සැමියා වෙනුවෙන් තම ඇඟ විකිණූ බිරිය

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    සැමියා වෙනුවෙන් තම ඇඟ විකිණූ බිරිය

    10_95707610846ea714cbf33c167451c77a.jpg


    කැලණිය ආසන්නයේදී පමණ රූමත් තරුණ කාන්තාවක් මගේ රථයට අත අල්ලා නැග ගත්තාය. සාස්තර කියනු ලබන එක්තරා ස්ථානයක් පිළිබඳව සඳහන් කළ ඇය එතැනින් තමා බස්සවන ලෙස ද මගෙන් ඉල්ලා සිටියාය.

    මේ කාන්තාව දෑසේ කඳුළු පුරවාගෙන හිඳින අන්දම මට රථයේ කණ්ණාඩියෙන් පෙනිණ. සාමාන්‍යයෙන් කෙනකු සාස්තරයක් ඇසීම වැනි දෙයකට පෙළඹෙන්නේ අසරණ වූ විටය. ඒ අනුව ඇයත් කිනම් හෝ ගැටලුවකින් පෙළෙන බව නිසැකය.

    නමුත් කෙනෙකුගේ පෞද්ගලික ප්‍රශ්න ගැන විමසන්නට අයිතියක් නැති නිසා මම නිහඬව ගමන් කළෙමි. ‘අයියෙ’ හිටිහැටියේම මේ කාන්තාව මට කතා කළ නිසා මම ත්‍රිරෝද රථයේ කණ්ණාඩියෙන් ඇය දෙස බැලුවෙමි. ‘මං ගොඩක් අසරණ වෙලා අයියෙ. මගෙ මහත්තයා
    රිමාන්ඩ් කරලා.

    එයාට මේ දවස්වල ගොඩක් අපලයි කියලා මෙතනින් සාස්තරයක් ඇහුවම කිව්වා. ඒකට ගොඩක් වැඩ කරන්න තියනවා. රුපියල් දහදාහක් විතර යනවා. මට මගෙ මනුස්සයව කොහොම හරි නිදහස් කරගන්න ඕනෙ’ කියමින් ඇය හඬා වැටෙන්නට වූවාය.

    ඇය මේ කතාව මා සමග කීමෙහි අරමුණ වූයේ ඇගේ සිතේ දුක නිවා ගෙන සිත සැහැල්ලු කර ගැනීමද, නැතහොත් මගෙන් උපකාරයක් ඉල්ලා සිටීමද යන්න මට පැහැදිලි වූයේ නැත.

    “දැන් මිස් යන්නෙ මහත්තයව නිදහස් කරගන්න ගුරුකම් අතේ වැඩක් කර ගන්නද”? කිසිවක් පැහැදිලි නොවූ බැවින් මම ඇසුවෙමි. “ඔව්, ඒත් අයියා විශ්වාස කරන්න මට ඒව කරගන්න සල්ලි නෑ. මං මේ සල්ලිත් නැතුව පාරට බැස්ස ගමනක්”

    ඇය එසේ කියන විට මගේ සිතට දැනුණේ ලොකු කුකුසකි. මුදල් නැති නම් ඇය මගේ ත්‍රිරෝද රථයට අත අල්ලා නැග ගත්තේ ඇයි ? නමුත් ඒ ගැන විමසන්නට ඉක්මන් නොවී මම ඇගේ කතාව අසා සිටියෙමි. “ඇත්තම කියන්නම් අයියෙ.

    අපේ ගෙදර මේ වෙලාවෙ ඉන්නෙ මගෙ අම්මයි පුතයි විතරයි. පුතාත් පුංචියි අවුරුදු තුනයි වයස. මට ගුරුකම් කරනව තියා ඒ දෙන්නට දවල්ට කන්න බත් පැකට් එකක් ගෙනියන්න තරමටවත් මුදලක් නෑ”. එවර ඇය කියද්දී මට නිහඬව සිටීමට නොහැකි විය.

    “එහෙම නම් ඇයි ඉතින් මිස් මගෙ ත්‍රීවීල් එකට අත ඇල්ලුවෙ ? ඔය කියන විදිහට මිස්ට මගෙ හයර් එක දෙන්නවත් විදිහක් නැතුව ඇතිනේ”.
    මා එසේ කී විට ඇය මඳක් නිහඬව හිඳ ඉන්පසු කඳුළු වගුරවන්නට පටන් ගත්තාය.

