ආනයනික ටින් මාලූ කිලෝවක් සඳහා පැවති බද්ද රුපියල් 100 දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය වසරේදී මෙම බද්ද රුපියල් 50 දක්වා පහත දැමූ බවයි.
එහෙත් දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීම සඳහා යළිත් එම බද්ද වැඩිකිරීමට තීරණය කර ඇති බවයි ඔහු කියා සිටියේ.
වාර්ෂිකව මෙටි‍්‍රක් ටොන් 20 000 ක ටින් මාලූ මෙරටට ආනයනය කරනවා. එමඟින් රටට අහිමිවන මුදල රුපියල් බිලියන 5 ක් බවයි මෙම මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ.

