සැමට මූල්‍ය අධ්‍යාපනය

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113

    එස් ඇන්ඩ් පී ගෝලීය ෆින්ලිට් (S&P Global LinLit) සමීක්ෂණයට අනුව, සංවර්ධිත රටවල 65%ක සාමාන්‍ය අගයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව 92% ක් වුවත් මුල්‍ය සාක්ෂරතාව 35% පමණි.​


    අනෙක් අතට, 74%ක් පමණ ශ්‍රී ලාංකිකයන් නීත්‍යානුකූල මූල්‍ය ආයතනවල ගිණුම් පව්ත්වා ගනී. මේ අනුව, මූල්‍ය අධ්‍යාපානයේ මඳකම, මූල්‍ය ප්‍රවේශයට ඉඩ නොතිබීම ආදිය පහළ මට්ටමේ මූල්‍ය සාක්ෂරතාවකට හේතුවේ.

    මෙම ගැටළුව විසඳීමේ වගකීම රජය සතු වුවත්, අප දැඩිව විශ්වාස කරන කරුණක් වන්නේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවිමේ වගකීම පෞද්ගලික අංශයටද පවතින බවයි. ආසියා සුරැකුම්පත් සමාගමේ මූල්‍ය සාක්ෂරතා වැඩපිළිවෙළ වන ධනමඟ මඟින් ශ්‍රී ලාංකිකයන්ට ස්වාධිනව සහ බුද්ධිමත්ව මූල්‍ය තීරණ ගැනීමට සවිබල ගන්වනු ලැබේ.

    මූල්‍ය අධ්‍යාපනය තවදුරටත්​


    ඔබ ජීවිතයේ වැඳගත් තීරණ වෙනුවෙන් හදිසි අරමුදලක් පවත්වා ගනීද? ඔබ ඔබේ ණය කළමනාකරණය කරගන්නේ කෙසේද? ඔබට භාවිත කල හැකි විවිධ වර්ගයේ ආයෝජන විකල්ප මොනවාද? ඔබ ඔබේ විශ්‍රාම දිවිය සැලසුම් කර තිබේද? ඔබ ඔබේ ව්‍යාපාරය සඳහා මුදල් සොයා ගන්නේ කෙසේද?

    අපගේ මාර්ගගත ඉගෙනුම් මධ්‍යස්ථානය හරහා ඔබගේ සියලුම අයවැය උපක්‍රම ගැටළුවලට අදාළ පිළිතුරු සහ පහසුවෙන් ප්‍රවේශ වියහැකි වීඩියෝ (මිනිත්තු 1-3 අතර), සමාගම් ප්‍රකාශ අවබෝධ කර ගන්නේ කෙසේද? ඔබගේ වත්කම් කළමනාකරණය කර ගන්නේ කෙසේද? සහ ඔබට ගැළපෙන ආයෝජන උපක්‍රම තෝරා ගන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක.

    -> ධනමග
     
    Last edited:
    • Like
    Reactions: mr.Z