    මේ ගමන මා ප්‍රතික්‍ෂේප කළ යුතු ද නැතහොත් පින් තකා ඇය අදාළ තැනින් බැස්සවිය යුතුද යන්න මම සිතමින් සිටියෙමි. “අයියා කියන කතාව ඇත්ත. දහඅතේ කල්පනා කරල කරලා කරන්නම දෙයක් නැති තැනයි අයියෙ මං මේ විදිහට පාරට බැස්සෙ.

    මේක මං හීනෙකින්වත් කරන්න හිතපු දෙයක් නෙමේ. මගෙ අසරණ කමටමයි මං මේ විදිහට කියන්නෙ. අයියා කියන ඕනෑම දේකට මං කැමැති වෙන්නම්. මට සල්ලි ටිකක් හොයා ගන්න ඕනෙ”.

    ඇය තතනමින් කියද්දී මම අන්දමන්ද වූයෙමි.
    “මට නම් ඔය වෙනුවෙන් කරන්න දෙයක් නෑ මිස්”
    මම ඇගේ සිත නොරිදෙන අන්දමින් කියා සිටියෙමි.

    එහෙම කියන්න එපා අයියා. මට මේ අසරණ කමෙන් ගොඩ එන්න උදව් කරන්න. මගෙ මනුස්සයට හීනෙකින්වත් ද්‍රෝහි වෙලා තියන ගෑනියක් නෙවේ මම. ඒ මනුස්සයා රිමාන්ඩ් කරල තියෙන්නෙ නොකරපු වරදකට.

    ඒක මං සහසුද්දෙන්ම දන්නවා එයා නිර්දෝෂයි කියලා. එයාට තියන අපලවලින් බේර ගන්න රුපියල් දහදාහක් විතර යයි. ඒත් රුපියල් දහදාහ කියන්නෙ මට හීනයක්.

    ඒකයි අයියා මං අන්තිමට හිතුවෙ වෙන ඕනෙම දේකට මුහුණ දෙන්නම් කියලා මෙහෙම දෙයක් හරි කරන්න අයියා මට උදව් කරන්න. අපි කාටවත් නොදැනී මේ සම්බන්ධ තියා ගනිමු. මට මේ වළෙන් ගොඩ එන්න උදව් කළොත් ඒක ලොකු පිනක්”. ඇය පින්සෙන්ඩු වූවාය.

    “මිස් කරන්න හදන්නෙ වළෙන් ගොඩඑන්න කියලා ගැඹුරු ප්‍රපාතෙකට පනින්න හදනවා වගේ වැඩක්. ඔය වගේ ප්‍රපාතෙකට වැටෙන්නෙ නැතුව මිස්ට මේ වළෙන් ගොඩඑන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද ? අඩුතරමින් සහෝදරයෙක් නෑදෑයෙක්වත් ....?”

    “මං අයියට කිව්වනේ. කිසිම ක්‍රමයක් නැති තැනයි මං මේ තීරණය ගත්තෙ. අයියා මාත් එක්ක සම්බන්ධයක් ඇති කර ගන්න කැමති නැත්නම් වෙන කෙනකුට හරි මාව හඳුන්වලා දෙන්න”

    නමුත් එවැනි පාපකර්මයකට මැදිහත් වීමට මම කිසිසේත් කැමති නොවීමි. මේ වන විට ඇය බැසිය යුතු ස්ථානයද ආසන්න වී පැවැතියේය. මම ඊට යාර කිහිපයක් මෙහාට වන්නට ත්‍රිරෝද රථය නතර කළෙමි.
    “මිස් ඔය කරගන්න හදන විනාශයට හවුල් වෙලා ගෙවන්න බැරි පාපයක් කර ගන්න මට බෑ. මම එක උදව්වක් කරන්නම්.

    ගෙදර බඩගින්නෙ ඉන්න අම්මටයි දරුවටයි කෑම ගෙනියන්න මුදලක් මම දෙන්නම්. ඒක අරන් දැන් මිස් බැහැල ගෙදර යන්න. මට හයර් එක නැතුවට කමක් නෑ. හොඳට කල්පනා කරලා බලලා මොකක් හරි රස්සාවක්වත් හොයා ගන්න. අර වගේ දෙයක් කරනවට වඩා ඒක නම්බුයි මිස්”.

