සැම්සුන් සමාගමට දැඩි අපල තත්වයක්
ඇමෙරිකාවේ අලෙවි කරන ලද සැම්සුන් රෙදි සෝදන යන්ත්‍ර පිපිරීමට ලක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නීති ආයතනයක් සැම්සුන් ආයතනයට විරුද්ධව නඩුවක්ද ගොනු කර ඇතැයි වාර්තා වෙයි.මෙම දෝෂය නිසා තුවාල හෝ දේපළ හානි සිදු විය හැකි බව එම ආයතනය පවසයි.
මිට දින කිහිපයකට පෙර සැම්සුන් නෝට් 7 දුරකථනයේ ද මෙවන් ම දෝෂයක් ඇති වූ අතර එම දුරකථනය මේ වන විට භාවිතයෙන් ඉවත් කරන ලෙස සැම්සුන් ආයතනය දැනුම් දී තිබේ.
2011 සිට 2016 දක්වා නිෂ්පාදනය කරන ලද රෙදි සෝදන යන්ත්‍ර මෙම දෝෂය සහිත බව ඔවුහු පවසති.මේ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති අතර සමහර පැමිණිලි මිලදී ගත් දිනයේම ලැබී ඇත.ඊට අමතරව මිලදීගෙන අවුරුදු ගණනකට පසුවත් පිපිරීම් ඇති වී ඇතැයි පැමිණිලි ලැබී ඇත.
මෙම දෝෂය සහිත යන්ත්‍රය අධික ලෙස දෙදරීමට ලක් වන බව ද සදහන් වේ
lankadeepa