සැමියා ගෙන්වා දීමට කාම ස‍්‍රත‍්‍රය ජපකළ &#3482

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සැමියා ගෙන්වා දීමට කාම ස‍්‍රත‍්‍රය ජපකළ &#3482

    සැමියා ගෙන්වා දීමට කාම ස‍්‍රත‍්‍රය ජපකළ කපුවා කපෝති


    - දින තුනක් තිස්සේ දෙවියන්ගේ අණට කීකරු වුණත් පළක් වී නෑ

    හැරගිය අය ආපසු ගෙන්වා දීම, දරුඵල නොමැති කාන්තාවන්ට දරු ඵල ලබාදීම, කඩවූ පේ‍්‍රම සම්බන්ධතා නැවත ගොඩනැගීම ආදී සියලූ දේ මන්ත‍්‍ර බලයෙන් සාර්ථකව කරදෙන බව පවසමින් පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීම සහ ඒ මුවාවෙන් කාන්තාවන් ¥ෂණය කරන ලද කපුවෙකු ලබන මස 4වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බද්දේගම වැඩබලන මහෙස්ත‍්‍රාත් ඉන්දුනී විජේසේකර මහත්මිය නියෝග කළාය.

    මෙසේ රිමාන්ඞ් කරනු ලැබුවේ ඔවිලාන ප‍්‍රදේශයේ දේවාලයක් පවත්වා ගෙන ගිය 73 හැවිරිදි තිදරු පියෙකි.

    කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර කපුවා අත් අඩංගුවට ගෙන ඇත.

    හතළිස් දෙහැවිරිදි පැමිණිලිකාර කාන්තාවගේ

    සැමියා මෙයට ටික දිනකට පෙර නිවසින් බැහැරව ගොස් ඇති අතර ඔහු නැවත නිවසට නොපැමිණි නිසා ඇය මහත් අසහනයට පත්ව සිටියදී කරාපිටිය රෝහලට පැමිණ ආපසු යනවිට ඔවිලාන හන්දියේ කඩකාමරයක සවිකර තිබු දැන්වීමක් දැක ඇත.

    හැරගිය අය සති දෙකක් ඇතුළත ආපසු ගෙන්වා දෙන බව එම දැන්වීමේ තිබු නිසා ඇය එහි පැමිණ කපුවාට තම දුක්ගැනවිල්ල පවසා ඇත. එවිට කපුවා පවසා ඇත්තේ ඒ සඳහා දින තුනක් කාම සූත‍්‍රයෙන් පිළිවෙත් කළ යුතු බවය. පිළිවෙත් සඳහා රුපියල් තිස් දහසක් අවශ්‍ය බවත් දින තුනක් ඇඳ සිටි ඇඳුම ද රැුගෙන දැන්වූ විට පැමිණෙන ලෙසත් පවසා තිබේ. එහිදි ඇය තමා සන්තකයේ තිබු රුපියල් දහතුන් දහසක්ද කපුවාට පූජා කර ඇති අතර කපුවා ඇයගේ ජංගම දුරකතන අංකයද ඉල්ලාගෙන ඇත.

    ඉන්දින කිහිපයකට පසුව ඇයට දුර කතනයෙන් කතාකළ සැකකාර කපුවා ඇය ඇඳ සිටි යට ඇඳුම් ඇතුලූ ඇඳුම්ද පොරවන ලද රෙද්දද රැුගෙන සවස හයට පමණ එන ලෙස පවසා ඇත. ඒ අනුව ඇය ඇඳුම්ද රැුගෙන පැමිණි අවස්ථාවේ කපුවා දේවලයේ දොර වසා ඇය ගෙනෙන ලද යට ඇඳුම් ඇඳගෙන ඇඳේ හාන්සි වී කාම සූත‍්‍රය ජප කිරීමට පටන්ගෙන ඇති අතර දෙවියන් වහන්සේගේ අණ පරිදි ඇයද අසලින් වාඩි කරවාගෙන ඇත. ටික වේලාවකදී ඔහු පවසා ඇත්තේ ඇයගේ සැමියා තමාට ආරූඩ වී සිටින බවය. එනිසා දෙවියන්ගේ අණ පරිදි කපුවා කියන ලෙස ඔහු සමග හැසිරීමට ඇයට සිදුව ඇත. සැමියා ගෙන්වා ගැනීමට තිබු අවශ්‍යතාව නිසාම ඇයද දෙවියන්ගේ කැමැත්තට ඉඩදී සියල්ල ඉවසාදරා ගෙන සිට ඇත. මේ අයුරින් දින තුනක්ම දෙවියන්ගේ අණට කීකරු උනත් සැමියා ආපසු නොපැමිණි නිසා ඇය පොලිසියට පැමිණිලි කර ඇත.

    ඒ අනුව ක‍්‍රියාත්මකවු පොලිසිය සැකකාර කපුවා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ සැකකරු ආරූඩවී කාන්තාව බියට පත්කොට ඇයගේ කැමැත්ත ලබාගෙන ¥ෂණය කර ඇති බවය.

    වඳුරඹ පොලිසියේ බුද්ධි නිලධාරින්වන උප පොලිස් පරීක්ෂක අබේරත්න, සැරයන් අමරවර්ධන (52288) යන මහත්වරුන්ගේ

    තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්මන් කුමාර මහතාගේ උපදෙස් පරිදි සැරයන් ප‍්‍රියන්ත (2597), කොස්තාපල් විජේසිංහ (72882) යන මහත්වරුන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

    අහංගම - සුගතපාල දීයගහගේ


    http://divaina.com/daily/index.php/pradeshiya-puwath/35066-2019-10-27-13-09-77
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මේ රටේ එවුන්ට කසාද බදිනකොට හරියටම ගැලපෙන කෙනෙක්ද කියල බලන්න කේන්දර/පොරොන්දම් services තියෙනව.

    වැරදිලාවත් එහෙම බැදපු ගැනියෙක්ගේ මිනිහෙක් ගැණිව දාල ගියොත් මිනිහව අයෙත් ගෙන්නලා දෙන කපු services උනත් තියෙනව.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    හිරේ ගියත් මොකෝ අරෑ දවස් 3ක් ආතල් එක අරන්. මෝඩ ගෑනී ! :rofl:

    Mata hithune gaani dawas thunak arugen athal aran. 13000 apahu ganna aruwa hire dala wage. Kohomada ganige mole?:rolleyes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ අයුරින් දින තුනක්ම දෙවියන්ගේ අණට කීකරු උනත් සැමියා ආපසු නොපැමිණි නිසා ඇය පොලිසියට පැමිණිලි කර ඇත.

    පව් බන්... ඒ මනුස්සයගෙ ලෙන්ගතුකම ස්වාමි භක්තිය එක්කනේද අරූ නිදිවැදලා තියෙන්නෙ..
    වෘශණ කෝෂ දෙක තලන්න තිබ්බෙ අල්ලලා.. හදිසියෙවත් සංසේචනයක් වුනානම් දෙයියෝ කන්න බොන්න දෙයිද... අරූ පිහදාගෙන මාරුවෙයි...
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    එක අතකට ඒ මිනිහා ඒ ගෑනිව දාලා ගියඑකෙත් පුදුම වෙන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: Plusky