    එසේ කී මම ඇයට රුපියල් සීයේ නෝට්ටු තුනක් දිගු කළෙමි. “බොහොම ස්තුතියි“ යනුවෙන් කියන්නටවත් නොපෙළඹුණු ඇය එම නෝට්ටු තුන රැගෙන රූරා වැටෙන කඳුළු අතරින් ත්‍රිරෝද රථයෙන් බැස ආපස්සට යන්නට ගියාය. ඉන්පසු නැවත කිසි දිනෙක මට ඇය හමු වූයේ නැත.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය වගේ නොවුනත් ඔයිට සමාන සීන් එකක් වුණා මටයි මගේ යාලුවො සෙට් එකකටයි.. හැබැයි අපි ඒ අක්කව නම් බේරගත්තා..:yes: ඒ සිද්ධිය මතක් වෙනකොට දැනට වුණත් ලොකු සතුටක් දැනෙනවා..:love:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔය වගේ නොවුනත් ඔයිට සමාන සීන් එකක් වුණා මටයි මගේ යාලුවො සෙට් එකකටයි.. හැබැයි අපි ඒ අක්කව නම් බේරගත්තා..:yes: ඒ සිද්ධිය මතක් වෙනකොට දැනට වුණත් ලොකු සතුටක් දැනෙනවා..:love:
    හීනෙකින්වත් කරන්න හිතපු දෙයක් නෙමේ.
     
    ඔහොම ගැනු අනන්තවත් ඉන්නවා බන්.. අලුත්ම වේස කමේ යන සිස්ටම් එක අපි හීනෙන්වත් නොහිතන ක්‍රමේට... ඔය ගැනි උබේ කරේ එල්ලුනානම් ආයේ සොරි තමා, අන්තිම රුපියලට උබව බස්සනවා ගෙදර ගැනිට කියනවා කියලා.. මට මීට අවුරුදු දෙකකට විතර කලින් මාදම්පේ දී ඔය වගේ සීන් එකක් උනා, රැ වැන් එකේ එනකොට ගැනියෙක් පාරේ වැටිලා හිටියා දරුවෙකුට් එක්ක, මම වාහනේ නවත්තලා එ ගැනිව හොස්පිට්ල් දැම්මා පාරේ වැටිලා හිටියා කියලා, හොද වෙලාවට මම ඒ ගමන ආවේ තවත් වාහන තුනක් එක්ක. මේ ගැනි ඒ සිද්දියක් දැනන් හිටියේ නැ.. ඉස්පිරිතාලේදි මේකි පොලිසියට ගත් කටටම කිවා මගේ වාහනේට හැප්පුනා කියලා.. අර අනිත් වාහන දෙකේ උන් නැති වෙන්න මට සුපිරි සුවිප් එකක් ඇදෙන්නේ..
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වළෙන් ගොඩඑන්න කියලා ගැඹුරු ප්‍රපාතෙකට පනින්න හදනවා,ඔය වගේ ප්‍රපාතෙකට වැටෙන්නෙ නැතුව මේ වළෙන් ගොඩඑන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද ? :rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වළෙන් ගොඩඑන්න කියලා ගැඹුරු ප්‍රපාතෙකට පනින්න හදනවා,ඔය වගේ ප්‍රපාතෙකට වැටෙන්නෙ නැතුව මේ වළෙන් ගොඩඑන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද ? :rofl::rofl:
    ඉතිං මහත්තයො අද මේ දානෙ බාරගෙන තියෙනවනේ මේ බෝඩ් එකේ..
    ඇයි එහෙම නවනිංගිරා වැඩ කරන්නෙ..? කුජීතයි නේද..?
    ආ උපාසක මහත්තයො..? කුජීතයි නේද එහෙම වැඩ කරන එක..:frown:


    :D
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    විශ්වාස කරන්න අමාරුයි. ගෑණූ හැම එකටම අඩනවා. අඩලා රවට්ටනවා මිනිස්සුන්ව මේකට වැඩියෙන්ම අහුවෙන්නේ පිරිමින් තමයි. ගෑනු මායම් වලින් බේරෙන්න හර්කියුලිස්ටත් අමරු වුනා කියලා මතක තියාගන්න.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    විශ්වාස කරන්න අමාරුයි. ගෑණූ හැම එකටම අඩනවා. අඩලා රවට්ටනවා මිනිස්සුන්ව මේකට වැඩියෙන්ම අහුවෙන්නේ පිරිමින් තමයි. ගෑනු මායම් වලින් බේරෙන්න හර්කියුලිස්ටත් අමරු වුනා කියලා මතක තියාගන්න.
    :yes::yes::yes:
    දානෙ බාර අරගෙන නිකන් පුක දෙන වැඩ කරන්න එපා..:angry: