සැමියන් සෙවීම

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඔන්න ඉතින් ඔය එක එක බඩු වලට වෙන් උන විශේෂ කඩ සාප්පු තියනවනේ ඇස් කණ්නාඩි විකුණන ඒවා , සුරතල් සතුන් විකුණන ඒවා වගේ ජාති.
    ඉතින් ඇමරිකාවේ ඉන්න සිරිපාල මුදලාලිත් තමන්ගේ දැනුම අත්දැකීම් පාවිච්චි කරලා දැම්මලු කඩයක් , හැබැයි මේකේ විකුනන්නේ ස්වාමි පුරුෂයන් , ඕනේ කන්තවකට ඇවිත් තමන් කැමති ජාතියකින් තෝරාගන්න පුළුවන් .
    මේකේ තියනවා තට්ටු 6 ක් , තට්ටුවෙන් තට්ටුවට උඩට යනකොට ගාන වැඩියි , ඒ වගේම පහුකරලා ආපු තට්ටුවකට ආපහු යන්නත් බෑ . මේ කඩේට එන්න පුළුවනුත් එකම එක පාරයි , ඒ කියන්නේ පලවෙනි පාරම හරි කෙනා තෝරාගන්න ඕනේ .

    ඔන්න එක්තරා කාන්තාවක් යනවා මේ කඩේට (කට්ටියට කැමති නමක්දාගන්න පුලුවන් මෙතනට ;) ) .
    පලවෙනි තට්ටුවේ ගහල තියනවා මේකේ ඉන්න පිරිමි ඔක්කොටම රැකියාවල් තියනවා , දැන් මෙයා යනවා දෙවැනි තට්ටුවට එකේ තියනවා මෙයාලා ඔක්කොටම රැකියාවල් තියනවා , ඒ වගේම මෙයාල ළමයින්ට ආදරෙයි.
    ඔන්න මේ කාන්තාව හිතනවා නරකම නෑ , එත් තව ටිකක් ගිහින් බලන්න ඕනේ කියල.

    3 වෙනි තට්ටුවේ තියනවා " මෙයාලට රැකියාවල් තියනවා , ළමයින්ට ආදරෙයි , ඒ වගේම ඉතාමත් කඩවසම් "
    කාන්තාව දැන් සතුටින් පිරිලා , එත් ඉතින් හිත කියනවා තව තට්ටුවක් නැගල බලන්න ඕනේ කියලා .

    4 වෙනි තට්ටුව - පහල තට්ටුවල අයට තියන දේවලට අමතරව මෙයාල ගෙදර වැඩටත් උදව් වෙනවා
    දැන් ඉතින් මෙයා කලපනා කරනවා මීටත් වඩා මොනවද ඕනේ කියලා , එත් ඉතින් ඊළඟ එකත් ට්‍රයි කරලා බලමු කියලා යනවා.

    5 වෙනි තට්ටුව - මෙයාලට රැකියාවල් තියනවා, ළමයින්ට ආදරෙයි , ඉතාම කඩවසම් , ගෙදර වැඩවලටත් උදව් කරනවා , ඒ වගේම ලව් කරනත් හොඳට දක්ෂයි ;)
    කාන්තාව හිතනවා මෙතැනින් නම් කෙනෙක් තෝරාගන්න ඕනේ කියලා , එත් එක්කම හිතනවා ඊලඟ එකේ මොනවද ඇත්තේ කියලා , යනවා අන්තිම තට්ටුවටත්

    6 වෙනි තට්ටුව - මේකේ තියනවා මෙන්න මෙහෙම බෝඩ් එකක් " ඔබ තමයිමෙයට ආපු 31,456,012 වෙනි කාන්තාව , මේ තට්ටුවේ කිසිම පිරිමියෙක් නෑ , මේ තට්ටුව හදල තියන්නේ කාන්තාවන් කිසි දෙකින් සෑහීමට පත් නොවෙන බව ඔප්පු කිරීමටයි , අපේ වෙළඳ සැලට පැමිණියාට ස්තුතියි ! "

    .
    .
    .
    සිරිපාල මුදලාලිට මේකට විරෝදතා ත් ආවා ඉතින් ඔය කාන්තා සංවිදාන වලින් මේකෙන් කාන්තාවන් හැල්ලුවට ලක් කරනවා කියල .
    ඉතින් එකට හරියන්න මෙය දැම්ම තව කඩයක් පාරේ අනිත් පැත්තේ .
    .
    මේකේ විකුනන්නේ බිරින්දෑවරු , මේකෙත් තට්ටු 6 යි අනිත් එකේ තියන නීති ම තමයි මේකෙත් තියන්නේ .

    පලවෙනි තට්ටුව - " මේකේ ඉන්න අය අහවල් වැඩේට කැමතියි "

    2 වෙනි තට්ටුව - " මෙයාල අහවල් වැඩේට කැමතියි , ඒ වගේම සල්ලිත් තියනවා "

    3 වෙනි තට්ටුව - " කලින් අය වගේමයි , හැබැයි මෙයාල බොනවට අකැමැති ත් නෑ "

    4, 5, 6 තට්ටුවලට තාම කව්රුත් ගිහින් නෑ .



    http://www.thelastrow.lk/page/articles.html/_/ආදර්ශමත්-කතා/සැමියන්-සෙවීම-r3988
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ai ee thattu walata gihin nette kawuruwath ? mmm lift eke problem ekakwathda

    meme-face-thinking-internet.jpg
    meme-face-thinking-internet.jpg
    meme-face-thinking-internet.jpg