනි අපට නියම නිදහස ලැබෙන්නේ එවිට ය.
    කුමන බලවේගය බලය ලබා ගත්තද සමනලයන් සදහටම අනතුරේ ය.
    දේශපාලනයෙන් තොර සිවිල් එකමුතුවකින් හැර
    1. පාට පාට දේශපාලන පක්ෂ වල ප්‍රතිපත්තී නිසා වන අසාධාරනය
    2. වෙළඳපොලේ අසාධාරනය
    3. රාජ්‍ය පරිපාලනයේ අකාර්යකෂමතාවය නිසා වන ආසාධාරනය
    යන තුන් ආකාර යදමින් නිදහස ලබා ගත නොහැක.

    පොදු මිනිසා රටක ප්‍රතිපත්ති සම්පාදකයා විය යුත්තේ එබැවිනි.

    ජාති වශයෙන්ද, ආගම් වශයෙන්ද, පක්ෂ ලෙසද, පාට පාටින්ද, සහ කුල වශයෙන්ද
    අපි බෙදී සිටිමු.

    අපව බෙදා අප අතර බේද ඇතිකර උන් රිසි සේ පාලනය ගෙන යති.
    බෙදී වෙන් වී සිටින තාක් වාසිය උන්ටය.

    අපේ නිදහස පෙබරවාරි 4 දිනයට නාමමාත්‍රික වී තිබේ.

    මොකා බලයට පැමිනියද වෙනසක් නොමැති බව අවබෝධයෙන් සියල්ලෝ සියලු බේද අමතක කල දින සමනලුන්ට නිදහස ලැබේවි.

    එක් වෙමු. සියළු අසාධාරනයන්ට එරෙහිවෙමු.
    ඒ සඳහා ඔබට ශුද්ධ අයිතියක් ඇත.​
    https://www.facebook.com/ravinath.wijesekara?fref=photo