සැල්දිරි_යුෂ වල මාහැඟි බලය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සැල්දිරි_යුෂ වල මාහැඟි බලය

    සැල්දිරි යුෂ ඉතා ගුණදායකය.එය බෙහෙවින් ජලය අඩංගු පානයකි.ශරීරයේ අසමතුලිත රසායන තත්වයන් තුළනය කිරීමට ඊට ඇත්තේ අසමසම හැකියාවකි.ඈත අතීතයේදී සැල්දිරි වැඩිමත් වශයෙන් භාවිත වූයේ ලෙඩරෝග වලට ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙසිනි.සැල්දිරි කොළ වල විටමින් ඒ බහුලය.එමෙන්ම විටමින් බී 1,බී2,බී6, සහ විටමින් සී ද පොටෑසියම්,ෆෝලික් අම්ලය,කැල්සියම්, මැග්නීසියම්, යකඩ, පොස්පරස්, සෝඩියම් සහ අත්යවශ්ය ඇමයිනෝ අම්ල වලින්ද එය පරිපූර්ණය.
    Celery.jpg

    මේ සුපිරි ඔසුව ශාක හෝමෝන සහ තෛලෝදක වලින්ද පිරිපුන්ය.සැල්දිරිවලට ආවේනික සුවඳ ලැබෙන්නේ එහි අඩංගු තෛලෝදක හේතුවෙනි.එම තෛලෝදක ස්නායු පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට හේතුකාරක වන අතර ශරීරය සමනය කිරීමේ ගුණයෙන්ද යුක්තය. සැල්දිරි වල සෝඩියම් අඩංගුය.එම සෝඩියම් සාමාන්‍ය මේස ලුණු වලින් සපුරා වෙනස්ය. සාමාන්‍ය මේස ලුණු වල ජලයේ ද්‍රාවනය නොවන අකාබනික සංඝටක අඩංගු වී ඇති අතර ඒවා රුධිර නාල වල තැන්පත් වීමෙන් අවහිරතා ඇතිවේ.අපි දිනපතා පරිභෝජනයට ගන්නා ලුණු සුදු පැහැයෙන් යුක්ත වන්නේ ඒවා “සකස් කළ” තත්වයෙන් පැවතීම නිසාය.මෙම ක්‍රියාවලියේදී සාමාන්‍ය ලුණු වල අන්තර්ගත ලවණ හා පෝෂණ කොටස් විනාශ වී යන්නේය.

    සැල්දිරි වල අඩංගු සෝඩියම් ලවණ, ජලයේ දිය වන අතර ඒවා ශරීරයට අත්‍යවශ්‍ය කාබනික ලවණ වේ. ශරීරය විසින් ලබා ගන්නා අනෙක් පෝෂණ සංඝටක ශරීරයට අවශෝෂණය කර ගැනීමේ පහසුව සලසා දෙන්නේ මෙම “අකාබනික ලවණ” විසිනි.මිනිස් සිරුරේ සියළු සෛල නිරතුරුවම ලවණ ද්‍රාවනයකින් නැහැවෙමින් පවතී.යම් හෙයකින් මෙම ලවණ මට්ටම් අසංතුලිත වුව හොත් එය “විජලනයට” මග පාදනු ඇත. එවැනි තත්වයන් මඟ හරවා ලීමට ජලය වැඩිවශයෙන් අඩංගු ශාකමය යුෂයක් වන සැල්දිරි වලට හැකියාව තිබේ.වෙහෙසකර පුහුණුවල නිරත වන ක්‍රීඩකයන්ගේ සිරුරු විජලනයෙන් ආරක්ෂා කර ගැනීමට සැල්දිරි යුෂ මාහැඟි ඔසුවකි.

    සැල්දිරි යුෂ වල අනෙකුත් ගුණ

    පිළිකාවට එරෙහි සටන – පිළිකාවට එරෙහිව සටන් වදින රසායනික සංයෝග අටකට ආසන්න ප්‍රමාණයක් සැල්දිරි යුෂ වල අන්තර්ගතය.ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි හි විශ්ව විද්‍යාලයක් මඟින් මෑතකදී කරන ලද පර්යේෂණයකින් අනාවරණය වූයේ සැල්දිරි යුෂ වල අඩංගු සංඝටක වලට පිලිකා සෛල ගුණනය වීම වැලැක්වීමේ හැකියාව පවතින බවය.එහි අඩංගු ෆෝනලික් අම්ල මඟින් පිළිකා ගැටිති වර්ධනය වීමේ අවදානම අවම කරයි.උදර පිළිකාවන්ට හේතුකාරක වන තත්වයන් මඟහරවා ලීමට ද පිළිකා සෛල විනාශ කර ලීමටද සැල්දිරි යුෂ වල අන්තර්ගත රසායනික සංයෝග වලට හැකියාව පවතින බව දැන් ඔප්පු වී හමාරය.

    රුධිර ගත කොලෙටරෝල් ප්‍රමාණය අවමකිරීම – රුධිරගත අහිතකර LDL කොලෙස්ටරෝල් සංයෝග අවම කරලීමට සැල්දිරි යුෂ වල පවතින බියුටිල් පැතලයිඩ් නම් රසායනිකයට හැකියාව පවතින බව පර්යේෂණ වලින් අනාවරණය කර ගෙන ඇත.සැල්දිරි යුෂවල පවතින බිලී අම්ල වලට රුධිරගත කොලෙස්ටරෝල් ශරීරයෙන් සහමුලින්ම ඉවත්කර දැමීමේ හැකියාව පවතී.

