සැලුන්_එකේ_අක්කා_වෙත

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    සැලුන්_එකේ_අක්කා_වෙත

    සැලුන් එකේ අක්කා වෙත,
    ශර්මි අක්කේ දැන් තමයි වෙඩින් එක ඉවර වෙලා ගෙදර ආවේ, 💃💃💃
    .
    .
    .
    අද මම වෙඩින් එකට ගියාම අපේ අම්මයි තාත්තයි කතා කලෙත් නෑ..🙋🙆🙆🙆
    දැක්කාම අහක බලාගෙන ගියා,
    සමහරවිට එයාලා බය ඇති මම ලස්සන වැඩි හින්දා කොල්ලෝ පස්සෙන් එයි කියලා, එක්කෝ අඳුරා ගන්ඩ බැරි වුණාවත්ද??? 🤔🤔🤔
    .
    .
    අක්කියෝ ඔයාට දකුණු අතේ වැලමිට හරියේ ෆවුන්ඩේශන් එක ගාන්ඩ අමතක වෙලා,
    මම ඉතින් ඒ ටික සාරි පොටෙන් ඔතාගෙන වහගෙන හිටියේ...
    .
    .

    පොඩ්ඩක් අයි බ්‍රෝ එක දියවෙලා වගේ දැනුන හින්දා මම බාතෲම් එකට ගිහින් බැලුවාම මගේ වම් ඇහැ උදේ ඔයා ගාවට එනකොට තිබුනු තැනටම ඇවිත්👽👽👽,
    මම හිතන්නේ සෙල්ෆියක් ගන්ඩ එලියට ගියා ඒක හින්දා වෙන්ඩ ඇති අයි බ්‍රෝ දියවෙන්ඩ ඇත්තේ...💆💇💆
    ඒකනම් කමක් නෑ..
    මම සෑහෙන වෙලාවක් අල්ලාගෙන හිටියානේ... 👸👸👸
    .
    .
    .

    අක්කේ ඔයා කියන්නේ අද තිබුන කෑම ටිකනම් පන්කාදුයි, 🍔🍞🍟🍲🍗🍰🎂🍧
    ඒත් ඉතින් මට කන්ඩ හදනකොටම වෙලාවට ලිප්ස්ටික් මතක් වුණා, 💋💋💄💄💄
    මම ඉතින් පපඩම් 5ක්ම කෑවා...
    චිකන් ඩෙවල් එකේ සුවඳට ඇත්තටම තව කන්ඩ තිබුණා..🍗🍗🍖🍖
    ඒත් මම සෙල්ෆි කැම් එකෙන් බලද්දී ඉස්සරහා වම් රදනක දතේ ලිස්ප්ටික් ගෑවිලා තිබුණ හින්දා කන එක නැවැත්තුවා,💁💁🙇
    අක්කට කියන්ඩ අක්කියෝ ඊට පස්සේ වෝටර් බොන්ඩ ගියා,
    ඒත් ලිප්ස්ටික් ටික යන හින්දා මම පැත්තකට ගිහින් කට උඩට කරලා, ලොකුවට කට ඇරලා වතුර වීදුරුවෙන් වක්කරගත්තා...🚶🚶🚶
    ඇත්තටම ඒක හොඳ ක්‍රමයක්,
    මොකද ආට්ෆ්ටර් ලන්ච් හැමෝම කට ගහන වීදුරුනේ අක්කියෝ...ඊක්කා...🙏🙏🙏
    .
    .
    .
    අක්කිට කියන්ඩ බැරිවුණා අක්කී ඔයා මේක් අප් එක දාලා ඉවරවෙද්දී මම මිරර් එකෙන් බැලුවානේ...මම හිතුවේ එතන වෙන කෙනෙක්ගේ ෆොටෝ එකක් කියලා, පස්සේ ඔලුව වනලා, දිව දික් කරලා එහෙම තමයි ඒ මම කියලා අඳුරා ගත්තේ...🙋🙆🙅
    .
    .
    .
    ඉතිනක් අක්කියෝ කොහොම හරි අපේ එහා ගෙදර ඇන්ටිගේ පුතා ඇවිත් එයාගේ ෆෝන් නම්බර් එක මට දුන්නා,මම ඒත් ඇහුවා "මොකෝ අන්ජන අයියේ මේ මම කවුශි" කියලා, මු දිව්වා දිවිල්ලක් පස්සේ වෙඩින් එක පුරාවටම මම දැක්කේ නෑ, උදේ හවස දකින අන්ජන අයියා ඇයි මට ෆෝන් නම්බර් එක දුන්නේ කියලා මම තාමත් කල්පනා කරනවා...
    .
    .
    .
    අනේ අක්කියෝ අද කාපු පපඩම් 5ට කිලෝ 3ක් විතර මගේ බර වැඩි වෙලා...
    මේක් අප් තට්ටුව ඕනේනම් කිලෝ එකක් බර ඇතිනේ...
    අර ඔයා ගත්තු රෝස් පවුඩර් එකේ ඩප්පි දෙකයිනේ ඉවර කලෙත්...👰👰👰
    .
    .
    මම ගෙදරට ගොඩ වෙද්දී
    "කාවද හම්බෙන්ඩ ඕනේ දුව" කියලා ආච්චී ඇහුවා..
    මම කීවා "කාවවත් හම්බෙන්ඩ ඕනේ නෑ ආච්චියේ " කියලා...
    ඊට පස්සේ ආච්චිට ටිකක් අසනීප වුණා වගේ...💀💀💀
    ඒකනම් කමක් නෑ...😷😷😷
    .
    .
    .
    ඒත් මම මේ කල්පනා කලේ මේවා කොච්චර හේදුවත් යන්නේ නෑනේ...
    මම ලක්ස් දාලා හේදුවා ගියේ නෑ,
    ෆේශ් වොශ් දැම්මා,
    සන්ලයිට් දැම්මා,
    අන්තිමට විම් දාලත් හේදුවා,
    ඒත් හරියට ගිහින් නෑ අක්කියෝ,
    අර ඔයා ලිප්ස් වටේට ඇන්ද ලයින් එක ඇද වෙලා දැන් මම නිකන් බැලුවත් කට ඇද කරගෙන ඉන්නවා වගේ...🤕🤒🤕🤒

    ඉන්නකෝ අපේ අයියා ගෙනාපු පැට්‍රල් වගයක් තියෙනවා දාලා බලන්නම්... 🔥🔥🔥🔥

    මීට කෞශි නන්ගි

    -තාරු රාජපක්ශ-