බොහෝ දෙනෙක් මේ අදහසට විරුද්ධව නොයෙක් පැතිවලින් සිතා පිළිතුරු ලියා තිබෙනවා.
ඒ වගේම යතාර්ථය තේරුම් ගෙන පක්ෂවත් කීප දෙනෙක් අදහස් දැක්වීම කරලා තියෙනවා.
ඕනෑම දෙයක හොඳ හා නරක තියෙනවා. මේ තීරණය ගන්න ප්‍රධාන හේතුව පරිසර දුෂණයයි. තිත්ත වුනත් ඇත්ත ඒකයි.
ප්ලාස්ටික්, පොලිතීන් අධික භාවිතය රටට ලොකු බරක්. අනාගතයේ විශාල ප්‍රශ්නවලට හේතුවක්. මිට වසර 15 පෙර නොතිබූ කසල කළමනාකරණය රටේ අස්සක් මුල්ලක් නෑරම ලොකු ගැටලුවක් වෙලා.
සැෂේ පැකට් නැතිවීම දුප්පත් මිනිසාට ප්‍රශ්නයක් වුවත්, එය නිසි ලෙස බැහැර කරනවානම් ප්රශ්නය අවම වෙනවා. එහෙම කරන්න කවුරුත් හිතන්නේ නෑ. ඒ වගේම සැෂේ පැකට් නැති කාලේ ඔය දේවල් මිනිස්සු පරිභෝජනය කරේ නැද්ද ? දුප්පත් යැයි හංවඩු ගසා තියෙන බොහෝ දෙනෙක් අපිට වඩා මාසික ආදායමක් ලබනවා. එහෙත් ඔවුන්ගේ කළමනාකරණයේ ගැටලුවක් පවතිනවා. ඔවුන්ගේ මාසික ආදායමෙන් වැඩි ප්‍රමාණයක් වැය වෙන්නේ අනවශ්‍ය වියදම් සඳහායි.
ඒ වගේම සැෂේ පැකට් හරහා සැඟවුණු ආදායමක් භාණ්ඩ නිෂ්පාදිතයන් ලබනවා. එය ගැන කිසිවෙක් හිතන්නේ නෑ.
ඔක්සිජන් කන්නද ඇසූ රටක මෙවැනි දේ තේරුම් නොගන්න පිරිස් ඉන්න එක පුදුමයට කරුණක් විය නොහැකිය.
අප ජිවත්වන රට හා පරිසරය රැක ගැනීම සියල්ලටම වඩා ප්‍රධාන තැනකට ගෙන වැඩ කරමු. එසේ නොවුනොත් අපේ අනාගත පරම්පරාවන් අපේ වලටත් හෙණ ඉල්ලාවි.