    ආහාර දිරවීමේ පහසුකාරකයක් වීම – සැල්දිරි යුෂ වල අඩංගු විශේෂ සංඝටක විසින් ආහාරයේ පෝෂණ කොටස් ශරීරයට උරා ගැනීම පහසු කරවයි.එමඟින් ශරීරයේ ස්නායු ලිහිල් වීමක්ද සිදුවේ.

    මෞත්‍රවර්ධනයට – සැල්දිරි යුෂ වල අන්තර්ගත පොටෑසියම් සහ සෝඩියම්, අනවශ්ය ජලය තරළ කොටස් ශරීරයෙන් බැහැර කිරීමට හේතුකාරක වේ.

    ශරීරය සිහිල් කිරීම – සැල්දිරි වල අන්තර්ගත පොලිඈසිටලීන් නිධන්ගත රක්තවාදය, ඇදුම, ආතරයිටීස්, ඔස්ටියෝ ආතරයිටීස් වැනි ලෙඩරෝග රැසකට නිවාරණය ලබාදෙයි.මෙම ලෙඩ රෝග වලට මූලය වන්නේ ශරීරයේ තුන්දොස් කිපුමය.

    ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික විද්‍යා ඇකඩමිය මඟින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ වාර්තාවක දැක්වෙන්නේ, සැල්දිරි වල ලියුටියොලින් නම් රසායනිකයක් අන්තර්ගත බවත් ශරීරයේ තුන්දොස් කිපුම නිසා මොළයටවන බලපෑම වලකා ලීමට එය ක්‍රියාකරන බවත්ය. ශරීරය මෙවන් තත්වයකට පත්කරවන TNF- alpha නම් රසායනිකයේ අමතර නිෂ්පාදනය වීම ඇහිරීමටත් ලියුටියොලින් ක්රියා කරනු ලබයි.

    සැල්දිරි ආහාරයට ගත හැකි හොඳම ක්‍රමය ” යුෂ” ලෙස එය ශරීරයට එක්කර ගැනීමය.මෙවන් ලෙඩ රෝග නිසා පීඩා විඳින රෝගීන්ට අපහසුවකින් තොරව පානය කළ හැකි ඉමිහිරි පානයක් ලෙස එය සැලකේ.

    අධි රුධිර පීඩන තත්වයන්ට – අධිරුධිර පීඩන තත්වයන් සමනය කරලීමට සැල්දිරි වලට ඇති හැකියාව පුදුම සහගතය. ඈත අතීතයේ පටන් චීන වෙදැදුරන් මේ පිළිබඳ දැනුවත්ව සිටියේය.සැල්දිරි යුෂ කෝප්පයක් සතියක් පුරා දිනපතා බීමට ගැනීමෙන් අධිරුධිර පීඩන තත්වයන් මඟහැරෙන බව ප්‍රත්‍යක්ෂ කොට දක්වා ඇත.සැල්දිරිවල අන්තර්ගත රසායනික සංඝටක මඟින් හදවතේ මාංශ පේශි ඉහිල් කර රුධිර නාල විස්තාරණය කර හදවතට මනා රුධිර සැපයුමක් ලබා දීමට කටයුතු කරනු ලබයි.වරක් පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සැල්දිරි වලින් උකහා ගන්නා ලද පැතලයිඩ් නම් රසායනිකය සතුන්ට එන්නත් කරන ලදී.පසුව පරීක්ෂාකිරීමේ දී අනාවරණය කර ගත්තේ එම සතුන්ගේ අධි රුධිර තත්වයන් සියයට 14 කින් පහල වැටුනු බවකි.

    නින්ද අඩු කමට පිළියමක් ලෙස – සැල්දිරි වල අඩංගු ලවණ සහ තෛලෝදක මඟින් ශරීරය සිහිල් කරමින් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඉහිල් කරනු ලබයි.සැල්දිරි යුෂය ස්වභාවයෙන්ම මැග්නීසියම් ආකරයකි. එමඟින් ශරීරය ඉහිල් කිරීමටත් පහසුවෙන් සුව නින්දකට පිවිසීමටත් ඉඩ හසර සලසනු ලබයි.

    ශරීරයේ බර අඩුකර ගැනීමට – සැල්දිරි යුෂ දිනපතා පානය කිරීමෙන් පැණිරස කෑම ආහාරයට ගැනීමට ඇති ප්රබල රුචිය ස්වභාවිකවම පාලනය වේ.

    මෞත්‍රාශයේ ගල් ඇති වී වැළැක්වීමට – මෞත්‍රාශයේ සහ අග්න්‍යාශයේ ගල් ඇතිවීම වැලැක්වීමට සැල්දිරි යුෂ වලට හැකියාවක් පවතී.සිරුර තුළ එක් රැස්වන අහිතකර රසායනිකයන් ඉවත් කිරීමටත්, ඒවා ස්ඵටික තත්වයට පත්වීම වැළැක්වීමටත් ඊට හැකිය.

    ලිංගික ක්‍රියාකාරකම් වර්ධනයට – ලිංගික බෙලහීනතාව මඟහරවා ලීමටද සැල්දිරි යුෂය ඔසුවක් වේ.එහි විශේෂත්වය වන්නේ ශරීරගත අවයව සහ පද්ධති වල ක්‍රියාකාරීත්වය ඉහළ පහළ දමනු වෙනුවට, එම කටයුතු මනාව පාලනය කිරීමට සැල්දිරි යුෂය මහෝපකාරී වීමයි.

    එය මිශ්‍ර පළතුරු පානයක් ලෙස කැරට්, ඇපල්, කැකිරි සමඟ මුසු කොට බීමට ගැනීම සැබවින්ම රසවත්ය.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    බෙදාගත්තට ස්තූතියි මචං
    You must spread some Reputation around before giving it to hirashgeff again.